Tag: කොවිඩ් එන්නත

එන්නත ලබාගත් සෞඛ්‍ය සේවිකාවකටත් කොරෝනා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

එන්නත ලබාගත් සෞඛ්‍ය සේවිකාවකටත් කොරෝනා

කොවිඩ් එන්නත ලබාගත් ගනේමුල්ල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි. මෙම කාන්තාවට කොවිඩ් එන්නත ලබාගෙන සති දෙකක් ඇතුළතදී මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මේවන විට ඇය ප්‍රතිකාර සඳහා පල්ලේකැලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ එන්නත ලබාගෙන ඇති පුද්ගලයන්ට ශරීරයේ ප්‍රතිදේහ වර්ධනය වීමට සති හතරක කාලයක් ගත වන බව වෛද්‍ය පර්‌යේෂකයන් සහ විශේෂඥයන් තහවුරු කර ඇති බවයි. එම නිසා එන්නත ලබාගත්තද එම සති හතරක කාලයේ කොවිඩ් ආසාදනය විය හැකිය. එමෙන්ම එන්නත ලබා ගත්තද වයිරසයෙන් ආරක්ෂා වීමේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය. වරුණි පෙරමුණ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් කොවිඩ් එන්නත
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් කොවිඩ් එන්නත

ඉන්දීය කොවිඩ් එන්නත මේ මාසය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙනු ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. මේ සම්බන්ධනයෙන් කතානායකවරයා සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලීමක් කර ඇති බව ද ඔහු කියා සිටියා. එමෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ද කොවිඩ් එන්නත ලබා දීමට නියමිතව තිඛෙනවා. මෙම මස මැද භාගයේදී ඉන්දියාවෙන්  කොවිෂීල්ඩ් එන්නත් තවත් ලක්ෂ අටක ප්‍රමාණයක් ලැබීමට නියමිත බව දැනුම්දී ඇති බවත් එම එන්නත් ලැබුණු පසු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට එන්නත ලබා දෙනු ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.  ...