Tag: ගංජා

ගංජා දියරයක් ලෙස සකසා අලෙවි කරලා / බෝතල් 6ක් පැලවත්තේදී අල්ලයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ගංජා දියරයක් ලෙස සකසා අලෙවි කරලා / බෝතල් 6ක් පැලවත්තේදී අල්ලයි

ගංජා මත්ද්‍රව්‍ය දියරයක් ලෙස සකස් කර තිබූ බෝතල් 6ක් තලංගම, පැලවත්ත ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම බෝතල් තුල ගංජා ග්‍රැම් 609 ක් ද්‍රාවණයක් ලෙස සකස් කර පැවති බවයි. එය රුපියල් ලක්ෂ 25 ක වටිනාකමකට අලෙවි කිරීමටයි තැත් කර ඇත්තේ. හෑෂ් ඔයිල් නමින් මෙම මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති අතර එවන් මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු වෙතොත් 118,119 හා 1997 යන ක්ෂණික දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.   විශේෂ - මත්ද්‍රව්‍ය ඔබ දුර්වල කරයි. ශාරීරිකව හා මානසිකව ඔබ අඩපණ කරයි. ඔබ ඉක්මන් මරණයකට යොමුකරන මත්ද්‍රව්‍යයෙන් තොරවීම ,නිරෝගී ජීවිතයක් හිමිකර දෙනු ඇත. - LankaAnews ...