Tag: ගම්පහ

කොළඹ , ගම්පහ , කළුතර පාසල් විවෘත කෙරෙන්නේ මෙහෙමයි – Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොළඹ , ගම්පහ , කළුතර පාසල් විවෘත කෙරෙන්නේ මෙහෙමයි – Audio

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 590න් පාසල් 589ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 446න් පාසල් 442ක් පෙබරවාරි 15 වන දින යළි ඇරඹීමට නිර්දේශ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සම්බන්ධ තීරණය මේ සතියේ ප්‍රකාශයට පත් කරන බවයි.
ගතවූ තුල පැය 24 වැඩිම ආසාදිතයන් කොළඹින්(480)/ ගම්පහෙන් 86 ක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ගතවූ තුල පැය 24 වැඩිම ආසාදිතයන් කොළඹින්(480)/ ගම්පහෙන් 86 ක්

ගතවූ පැය 24 තුල කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා. එම සංඛ්‍යාව 480 ක්. නාරාහේන්පිට, ගල්කිස්ස හා වැල්ලම්පිටිය ප්‍රදේශවලින් ආසාදිතයන් 29 බැගින් වාර්තාවන අතර කොම්පඤ්ඤවීදීය, වැල්ලවත්ත, කුරුදුවත්ත, හා මරදාන ප්‍රදේශවලින් ද ආසාදිතයන් 20 ඉක්මවා වාර්තා වුණා. මොරටුවේ ආසාදිතයන් වර්ධනය වීමක් දැකගත හැකි අතර එම සංඛ්‍යාව 18 ක්. ගතවූ දින කිහිපය පුරා එම ප්‍රදේශයේ ආසාදිතයන්ගේ ක්‍රමික වර්ධනයක් දැකගත හැකි වුණා. ගතවූ දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 86 ක් , කළුතරින් 72 ක්.මහනුවරින් 35ක් හා ගාල්ලෙන් 40 ක් වාර්තා වුණා. - අමල් අල්මේදා ...
අද වැඩිම ආසාදිතයන් ගම්පහින් / නුවර 2 ට / කොළඹ 3 ට
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අද වැඩිම ආසාදිතයන් ගම්පහින් / නුවර 2 ට / කොළඹ 3 ට

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 787ක් – වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (22) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 787 දෙනෙකු හදුනාගත් අතර ඉන් තිදෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා. වැඩිම ආසාදිතයින් පිරිස හමුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 139 ක්. මහනුවරින් ආසාදිතයින් 108 දෙනෙකු හා කොළඹින් ආසාදිතයින් 101 දෙනෙකු හදුනාගත් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළා. ඒ අනුව අද උදෑසන වන විට මෙරටින් වාර්තා වී තිබූ සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස් හය දහස් අටසිය හැට තුනක්. ඒ අතුරින් 7968 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 793 ක්. මේ දක්වා පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48617ක් වනවා. එසේ සුවය ලැබූ 58 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පොළොන්නරුවේ ගල්ලෑල්ල, වැලිකන්ද ...