Tag: ගම්මන්පිල

රට වහන්නේ නෑ / කොරෝනා සමග ජීවත් වෙන්න ඉගෙන ගමු  -ඇමති ගම්මන්පිල
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

රට වහන්නේ නෑ / කොරෝනා සමග ජීවත් වෙන්න ඉගෙන ගමු -ඇමති ගම්මන්පිල

රට වසා දැමීමට කිසිදු සූදානම් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මපිල මහතා අද ප්‍රකාශ කළා. ඔහු මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්. රට වසා දැමීම අවශ්‍ය වුවත් ආර්ථිකය කඩා වැටී ඇති මොහොතක හා ණය බරින් මිරිකී සිටින රට තවදුරටත් වසා ගෙන සිටිමේ ආර්ථිකමය ශක්තියක් නැති බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවා. කොරෝනා සමග ජීවත්වීම ඉගන ගැනීමේ අභියෝගය හමුවේ හැකි තරම් රට විවෘතව තබාගෙන මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ කරන බව යි අමාත්‍යවරයා පැවසුවේ....
දේශප්‍රේමි ජනතාවගේ සල්ලි වලින් වරාය ගොඩදාන්න සූදානම් / ඇමති ගම්මන්පිල
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

දේශප්‍රේමි ජනතාවගේ සල්ලි වලින් වරාය ගොඩදාන්න සූදානම් / ඇමති ගම්මන්පිල

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවටම ලබාදිය යුතුයැයි ප්‍රධාන තර්ක දෙකක් ගෙන ආවා. ඉන් එකක් තමයි අපට මේක හදා ගන්නට සල්ලි නැහැ කියන එක. මීටර 1320 ක දිගින් යුතු මෙහි මීටර 440ක් අප හදා ගත්තේ සමස්තය හැදීමේ ඉලක්කය ඇතුවයි. පසුගිය ආණ්ඩුව මේක නතර කළේ නැත්නම් මේ වන විටත් වරාය අධිකාරියේ අරමුදල්වලින් ම මෙම පර්යන්තය හදලා ඉවරයි. වරාය අධිකාරියට මුදලුත් නැත්නම් ණයක් දෙන්න බැංකුවකුත් නැත්නම් අපි ලෑස්තියි ඒක කොටස් වෙළඳපළට ගෙනල්ලා මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ සල්ලි වලින් අවශ්‍ය අරමුදල් ටික එකතු කරගන්න. තවත් සමහරෙක් තර්කයක් විදිහට ගේනවා අපේ කොළඹ වරායේ සමස්ත වෙළඳාමෙන් 55% ක් එහෙමත් නැත්නම් ප්‍රති අපනයන වෙළඳාමෙන් තුනෙන් දෙකක් කරන්නේ ඉ...
ඉන්ධන මිල වැඩි කරන්න ඉල්ලීමක් කළේ නැහැ / ඇමති ගම්මන්පිල කියයි
මතවාද

ඉන්ධන මිල වැඩි කරන්න ඉල්ලීමක් කළේ නැහැ / ඇමති ගම්මන්පිල කියයි

ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ඇමැති මණ්ඩල පත්‍රිකාවක් තමන් ඉදිරිපත් නොකළ බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසනවා. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 58ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඩීසල් ලීටරයකට රුපියල් 10ක්ද පෙට්‍රල් ලීටරයකට රුපියල් 17ක්ද ලෙස සංස්ථාව පාඩු විඳින බව තමන් ඇමැති මණ්ඩලයට දැනුම් දුන් බවයි ඇමතිවරයා පවසන්නේ. භාණ්ඩාගාරය තෙල් මිල පහත වැටී තිබුණු සමයේ ඛනිජ තෙල් මත අය කර ඇති බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වන බවද තමන් පෙන්වා දුන් බව ඇමැතිවරයා කියා සිටියා. එහි දී ජනාධිපතිවරයාද පෙන්වා දී ඇත්තේ ඉන්ධන මිල මෙම අවස්ථාවේ දී ඉහළ දැමිය නොහැකි බැවින් භාණ්ඩාගාරය පනවා ඇති බදු අඩු කළ යුතු බව යැයිද තමන්ගේ අරමුණ වූයේද එය බවයි ඇමතිවරයා පවසන්නේ....