Tag: ගලගොඩඅත්තේ ඥානසාර හිමි

පාස්කු ඉරිදා කොමිසමෙන් ඥානසාර හිමියන්ට එරෙහිවත් නිර්දේශයක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ඉරිදා කොමිසමෙන් ඥානසාර හිමියන්ට එරෙහිවත් නිර්දේශයක්

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය විමර්ෂණය කළ කොමිසම විසින් වෙනත් චෝදනාවකට අදාළව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට ද නිර්දේශ ලබාදී ඇතැයි "ද මෝනිං "පුවත් පත වාර්තාකර තිබෙනවා. එහි දැක්වෙන්නේ 2014 වසරේ අලුත්ගම දර්ගා නගරය ආශ්‍රිතව හටගත් ගැටුම්කාරී තත්ත්වයට අදාළව මෙම නිර්දේශය ලබාදී ඇති බවයි. මෙම සිදුවීමේදී 4 දෙනකු මියගොස් 80 දෙනකු තුවාල ලැබූ අතර ඒ සඳහා මුල්වූ ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාවයි මෙහිදී එල්ලවී ඇත්තේ. මේ සම්බන්දයෙන් එම පුවත්පත ඥානසාර හිමියන්ගෙන් විමසීමක් කර ඇති අතර එහිදී උන්වහන්සේ පැවසුවේ මෙම නිර්දේශය සම්බ්නධයෙන් සිනහ පළ කිරීම හැර අන් කිසිවක් සිදු නොකරන බවයි. මීට අදාළව කිසිදු දැනුම්දීමක් සිදුකර නැතැයි ද උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණා....
නැගෙනහිර ජැටිය ගැන ආණ්ඩුවේ නිල ස්ථාවරය කියන්න/ගලගොඩඅත්තේ ඥානසාර හිමි -Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නැගෙනහිර ජැටිය ගැන ආණ්ඩුවේ නිල ස්ථාවරය කියන්න/ගලගොඩඅත්තේ ඥානසාර හිමි -Audio

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය වගකිව යුතු අයෙකු විසින් සෘජුව ප්‍රකාශ කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද ප්‍රකාශ කළා.