Tag: ග්ලැසියර

ග්ලැසියර කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි 136 දෙනා මිය ගිහින්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ග්ලැසියර කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි 136 දෙනා මිය ගිහින්

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ශී ග්ලැසියරයක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයන් 136 දෙනා මරණයට පත්ව ඇති බව ප්‍රකාශ වී තිබෙනවා. ඉන්දීය බලධාරීන් අද නිවේදනය කළේ එම පිරිස මිය ගිය බවට සලකා පරීක්ෂණ අවසන් කරන බවයි. පසුගිය පෙබරවාරි 8 වනදා මෙම ග්ලැසියරය කඩා වැටුණු අතර ඊට පහතින් තිබූ ඉදිකරමින් පැවැති වේල්ලක කම්කරුවන් එම අනතුරට ගොදුරු වුණා. ඒ අනුව සිද්ධියෙන් මිය ගිය ගණන 200කට ආසන්න බවයි නිවේදනය කර ඇත්තේ....
ලොව පුරා ග්ලැසියර කඩා වැටීමට හේතුව හෙළිවෙයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ලොව පුරා ග්ලැසියර කඩා වැටීමට හේතුව හෙළිවෙයි

ලෝකයෙන් වාර්තාවන ග්ලැසියර බිදවැටීම් සඳහා දේශගුණික විපර්යාස බලපා ඇති බව අනාවරණවී තිබෙනවා. ඒ 2016 වසරේ බටහිර ටිබෙටයේ ග්ලැසියර දෙකක් කඩා වැටීම පිළිබද සිදුකළ විමර්ෂණවල ප්‍රතිඵල අනුවයි. එම සිදුවීමෙන් පසුව තවදුරටත් ටිබෙටයේ ග්ලැසියර බිදවැටීම් වාර්තා වන බවයි පර්යේෂණ කණ්ඩායම් පවසන්නේ. 2016 වසරේ සිදුවූ පළමු ග්ලැසියර අනතුරින් 9 දෙනකු මියගිය අතර ගවයින් සිය ගණනක්ද එහිදී මරණයට පත්වුණා. අරු කෝ විල සහ මේමාර් කෝ විල යන කඳුකර විල් ද මෙම ග්ලැසියර කඩා වැටීමේ අවදානමට ලක්ව ඇති බවයි විදයාඥයන් හෙළිකරගෙන ඇත්තේ. ඒ අනුව වසර 2ක් තුල එම විල්වල ජල මට්ටම අඩි 3කින් වර්ධනයවී ඇත්තේ ග්ලැසියර දියවීම හා කඩා වැටීම මතයි. ගෝලීය උණුසුම වර්ධනයවීම සමග මෙම ග්ලැසියර කඩාවැටීම් ධ්‍රැවීය කලාප , හිමාලය ආශ්‍රිතව ද වාර්තා වී තිබෙනවා. පසුගියදා ඉන්දියාවට අයත් හිමාල කලාපයේදී ග්ලැසියරයක් කඩා වැටුණු අතර එහිදී 50ක් මරණයට පත්ව 150 දෙනකු අත...
ඉන්දියාවේ ග්ලැසියර කඩා වැටීමේ මරණ ඉහළට / 200ක් තවමත් අතුරුදන්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ඉන්දියාවේ ග්ලැසියර කඩා වැටීමේ මරණ ඉහළට / 200ක් තවමත් අතුරුදන්

ඉන්දියාවේ උත්තර්කන්ද් හී ග්ලැසියරයක් කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 26 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ND TV පුවත් සේවය වාර්තා කළේ , තවත් 200ක පමණ පිරිසක් මේ වන විටත් අතුරුදන් බවයි. අනතුරෙන් පසු මේ දක්වා සිදුකරන සෝදිසි මෙහෙයුම්වලදී ආරක්ෂිතව බේරාගැනීමට සමත්ව ඇත්තේ 25 දෙනකු පමණයි. තවත් 34 දෙනකු එම ස්ථානයේ උමගක් තුල සිරව සිටින බවට සාධක ඇති අතර ඔවුන් බේරා ගැනීම සඳහා මීටර 70ක පමණ මඩ හා පස් තටුට්වක් ඉවත් කිරීමට සිදුව තිබෙනවා. ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් සිදුවන බවයි ඉන්දීය බලශක්ති අමාත්‍ය ආර් කේ සිං පැවසුවේ. මෙම අනතුරට පෙර මඩ සහිත දිය පහරක්  නිරීක්ෂණය කර තිබුණ ද අනතුර සිදුවන තෙක්ම ග්ලැසියරය පුපුරා යන බව විශ්වාස නොකළ බවයි ආසන්න ගම්වාසීන් පවසන්නේ.  ...
ඉන්දියාවේ ග්ලැසියර අනතුරෙන් 10ක් මිය ගිහින් / 170ක් තවමත් අතුරුදන්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ඉන්දියාවේ ග්ලැසියර අනතුරෙන් 10ක් මිය ගිහින් / 170ක් තවමත් අතුරුදන්

ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ ග්ලැසියරයක් කැඩී වේල්ලකට ඇද වැටීමේ සිද්ධියෙන් පසු මේ දක්වා පුද්ගලයන් 170 දෙනකු අතුරුදන්ව සිටින බව එන් ඩී ටීවී පුවත් සේවය පවසනවා. ඒ අතරට අදාළ වේල්ලේ ඉදිකිරීම් සඳහා සම්බන්ධව සිටි 148 දෙනකු හා ඊට පහත නිම්නයේ ගම්වාසීන් විසි දෙදෙනකු ද ඊට ඇතුලත් . මේ අතර විනාශ වූ වේල්ලේ උමගක් තුල සිරව සිටි පුද්ගලයන් 12 දෙනකු මුදාගෙන ඇති අතර ඊට කිලෝමීටර දෙකහමාරක් දුරින් පිහිටි තවත් උමගක් තුල තවත් 30 දෙනකු සිරවී සිටින බවයි අනාවරණවී ඇත්තේ. එම පිරිස බේරා ගැනීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක නිරත වනවා. මෙම ස්ථාන දෙක අතර දුරට ජල පහර කඩා වදින තෙක්ම එහි සේවකයන්ට පෙර දැනුම්දීමක් පවා සිදුකිරීමට අවස්ථාව අහිමිවී තිබුණා. ඒ අනපේක්ෂිත මට්ටමේ ප්‍රබලත්වයකින් දැවැන්ත ජල ධාරාව හා පාෂාණ නිම්නයට ඇද වැටීම මතයි. අතුරුදන්වූවන් පිළිබද පවතින අපේක්ෂාවන් ද අවම මට්ටමක් දක්වා පහතවැටී ඇති බවයි ඉන...