Tag: ගුවන් යානා ප්‍රවාහන නෞකා

තායිවානය ආශ්‍රිතව චීන , අමෙරිකානු මෙහෙයුම් අනතුරුදායක මට්ටමක
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

තායිවානය ආශ්‍රිතව චීන , අමෙරිකානු මෙහෙයුම් අනතුරුදායක මට්ටමක

තායිවානයේ නිරිතදිග ප්‍රදේශයට ඊයේ දිනය තුල චීන ප්‍රහාරක ගුවන් යානා හයක් සහ එක්සත් ජනපද ඔත්තු බැලීමේ ගුවන් යානයක් ඇතුළු වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. චීන ගුවන් යානා ඇතුළු වූ මොහොත තුලම අමෙරිකානු යානය ද එම කලාපයට පිවිසි බවයි තායිවානය පවසන්නේ. දකුණු චීන මුහුදේ උතුරු කලාපයේ තායිවානය පාලනය කරන ප්‍රටාස් දූපත් වලට ආසන්න ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුලම චීන ප්‍රහාරක ගුවන් යානා ඇතුළුවී තිබුණා. තායිවානය එය විවේචනය කළ අතර එම කාල සීමාව ආශ්‍රිතවයි අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා දකුණු චීන මුහුදු කලාපයට ඇතුළුවී තිබුනේ. එක්සත් ජනපදය, තායිවානය සමඟ නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති වුවද එරට ප්‍රධානතම ජාත්‍යන්තර ආධාරකරු සහ ආයුධ සැපයුම්කරු ද වනවා. මේ පිළිබද වාර්තා කරන යූ එස් නිවුස් වෙබ් අඩවිය පවසන්නේ චීනය තායිවානයට එල්ල කරන බලපෑම් සම්බන්ධයෙන් අමෙරිකාව නිරන්තර අවදානයකින් පසුවන බවයි. දකුණු ...