Tag: චමින්ද වාස්

කොදෙව් සංචාරය හෙට – වාස් ඉල්ලා අස්වෙයි
ක්‍රීඩා

කොදෙව් සංචාරය හෙට – වාස් ඉල්ලා අස්වෙයි

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කෙරුණු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. චමින්ද වාස් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතයේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස  කටයුතු කරනු ලබනවා. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට  බටහිර ඉන්දිය කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතයි....
කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කරයි
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කරයි

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පත් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. චමින්ද වාස් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතයේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 23 වැනිදා බටහිර ඉන්දිය කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතයි. ඒ අනුව තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සේකර් ඉල්ලා අස් වීම හේතුවෙන් කොදෙව් සංචාරය සඳහා චමින්ද වාස් වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස නම් කර තිබෙනවා. වේග පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සේකර් පෞද්ගලික හේතුවක් මත සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ...