Tag: චීනය

චීනයේ යුධ වියදම ඩොලර් බිලියන 200ක් තෙක් ඉහල දමයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

චීනයේ යුධ වියදම ඩොලර් බිලියන 200ක් තෙක් ඉහල දමයි

චීනය 2021 වසරේ සිය ආරක්ෂක වියදම ඩොලර් බිලියන 209 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ පළමුවරටයි චීනයේ ආරක්ෂක වියදම ඩොලර් බිලියන 200ක් ඉක්මවා පවතින්නේ. නැගෙනහිර ලඩාක්හි ඉන්දියාව සමඟ ගැටුම මෙන්ම එක්සත් ජනපදය සමඟ වැඩෙන දේශපාලන හා යුධමය ආතතීන් මධ්‍යයේ චීනය මෙසේ යුධ වියදම් ඉහළ නංවා තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් චීනයේ ආරක්ෂක වියදම අමෙරිකාවේ ආරක්ෂක වියදම මෙන් 4 න් 1ක් තරම් අවම වනවා. මෙවර අමෙරිකාවේ ආරක්ෂක පිරිවැය ඩොලර් බිලියන 800 කට ආසන්නයි. කෙසේ වෙතත් චීන මාධ්‍ය වාර්තා පවසන්නේ තම රටේ නව ආරක්ෂක පිරිවැය ඉන්දියාවේ මෙන් 3 ගුණයක් බවයි. මෙසේ යුධ පිරිවැය ඉහළ නංවමින් චීනය නිකුත් කළ ලේඛනයේ දැක්වෙන්නේ 2020 වසරේ ජයග්‍රශන රැසක් ලබාගත් අතර 2021 දී ඒවා ඉදිරියට ගෙනයාමට නියමිත බවයි. ...
පුල්මුඩේ ඇතුළු ඛනිජ වැලි නිධි ව්‍යාපෘතියකට චීනය සමග සාකච්ජා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පුල්මුඩේ ඇතුළු ඛනිජ වැලි නිධි ව්‍යාපෘතියකට චීනය සමග සාකච්ජා

අමරිකානු ඩොලර් මිලියන 310ක (රුපියල් කෝටි 6045ක) ඛනිජ වැලි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කරමින් සිටින බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. චීනයේ මෙටලර්ජිකල් ගෲප් කෝපරේෂන් (China Metallurgical Group Corporation -MCC) ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වැන්ග් ෂෝ (Wang Zhou) පසුගිය පෙබරවාරි 26 වැනිදා චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර තිබුණා. ශ්‍රී ලංකාවේ වයඹ දිග පුල්මුඩේ පිහිටි නිධි වැනි තවත් මුහුදු වැලි නිධි කිහිපයක්ම මේ වන විට හඳුනාගෙන ඇති අතර එම නිධිවල මොනසයිට් (Monazite) සහ ෂර්කෝන් (Zircon) අන්තර්ගත බවද එම ඛනිජ ද්‍රව්‍යවල පෘථිවියේ දුර්වල මූලද්‍රව්‍යයක් වන සීරියම් (Cerium) අන්තර්ගත බව විශ්වාස කෙරෙනවා. මෙම මූලද්‍රව්‍ය නිෂ්පාදනය කෙරෙන රටවල් අතළොස්ස අතරට එක්වීම සඳහා මෙම නව ව්‍යාපෘතිය ඔස්සේ ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන බවත්, පුනර්ජනනීය බලශක්තිය සහ ඉලෙක්ට...
ඉන්දියාව හා චීනය සබදතා ශක්තිමත් කර ගැනීමේ සූදානමක
ලෝකය වටා

ඉන්දියාව හා චීනය සබදතා ශක්තිමත් කර ගැනීමේ සූදානමක

ලොව පුරා කොරෝනා එන්නත් සැපයීම පිළිබඳව නවදිල්ලියට වොෂින්ටනය ප්‍රශංසා කිරීමත් සමඟ ඉන්දියාව හා අමෙරිකාව අතර උපායමාර්ගික හවුල්කාරිත්වය සහ බහුපාර්ශ්විකත්වය ශක්තිමත් කිරීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය රජය පවසන්නේ , දෙරට අතර සියළු සබඳතා නව මානයකට යොමුකිරීමේ සමය මේ සමග ආරම්භ වන බවයි. දකුණු ආසායාතික කලාපයේ ප්‍රධානතම අමෙරිකානු මිතුරා ලෙස කටයුතු කරමින් ආසියාවේ වර්ධනයට නායකත්වය දක්වන බවද ඉන්දියාව පවසනවා. මේ වන විට ඉන්දියාව මහා පරිමාණයෙන් කොරෝනා එන්නත් ලෝකයට සපයමින් පවතින අතර එය අමෙරිකාවේ පැසසුමට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් මෙය චීන විරෝධී පෙරමුණක මූලික සාධකය ලෙසද නම් කර තිබෙනවා....
ලංකාවට කරන ජාත්‍යන්තර බලපෑම්වලට විරුද්ධයි / චීනය කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවට කරන ජාත්‍යන්තර බලපෑම්වලට විරුද්ධයි / චීනය කියයි

මානව හිමිකම් සහ සමාජ සංවර්ධනය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින අතර බාහිරින් මෙරටට සිදුකරන මැදිහත්වීම්ලට සහ දේශපාලන අරමුණු සඳහා මානව හිමිකම් භාවිතා කිරීමටත් දැඩි ලෙස විරුද්ධ බවත් චීනය පවසනවා. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මේ බව ප්‍රකාශ කළේ එරටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසියේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් පිළිබඳ ගැඹුරු විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය සිදුකළ ප්‍රකාශය ද චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මිත්‍රශීලී අසල්වැසියෙකු ලෙස චීනය බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව දේශපාලන ස්ථාවරත්වය, ජාතික සහයෝගීතාවය සහ එකමුතුකම පවත්වා යන අතරම සංවර්ධන ඉලක්ක ජය ගැනීම බවයි වැන්ග් වෙන්බින් මහතා පැවසුවේ. මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම, තිරසාර සමාජ ආර්ථික සංවර්ධනය,ජනතාවගේ ජීවනෝප...
චීනයට එරෙහිව ජපානයට සහාය දෙනවා / අමෙරිකාවෙන් ප්‍රකාශයක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

චීනයට එරෙහිව ජපානයට සහාය දෙනවා / අමෙරිකාවෙන් ප්‍රකාශයක්

ජපානය හා චීනය අතර දූපත් සම්බන්ධයෙන් පවතින අර්බුධයේදී , ජපානයට සහාය පල කරන බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. ජපානයේ පාලනය යටතේ පවතින සෙන්කාකු දූපත් ආශ්‍රිතව චීන ක්‍රියාකාරකම් වර්ධනය වීම හා ඊට ජපානය දැඩි විරෝධය පළ කිරීමෙන් පසුවයි අමෙරිකාව මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. චීනය මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන ගියහොත් එය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා ගමන් කළ හැකි බවටයි අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක , ජෝන් කිර්බි පැවසුවේ. දැනට එම දූපත්වල අයිතිය ජපානය සතුවන බැවින් එහි සැබෑ හිමිකරුවන් ලෙස ජපානයට සහාය දක්වන බවද මෙමගින් ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් චීනය පෙන්වා දෙන්නේ සෙන්කාකු දූපත් ආශ්‍රිත කළාපය චීන මහා ගොඩබිමට අයත් වන බවයි. එහි වෙනත් කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැති බවද චීනය අවධාරණය කරනවා. ඒ අනුව අනවරසයෙන් එම මුහුදු කලාපයට පිවිසෙන්නන්ට පහරදීමටයි චීන හමුදාවට අවසර ලබාදී ඇත්තේ...
ලංකාවට බලපෑම් කිරීම වැරදියි/ චීනය මානව හිමිකම් සැසිවාරයේදී කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවට බලපෑම් කිරීම වැරදියි/ චීනය මානව හිමිකම් සැසිවාරයේදී කියයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත් කර ඇති යෝජනා මගින් මානව හිමිකම් පිළිබද ජාත්‍යන්තරයේ අනුගමනය කරන දෙබිඩි ප්‍රතිපත්තිය හෙලිවන බව චීනය පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට අදාළව ප්‍රතිචාර දක්වමින් චීනයේ නියෝජිත චෙන් සූ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකාවේ සමීප හා මිතුරු රටක් ලෙස , මෙරට එක්සත් භාවය හා ජන කොටස් අතර සමානතාවයක් ආර්ථික හා සමාජ සංවර්ධනයත් චීනය විසින් අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා අනවශ්‍ය ලෙස මැදිහත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි චීන නියෝජිතයා මෙහිදී පෙන්වා දුන්නේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය එහි මූලික ප්‍රතිපත්තිවලට ගරු කරමින් ,ඳ දේශපාලනික වෙන් කිරීමකින් හා තෝරා ගැනීමකින් තොරව සෑම රටකම ස්වාධීනත්වයට ගරු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද චීනය අවධාරණය කළා. ඒ අනු...
බ්‍රිතාන්‍ය මාධ්‍යවලින් චීනයට යළිත් චෝදනා
ලෝකය වටා

බ්‍රිතාන්‍ය මාධ්‍යවලින් චීනයට යළිත් චෝදනා

චීනයේ බලහත්කාරයෙන් කදවුරුවලට යොමුකර ඇති උයිගර් වැසියන්ට පීඩා සිදුවන බව පවසමින් ඒ ආශ්‍රිතව සේවය කළ ගුරුවරියක් අනාවරණයක් සිදුකර ඇති බව බ්‍රිතාන්‍යයේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය පවසනවා. එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, බලහත්කාරයෙන් රදවා සිටි උයිගර් ජන කාණ්ඩායේ දරුවන්ට මැන්ඩරින් භාෂාව බලහත්කාරයෙන් ඉගැන්වීම සිදුකෙරුණු බවයි. එම සිසුන් දැඩිව දුර්වල වූ බවත් ,ඔවුන්ට හිංසා පීඩා සිදුවන බව දුටු බවත් මෙම වාර්තාවට අදහස් දැක්වූ කෙල්බිනූර් සීදික් නැමැත්තිය හෙලිකර තිබෙනවා. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලෝකයේ වැඩි අවධානයක් යොමුවිය යුතු බවයි ඇය සිය අනාවරණයෙන් ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් උයිගර් ජන කොටස් සම්බන්ධ චෝදනා චීනය ප්‍රතික්ෂේප කරන අතර මෙම චෝදනා හේතුවෙන් බ්‍රිතාන්‍ය අමෙරිකාව හා චීනය අතර මත ගැටුම් ද හටගෙන තිබෙනවා....
ලංකාවට සම්බාධක දාන්න හැදුවොත් රුසියාවෙන් චීනයෙන් නිෂේධ බලය / ඇමති ගොඩහේවා කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවට සම්බාධක දාන්න හැදුවොත් රුසියාවෙන් චීනයෙන් නිෂේධ බලය / ඇමති ගොඩහේවා කියයි

ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මෙරටට සම්බාධක දැමීමේ යෝජනාවක් ඉදිරිපත් වුවද එය කිසිදා ක්‍රියාත්මක නොවන බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ එවන් යෝජනාවක් මතුවුවද එය ජගත් ආරක්ෂක මණ්ඩලය හමුවේ අනුමත විය යුතු බවයි. එහෙත් ශ්‍රී ලංකාවේ මිත්‍ර බලවත් රටවල් වන රුසියාව හා චීනය නිෂේධ බලය භාවිත කරමින් එම සම්බාධක චෝදනා පරාජය කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වන අතර ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රතිචාරය අනිද්දා ඉදිරිපත් කිරීමට ද නියමිත වනවා. එක්සත් රාජධානිය, කැනඩාව, මොන්ටිනීග්රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රටවල් ඒකාබද්ධ...
හිමාලයේ ඉන්දු – චීන හමුදා ගැටුමේ දර්ශන ,පළමුවරට හෙළිකරයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

හිමාලයේ ඉන්දු – චීන හමුදා ගැටුමේ දර්ශන ,පළමුවරට හෙළිකරයි

ඉකුත් වසරේ ජුනි මාසයේ දී, ඉන්දු චීන දේශ සීමාවේ ගැල්වාන් නිම්නයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් චීනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ මෙම ගැටුමෙන් චීන සෙබළුන් 4 දෙනකු මිය ගිය බවට චීනය ඊයේ තොරතුරු හෙළිකිරීමෙන් පසුවයි. ඒ අනුව චීන හමුදා විසින් පටිගත කළ මෙම වීඩියෝව තුල ඉන්දීය දේශසීමා ආරක්ෂකයන් ඉදිරියට පැමිණෙන ආකාරය හා මතභේදාත්මක තත්ත්වයක් හටගත් ආකාරය දැකගත හැකියි.   හිමාලයේ ඉන්දු - චීන හමුදා ගැටුමේ දර්ශන ,පළමුවරට හෙළිකරයි #lankaanews https://t.co/ZAPi7yu258 pic.twitter.com/AwH6TT5rDF — lankaanews (@lankaanews) February 19, 2021 කෙසේ වෙතත් මෙම වීඩියෝව පිළිබද අදහස් දක්වන ඉන්දියාව පවසන්නේ ගැටුමේ සැබෑ තත්ත්වය මෙම වීඩියෝවේ ඇතුලත් නොවන බවයි. සිය දේශසීමාව ආක්‍රමණය කර මුල්වරට චීන හමුදාව විසින් පහර දුන් බවද ඉන්දියාව අවධාරණය කළා. මෙම ගැටුමේදී ඉන්දීය සෙබළුන් 20 දෙනකු...
ඉන්දීය හමුදා සමග ගැටුමේදී තම සෙබළුන්ද මියගිය බව චීනය මුල්වරට පිළිගනියි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ඉන්දීය හමුදා සමග ගැටුමේදී තම සෙබළුන්ද මියගිය බව චීනය මුල්වරට පිළිගනියි

පසුගිය වසරේ ජුනි මාසයේදී ඉන්දීය හමුදා සමග ලඩාක් හී හටගත් ගැටුමේදී තම හමුදා භට පිරිසක්ද මරණයට පත්වූ බව , චීනය මුල්වරට පිළිගෙන තිබෙනවා. චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ , එම ගැටුමේදී මිය ගිය සෙබලුන් 4 දෙනකුට උසස්වීම් ලබාදුන් බවයි. මේ දක්වා එම ගැටුමේදී තම සෙබලුන්ට හානියක් නොවූ බව චීනය අවධාරණය කරමින් පැවතියා. Four Chinese soldiers, who were sacrificed in last June's border conflict, were posthumously awarded honorary titles and first-class merit citations, Central Military Commission announced Friday. A colonel, who led them and seriously injured, was conferred with honorary title. pic.twitter.com/Io9Wk3pXaU — People's Daily, China (@PDChina) February 19, 2021 ...
උතුරේ දූපත් 3 විදුලි ව්‍යාපෘති චීනයට දීමේ අවසන් තීරණයක් නෑ / ඇමති ඩලස්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

උතුරේ දූපත් 3 විදුලි ව්‍යාපෘති චීනයට දීමේ අවසන් තීරණයක් නෑ / ඇමති ඩලස්

උතුරු මුහුදේ දූපත් තුනක් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත සූර්ය බල විදුලි ව්‍යාපෘති චීන සමාගමකට ලබාදෙන්නේ ද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අරුණ පුවත්පත සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ. ව්‍යාපෘතිය චීන සමාගමකට ලබාදීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති නමුත් ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණ මෙතෙක් හිමිව නැති බවද ඇමතිවරයා පැවසුවා. කැබිනට් තීරණයක් ගත්තහම ඒ සම්බන්ධ‍යෙන් මුදල් අමාත්‍යාංශය නිරීක්ෂණයක් සිදුකරනවා. ඒ නිරීක්ෂණ මෙතෙක් ලැබිලා නැති නිසා කැබිනට් තීරණය සම්පූර්ණයෙන් අනුමත වීමක් සිදුවෙලා නැහැ. මේ සම්බන්ධ‍යන් මුදල් අමාත්‍යාංශය ඉල්ලන නිරීක්ෂණ විදුලිබල මණ්ඩලය විසින් ලබාදිය යුතුයි. එතකොට තමයි අවසන් තීන්දුවකට යන්නේග ඒ නිසා තවමත් මේ පිළිබඳ අවසන් තීන්දුවක් අරගෙන නැහැ. සාමාන්‍ය...
උතුරේ දූපත් ගැන තීරණය ලංකාවේ වැඩක් /අනවශ්‍ය බාධා එපා ,චීනය ඉන්දියාවට කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

උතුරේ දූපත් ගැන තීරණය ලංකාවේ වැඩක් /අනවශ්‍ය බාධා එපා ,චීනය ඉන්දියාවට කියයි

උතුරේ දූපත් 3ක් බලශක්ති ව්‍යාපෘතියක් සඳහා චීන සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් මතුවූ ඉන්දීයව විරෝධයට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිඛෙනවා. ඒ අනුව චීන තානාපති කාර්යාලය පවසන්නේ මෙම ව්‍යාපෘති චීන සමාගම් වෙත ලබාදීම , ජාත්‍යන්තර මට්ටමේ ටෙන්ඩර් කැදවීමේ ක්‍රියාවලියක් අනුව සිදුව ඇති බවයි. ශ්‍රී ලංකාවට ස්වාධීන රාජ්‍යයක් ලෙස තමන්ට ගැලපෙන සුදුසු කොන්ත්‍රාත්කුරුවකු තෝරා ගැනීමේ අයිතියක් ඇතැයිද චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. මෙම ආයෝජනයට සම්බන්ධ චීන සමාගම පුද්ගලික එකක් බවද මෙම පැහැදිලි කිරීමේ සදහන්. තමන්ට සුදුසු ආයෝජකයන් තෝරා ගැනීමේ අයිතිය හා නියමිත පටිපාටිය අනුව , මෙම ආයෝජනය පිළිබද ශ්‍රී ලංකාව තීරණය කර ඇති බවද චීන තානාපති කාර්යාලය පවසනවා. එය කිසිදු රටකට තර්ජනයක් නොවන බවද මෙහිදී අවධාරණය කර තිබුණා. මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ මෙම ව්‍යාපෘතිය චීන සමාග...
තුර්කියේ අගනුවර විරෝධතාවයක්
ලෝකය වටා

තුර්කියේ අගනුවර විරෝධතාවයක්

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර දී චීනයට විරෝධ්‍ය පළ කරමින් විරෝධතාවයක් සිදුකර තිඛෙනවා. සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත පැවසුවේ චීනයේ උයිගර් ජන කොටස්වලට එරෙහි පියවර හෙළි දකිමින් මෙම විරෝධය පැවති බවයි. උයිගර් ජන කොටස් තුර්කි සම්භවයක් සහිත පුද්ගලයන්වීම මෙම විරෝධතා සඳහා මුල්ව තිඛෙනවා. චීනය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන ලෙසයි විරෝධතාකරුවන් තුර්කි රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ....
චීනය ආර්ථිකයට පහර දෙනවා / ඕස්ට්‍රේලියාවෙන් චෝදනා
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

චීනය ආර්ථිකයට පහර දෙනවා / ඕස්ට්‍රේලියාවෙන් චෝදනා

චීනය විසින් තම රටේ ආර්ථිකයට උපක්‍රමිකව පහර දෙමින් සිටින බව ඕස්ට්‍රේලියානු ලිබරල් සෙනෙට් සභික ජේම්ස් මැක්ග්‍රාත් පවසනවා. ආරම්භයේදී ඕස්ට්‍රේලියානු හරක් මස් අපනයනයට බලපෑම් කළ චීනය ල වයින් අපනයනය සහ ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වෙත පැමිණෙන චීන සිසුන්ද වළක්වාලමින් සිටින බවයි සෙනෙට් සභිකයා පවසන්නේ. මෙය වඩාත් පැහැදිලිව හදුනා ගනිමින් ඕස්ට්‍රේලියාව උපක්‍රමශීලී ප්‍රතිචාර පළ කළ යුතු බවද ඔහු කියා සිටියා. ඕස්ට්‍රේලියානු හා චීන අර්බුධය ආරම්භ වූයේ කොරා්නා වසංගතයේ ආරම්භය පිළිබද ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශය බවට ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සිදුකළ ප්‍රකාශය සමගයි. ඉන් පසු දෙරට අතර වෙළද ගනුදෙනු රැසකටම මේ වන විට බලපෑම් එල්ලවී තිඛෙනවා....
චීනයෙන් ඉන්දියාවට එරෙහිව නව අවියක්
ලෝකය වටා

චීනයෙන් ඉන්දියාවට එරෙහිව නව අවියක්

ඉන්දියාවට එරෙහිව චීනය ආයුධයක් ලෙස ජලය භාවිත කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවැකි පළ කර තිබෙනවා. ඉන්දියාවේ සී නිවුස් වෙබ් අඩවිය පවසන්නේ මේ වන විටත් ටිබෙටයෙන් ගලා එන බ්‍රහ්මපුත්‍ර ගංගාව හරස් කර චීනය විසින් වේලි 3ක් ඉදිකරමින් පවති බවයි. එමගින් ඉන්දියාවට පැමිණෙන එම ගංගාවේ ජලය වැළැක්වීමට පියවර ගනිමින් පවතින බවයි එම වාර්තාව පවසන්නේ. මේ අතරින් එක් වේල්ලක් පුද්ගලයන් 150 දෙනකු වාසය කරන ටිබෙටයේ ගම්මානයක ඉදිවන අතර එය ජනතාව වෙනුවෙන් නොව ඉන්දියාවට එරෙහිව සිදුකරන්නක් බවද මෙම වාර්තාව පවසනවා. මෙසේ චීනය ඉදිකරන වේලි 3 එරට වේලි ධාරිතාවයෙන් සියයට 30ක් තරම් දැවැන්ත බව ද සදහන්. ඒ අනුව අනාගතයේදී එම ගංගාව හරහා ජලය ලැබෙන ඉන්දියාව , බංග්ලාදේශය යන රටවලට ද බලපෑම් එල්ලවිය හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවැකි පළකරනවා....
කොරෝනා විද්‍යාගාරයකින් කාන්දු නොවූ බවට WHO ප්‍රකාශය අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

කොරෝනා විද්‍යාගාරයකින් කාන්දු නොවූ බවට WHO ප්‍රකාශය අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

චීනයට ළගාවූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂකයන් කණ්ඩායම විසින් කොරෝනා වෛරසය විද්‍යාගාරයකින් කාන්දුවූවක් නොවන බවට සිදුකළ ප්‍රකාශය අමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් කියා සිටියේ අමෙරිකාවේ ස්වාධීන පරීක්ෂණයකින් මිස මේ බව පිළි නොගන්නා බවයි. තම රට තුලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන්ට පැමිණීමට ඉඩ දුන් ආකාරයෙන් වෛරසයේ ආරම්භය පිළිබද අමෙරිකාව තුල ද පරීක්ෂණ කිරීමට ඉඩ ලබා දෙන්නැයි චීනය සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා. නෙඩ් ප්‍රයිස් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වසංගතයේ ආරම්භයේ සිටම චීනය සැබෑ දත්ත ලෝකයෙන් වසන් කළ බවයි.එසේම වසරක් පමණ ගත වන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයට චීනයට පැමිණීමේ අවසරය ලබා නොදීම ද මෙහිදී අවදානයට ලක්විය යුතු බවයි ඔහු පැවසුවේ. එබැවින් එරට තුල ස්වාධීන විමර්ෂණයක් කිරීමේ හැකියාවද අමෙරිකාව විසින් ප්‍රතික්ෂේප ක...
චීනයේ හැසිරීම අමෙරිකානු නව ජනපතිගේ අවධානයට / ඉන්දීය මාධ්‍ය කියයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

චීනයේ හැසිරීම අමෙරිකානු නව ජනපතිගේ අවධානයට / ඉන්දීය මාධ්‍ය කියයි

අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් දකුණු චීන මුහුදට යොමුකිරීම අමෙරිකානු නව ජනපතිවරයා විසින් චීනය පරීක්ෂාවට ලක් කිරීමක් බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසනවා. එම පුවත්පතේ ලිපියක් මගින් පෙන්වා දෙන්නේ පසුගිය සති කිහිපය තුල තායිවානය මුල් කරගත් චීනයේ හැසිරීම නිරීක්ෂණය කිරීම සඳහා මෙම යුධ නැව් දකුණු චීන මුහුදට ළගාවන බවයි. පසුගිය දිනවල අඛණ්ඩව චීනයේ ප්‍රහාරක ගුවන් යානා තායිවානයට ඉහළින් පියාසර කර තිබුණා. එය තර්ජනාත්මක හැසිරීමක් ලෙසයි අමෙරිකාව ඇතුළු බටහිර රටවල් පෙන්වා දී තිබුණේ. ඒ අනුව යම් ඉදිරි පියවරක් සඳහා චීනය යොමුවන්නේ දැයි අවධානය යොමුකරමින් චීනයේ හැසිරීම හදුනා ගැනීමට අමෙරිකාවේ නව ජනපතිවරයා උත්සාහ දරමින් සිටින බවද මෙම වාර්තාවේ දැක්වෙනවා. කෙසේ වෙතත් තම මුහුදු කලාපය ආක්‍රමණය කරන ඕනෑම පාර්ශවයකට එරෙහිව උපරිම පියවර ගැනීමට පසුබට නොවන බවයි චීනය අවධාරණය කළේ. ඒ සඳහා ගැලපෙන මිසයිල තමන් සතු බවද...
ඉන්දියාවේ ණය ගෙවද්දී චීනයෙන් ලංකාවට ඩොලර් මිලියන 1500 ක ණයක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඉන්දියාවේ ණය ගෙවද්දී චීනයෙන් ලංකාවට ඩොලර් මිලියන 1500 ක ණයක්

මෙරට විදේශ සංචිත තුලනය කරගැනීම සඳහා යුආන් බිලියන 10 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 1,500 ක ණය මුදලක් ලබාදීමට චීන මහ බැංකුව එකඟතාව පළ කර තිබෙනවා. චීනයේ මිලියන 1,500 ක ණය මුදල මෙම මාසය අවසන් වනවිට මෙරටට ලැබීමට නියමිත අතර, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇති බවයි. වසර තුනක කාලසීමාවක් සඳහා මෙම ණය මුදල ලැබීමට නියමිතව තිබෙනවා. ලංකාව ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 400 ක ණය මුදල පසුගියදා ගෙවා දමා ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ. එම ණය මුදල ද ශ්‍රී ලංකාව විසින් ලබගෙන තිබුණේ විදේශ සංචිත තුලනය කරගැනීම සඳහායි. ...
උයිගර් කාන්තාවන් දූෂණයට ලක්කර ඇතැයි රටවල් දෙකකින් චීනයට චෝදනා
ලෝකය වටා

උයිගර් කාන්තාවන් දූෂණයට ලක්කර ඇතැයි රටවල් දෙකකින් චීනයට චෝදනා

චීනයේ කඳවුරුවල රඳවා ඇති උයිගර් කාන්තාවන් දූෂණයට ලක්කර ඇතැයි යන චෝදනාව අමෙරිකා සහ බ්‍රිතාන්‍ය රජයන් විසින් හෙළා දැක තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. කාන්තා රැඳවියන් දූෂණයට, ලිංගික අපයෝජනයට සහ වධහිංසාවලට ලක් කෙරෙන බවට සාක්ෂි සහිතව පසුගියදා මාධ්‍ය වාර්තා මගින් පෙන්වාදී ඇති බවද එම වාර්තා පැවසුවා. උයිගර් කාන්තාවන් සහ සුළු ජාතීන් මිලියනයක පමණ සංඛ්‍යාවක් චීන කඳවුරුවල රඳවා ඇති බවට ද එමගින් චෝදනා කර තිබුණා. කෙසේවෙතත් මාධ්‍ය මගින් වාර්තා කරඇති මෙම චෝදනා චීන රජය විසින් ප්‍රතික්ෂේපකර තිබෙනවා.තිබේ. ඔවුන් පවසන්නේ අමෙරිකාවේ පුවත්පත් මගින් අසත්‍ය තොරතුරු ඉදිරිපත්කර ඇති බවයි.  ...
අමෙරිකාව යළිත් චීනයට ඇඟිල්ල දිගු කරයි / චීනයෙන් ප්‍රතිචාර
ලෝකය වටා

අමෙරිකාව යළිත් චීනයට ඇඟිල්ල දිගු කරයි / චීනයෙන් ප්‍රතිචාර

කොරෝනා වසංගතය ලෝකය පුරා පැතිර යාම සම්බන්ධයෙන් අමෙරිකාව යලිත් චීනයට චෝදනා කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේ එල්ල කළ මෙම චෝදනාව යළි තහවුරු කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබද පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ මාරාන්තික වෛරසය පිළිබඳ අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමට හා සැපයීමට චීන රජය අසමත් වීම ලෝකයටම අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය කළ බවයි. අද පවා චීනය ජාත්‍යන්තර ප්‍රජාවට අවශ්‍ය තොරතුරු ලබා දීමේදී දැඩි සීමාවන් මත කටයුතු කරන බවටද ඔහු චෝදනා කළා. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් චීනයට පැමිණ සිටිය ද දැඩි සීමා මත පරීක්ෂණ සිදුකිරීමට ඔවුන්ට සිදුව ඇති බවයි අමෙරිකානු මාධ්‍ය චෝදනා කළේ. ඉදිරියේදී මෙවන් තත්ත්වයන් මතුවීම වැලැක්වීම සඳහා චීනය වඩාත් විනිවිද භාවයෙන් කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළා. කෙසේ වෙතත් චීන විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක...