Tag: ජපන්

ජපන් සමාගමකට එරෙහිව ලංකාවෙන් ජපන් රජයට පැමිණිල්ලක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ජපන් සමාගමකට එරෙහිව ලංකාවෙන් ජපන් රජයට පැමිණිල්ලක්

කටුනායක ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතියේ බී පැකේජයේ ඉදිකිරීම් අවසන් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරන ජපන් කොන්ත්‍රාත් සමාගම සම්බන්ධයෙන් ජපාන රජයට පැමිණිලි කිරීමට තීරණය කෙරේ. මෙරට ජපන් තානාපතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. කටුනායක ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතියේ බී පැකේජයේ ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගියදා (19) කටුනායක ගුවන්තොටුපලේදී පැවති අවස්ථාවේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම උපදෙස් ලබාදුන්නේය. 2014 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ශිං ශුවා අබේ මහත්වරුන් අතර ඇති වූ එකඟතාවයක් මත කටුනායක ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජපන් රජය ජපන් යෙන් මිලියන 74,394ක මුදලක් ණය මුදලක් ලෙස පිරිනමා ඇත. මේ සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම වැය කරන මුදල රුපියල් මිලියන 21,645 කි. මෙම ව්‍යාපෘති...