Tag: ජයන්ත සමරවීර

හැට නව ලක්ෂයක ජනවරම යනු කුමක්දැයි ඇතමුන් යළි කියවාගත යුතුයි – රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද

හැට නව ලක්ෂයක ජනවරම යනු කුමක්දැයි ඇතමුන් යළි කියවාගත යුතුයි – රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර

අ ෙඟ් වාඩිවී කණ කෑම ,බාධා දුෂ්කරතා, කුමන්ත‍්‍රණ, සියල්ල මැද යළිත් දේශ හිතෛෂී ප‍්‍රගතිශීලී බලවේගය වෙත ආණ්ඩු බලය ලැබී ඇති බවත්, ඉතිහාසයේ සිදුවූවාක් මෙන් එම ජයග‍්‍රහණය ආපසු හැරවීමට ඉඩ නොතබා, ආණ්ඩුව තුළ සිටින ඇතැමුන් හැටනව ලක්ෂයක් ජනතාව මේ ජයග‍්‍රහණයෙන් ආපේක්ෂා කරන්නේ කුමක්ද යන්න විවෘත මනසින් යුතුව කියවා ගත යුතුව ඇතැයි ගුදම් පහසුකම්, බහාලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප‍්‍රකාශ කලේ දිවන්ගත ආතර් වී. දියෙස් මැතිතුමාගේ 135 වන ජන්ම දින සමරුවට එක්වෙමිනි. ‘‘ මේ බලවේගය කියන්නෙ ආතර් වී. දියෙස් මැතිතුමන් නියෝජනය කරන බලවේගය. එතුම බලාපොරොත්තු වුන බලවේගය. එතුමා රටට අවශ්‍ය වන්නේ කුමන විදියෙ බලවේගයක්ද, ඒ බලවේගයේ පදනම් දැක්ම කුමක්ද, අධිරාජ්‍යවාදින්ගෙ න්‍යායපත‍්‍රය සැකසෙන්නෙ කොයි විදියටද කියන එක නිවැරදිව අවබෝධ කරග...