ප්‍රවීණ රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතාගේ අවසන් කටයුතු අනිද්දා බොරැල්ලේදී
ප්‍රවීණ රංගන ශිල්පියෙකු වගේම නාට්‍ය හා රංගකලාව පිළිබද විද්වතෙකු වූ අභාවප්‍රාප්ත ජයලාල් රෝහණ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අනිද්දා (14) සිදු කෙරෙනවා.
කලාව වෙනුවෙන් වගේම කලාවට පෙම්බදින මිනිසුන්ගේ දැනුම වර්ධනය වෙනුවෙනුත් ජයලාල් රෝහණයන් කළේ සුවිශේෂී මෙහෙවරක්.
1964 වසරේ නොවැම්බර් පළමුවනදා උපත ලැබූ ජයලාල් රෝහණයන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් සිප්සතර හැදෑරුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ලබාගත්තා. 1976 වසරේ කලා ක්ෂේත්රයට පැමිණි ජයලාල් රෝහණයන් රංගන ශිල්පියෙකු, නාට්‍ය පිටපත් රචකයෙකු, වේශ නිරූපන ශිල්පියෙකු ඇතුළු ක්ෂේත්‍ර රැසකින් කලාව වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදුන්නා.
සුබ සහ යස, සෙනෙහෙබර ඩොලී, හිට්ලර්, සොක්රටීස්, කැලණි පාලම, හංකිති 13, සුදු සහ කළු යන වේදිකා නාට්‍ය රැසක්ම ඔහු වර්ණවත් කළා. ඉසු...