Tag: ජලය

වතුර වෙළදාමට ඇමති බන්දුල සූදානම්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද

වතුර වෙළදාමට ඇමති බන්දුල සූදානම්

ජලය අපනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සාම්ප්‍රදායික අපනයන භාණ්ඩවලට අමතරව ජලය අපනයනය කිරීමෙන් හොඳ විදේශ විනිමයක් උපයා ගත හැකි බවද ජපානය හා ප්‍රංශය මේ වනවිටත් ලෝක වෙළෙඳ පොළට ජලය සපයා විශාල ආදායමක් ලබන බවද ඇමැතිවරයා සදහන් කළා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් නුවරඑළිය හෝප් වතුයායේ දිය බුබුළ සම්බන්ධයෙන් හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්යවරු කණ්ඩායමක් කළ පර්‌යේෂණ වාර්තාව එළිදැක්වීම නිමිත්තෙන් පෙපැවැති රැස්වීමකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළා. මහාචාර්යවරුන් වන සමන් සෙනවීර, රොහාන් වීරසූරිය, අතුල සේනාරත්න, ලක්මාල් ජයරත්න යන මහත්වරු මෙම පර්‌යේෂණය සිදුකර හෝප් වතුයායට අයත් දිය බුබුළේ ජලය පිරිපහදුවට ලක්නොකර පානය කළ හැකි බව තහවුරු කර තිබෙනවා. එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා වෙළෙඳ විෂය භාර ඇමැතිවරයා ලෙස අපනයන වර්ධනය කිරීමේ වගකීම තමන්ට පැවැරී තිබෙන බවත්, ව...