පාස්කු කොමිසමේ වාර්තාවෙන් සැබෑ වගකිවයුත්තන් හෙළිවී නැහැ / ජවිපෙ කියයි
2019 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් සොයා බැලීමට පත් කළ කමිටුවෙන් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුවී නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද පැවසුවා. ඒ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
“2019 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ සොයාබලන්න කොමිසමක් පත්කළා. කොමිසමට පැමිණිකරුවන් සාක්ෂිකරුවන් කැදවලා පරීක්ෂණ සිදුකළා. කොමිසම විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට බාරදුන්නා. එය පෙබරවාරි 23දා එනම් දින 23කට පමණ පසුව තමයි කථානායකට බාරදී තිබුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් තවම එය ලබාදීලා නැහැ. පාර්ලිරම්න්තු පුස්තකාලයේ එහි පිටපතක් තිබෙනවා.
මෙම වාර්තාව මගින් ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන්, විවිධ අතපසුවීම්, නොසැලකිල්ල සම...