Tag: ජිනීවා

ලංකාව ගැන ජිනීවා ජන්ද විමසීම ලබන අඟහරුවාදා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාව ගැන ජිනීවා ජන්ද විමසීම ලබන අඟහරුවාදා

ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ යෝජනාව ලබන අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී තීරණාත්මක වශයෙන් සලකා බැලීමට නියමිත බව වාර්තාවනවා. එදිනට ඉදිරිපත් කරන යෝජනාව සාමාජික රටවල ජන්ද විමසීමක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගියදා එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල්වල කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව සම්බන්ධයෙන් මීට පෙර අන්තර් ක්‍රියාකාරී සංවාදයක් පැවැත්වූ අතර එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද අයිතිය ඇති රටවල් දහයක් ඇතුළු රටවල් 21 ක් වාර්තාවට සහ අන්තර්ගතයට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය පළ කරමින් ප්‍රකාශයන් සිදුකළා. කෙසේ වෙතත් යුරෝපා සංගමය ඇතුළු රටවල් 15 ක් යෝජනාව ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව අවධාරණය කළා. මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ කඩිනම්, සවිස්තරා...
ලංකාවට කරන ජාත්‍යන්තර බලපෑම්වලට විරුද්ධයි / චීනය කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවට කරන ජාත්‍යන්තර බලපෑම්වලට විරුද්ධයි / චීනය කියයි

මානව හිමිකම් සහ සමාජ සංවර්ධනය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින අතර බාහිරින් මෙරටට සිදුකරන මැදිහත්වීම්ලට සහ දේශපාලන අරමුණු සඳහා මානව හිමිකම් භාවිතා කිරීමටත් දැඩි ලෙස විරුද්ධ බවත් චීනය පවසනවා. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මේ බව ප්‍රකාශ කළේ එරටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසියේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් පිළිබඳ ගැඹුරු විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය සිදුකළ ප්‍රකාශය ද චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මිත්‍රශීලී අසල්වැසියෙකු ලෙස චීනය බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව දේශපාලන ස්ථාවරත්වය, ජාතික සහයෝගීතාවය සහ එකමුතුකම පවත්වා යන අතරම සංවර්ධන ඉලක්ක ජය ගැනීම බවයි වැන්ග් වෙන්බින් මහතා පැවසුවේ. මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම, තිරසාර සමාජ ආර්ථික සංවර්ධනය,ජනතාවගේ ජීවනෝප...
මෙරට සම්බන්ධ ජිනීවා යෝජනාවට ලංකාවෙන් නිර්දේශ
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

මෙරට සම්බන්ධ ජිනීවා යෝජනාවට ලංකාවෙන් නිර්දේශ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව මධ්‍යගත කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවට නිර්දේශ නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, අදාළ නිර්දේශ ලබන සඳුදා ලබාදීමට නියමිත බවයි. ඒ අනුව ජිනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සහ මිත්‍ර රටවල් සමග ඒකාබද්ධව සකස් කරන නිර්දේශ එලෙස ලබාදීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව මධ්‍යගත කණ්ඩායමට අයත් රටවල් වන මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, මොන්ටනිගෝ රාජ්‍ය, උතුරු මැසඩෝනියාව සහ මලාවි යන රටවල් නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් මීට අදාළව ඊයේ පැවැති සාකච්ජාවේදී රටවල් බහුතරයක් ශ්‍රී ලංකාවේ ස්ථාවරයට පක්ෂව අදහස් දක්වනු ලැබුවා....
ජිනීවා සාකච්ජාවේදී  රටවල් 21ක් ලංකාවට පක්ෂයි / 15ක් විරුද්ධයි / 3ක් මධ්‍යස්ථයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ජිනීවා සාකච්ජාවේදී රටවල් 21ක් ලංකාවට පක්ෂයි / 15ක් විරුද්ධයි / 3ක් මධ්‍යස්ථයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට අදාළ යෝජනාව පිළිබද ඊයේ පැවැති සාකච්ජාවේදී රටවල් 21ක් ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් දක්වනු ලැබුවා. මෙරටට එරෙහි අදහස් දක්වා තිබුණේ යෝජනාව ඉදිරිපත් කළ රටවල් ද ඇතුලු රටවල් 15 ක් පමණයි. එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කළ අතර , එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමටයි ශ්‍රී ලංකාව කටයුතු කළේ. එක්සත් රාජධානිය, නෝර්වේ, කැනඩාව,අමෙරිකාව, ජර්මනිය සහ යුරෝපා සංගමය ලංකාවට එරෙහිව අදහස් දැක්වූ අතර මානව හිමිකම් සංවිධාන හා එල් ටී ටී ඊ හිතවාදී ඩයස්පෝරාව නියෝජනය කරන පිරිසක්ද ලංකාවට එරෙහිව සම්බාධක දමන ලෙසයි මෙහිදී ඉල්ලා සිටියේ. කෙසේ වෙතත්, ඉන්දියාව,ජපානය සහ ඕස්ට්‍රේලියාව මධ්‍යස්ථ ස්ථාවරයක පසුවුණා. මෙහිදී ශ්‍රී ලංකා රජයේ ස්ථාවරයට සහය පළ කළ රටවල් 21 අතුරින් 10 ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් වනවා. මෙම රටවල් වන්...
ලංකාවේ දෙමළ ජනතාවට සම අයිතිවාසිකම් දීමට කැපවනවා / ඉන්දියාව ජිනීවා හීදී ස්ථාවරයි කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවේ දෙමළ ජනතාවට සම අයිතිවාසිකම් දීමට කැපවනවා / ඉන්දියාව ජිනීවා හීදී ස්ථාවරයි කියයි

ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා ලෙස මෙරට දෙමල ජනතාවට සාධාරණ අයිතිවාසිකම් මෙන්ම සාමය ලබාදීම සඳහා කැපව සිටින බව ඉන්දියාව පවසනවා. ජගත් මානව හිමිකම් සංවිධානයේ ඉන්දීය නියෝජිත ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා මේ බව සදහන් කළේ, මානව හිමිකම් සංවිධානයේ 46 වන සැසිවාරයේ ලංකාව සම්බන්ධ යෝජනාවට අදහස් දක්වමින්. මෙරට දෙමල ජනතාවට අර්ථාන්විත බලය බෙදීමක් මෙන්ම , 13 වන සංශෝධනයට අනුව ඇතිකරගත් එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව ශ්‍රී ලංකාව උනන්දු කර ඇති බවද ඉන්දීය නියෝජිතයා ප්‍රකාශ කළා. ඉදිරියටත් ඒ සඳහා ශ්‍රී ලංකාවට මග පෙන්වන බවයි ඉන්දියාව අවධාරණය කළේ. කෙසේ වෙතත් මෙම යෝජනාවේදී ශ්‍රී ලංකාවට සහය දක්වන්නේ දැයි ඉන්දියාව ප්‍රකාශ නොකිරීම විශේෂත්වයක්....
ලංකාවට අදාළ ජිනීවා යෝජනා විවාදය ඇරඹෙයි / මහලේකම්වරියගේ යෝජනා ලංකාව ප්‍රතික්ෂේප කරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවට අදාළ ජිනීවා යෝජනා විවාදය ඇරඹෙයි / මහලේකම්වරියගේ යෝජනා ලංකාව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාව මානව හිමිකම් ඇතුළු ප්‍රතිසන්ධාන කටයුතුවල ඉලක්ක ජය ගැනීමට අපොහොසත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් ,මිචෙල් බැචලේට් චෝදනා කරනවා. ඇය මෙම අදහස් පල කළේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ගැන සාකච්ඡාවට එක්වෙමින්. 20 වන සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කරමින් , මෙම ගැටළුකාරී තත්ත්වය වර්ධනය කර ඇති බවටයි ඇය චෝදනා කළේ. මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රතිචාර දැක්වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ස්වාධීන රටවලට බලපෑම් කිරීමේ සමය අවසන් කළ යුතු බවයි. මෙවර ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා පැවසුවා. ශ්‍රී ලංකාව වැනි රටවලට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් වන යෝජනාවට අදාළව පිළිගත නොහැකි ප්‍රචාරණයක් මෙවර මහ කොමසාරිස්වරිය සි...
ජිනීවා සැසිවාරයේදී ලංකාව වෙනුවෙන් රටවල් 18ක් / නවතම වාර්තා හෙළිකරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ජිනීවා සැසිවාරයේදී ලංකාව වෙනුවෙන් රටවල් 18ක් / නවතම වාර්තා හෙළිකරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී රටවල් 18 ක් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සෘජුවම ඉදිරිපත්ව ඇතැයි ,තොරතුරු අනාවරණවී තිබෙනවා. ඒ අනුව සැසිවාරය තුල ශ්‍රී ලංකාවට පක්ෂව එම රටවල් අදහස් දැක්වීමට නියමිත බවද අදාළ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණ කළා. මානව හිමිකම් සහ වගවීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවක් සම්මත කර ගැනීමට ප්‍රධාන රටවල් සමූහය ගත් උත්සාහය වලක්වා ගැනීම සඳහා අදාළ රටවල සහයෝගය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ජා පවත්වා තිබුණා. ඒ අනුව රටවල් 51 කට මීට අදාළ ලිපි යොමුකර තිබූ බවද එම වාර්තාවල සදහන්. කෙසේ වෙතත්, ඉන්දියාව තවමත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කර නොමැති අතර ඩෙකෑන් හැරල්ඩ් පුවත්පත පැවසුවේ ඉන්දියාව ලංකාවට එරෙහි කිසිදු පියවරකට නොයෑමේ ප්‍රතිපත්තියක පසුවන බවයි. එහෙත් එය ඉන්දීය රජයේ නිල ස්ථාවරය දැයි අනාවරණ කර නැහැ. ඉන්දියාව සමඟ ඒකාබද්ධව කොළඹ...
විදේශ ඇමති ජිනීවා අමතයි / ලංකාවේ ප්‍රතිචාරය මෙන්න  – සිංහල – Video
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

විදේශ ඇමති ජිනීවා අමතයි / ලංකාවේ ප්‍රතිචාරය මෙන්න – සිංහල – Video

මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යෝජනාවක් ප්‍රතික්ෂේප කරන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජික රටවලින් අද ඉල්ලීමක් කළා. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ , එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසිවාරය අමතමින්. සභාපතිතුමියනි, මහ කොමසාරිස්තුමියනි, සම්භාවනීය තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, 1. අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම වාර්තාව පිළිබඳ පෙර නොවූ විරූ අන්දමේ ප්‍රචාරක ව්‍යාපාරයක් ද සිදුකර තිබේ. 2. දශක තුනක් තිස්සේ පැවති ගැටුම්වලින් අනතුරුව, ශ්‍රී ලංකාවේවීරෝදාර සන්නද්ධ හමුදා විසින් 2009 දී එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් උදාසීන කරන ලදී. ලෝකයේ වඩාත්ම කුරිරු බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයෙන් සිය ඒකීය රා...
ජිනීවා සැසිවාරයේදී ඉන්දියාවේ සහාය ලංකාවට / ඉන්දීය මාධ්‍ය හෙළිකරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ජිනීවා සැසිවාරයේදී ඉන්දියාවේ සහාය ලංකාවට / ඉන්දීය මාධ්‍ය හෙළිකරයි

මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි නොවීමේ සූදානමක පසුවන බව ඉන්දියාවේ ඩෙකෑන් හැරල්ඩ් පුවත්පත වාර්තාකර තිබෙනවා. ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත පවසන්නේ ,එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් ඕනෑම පාර්ශවයක් රටක ස්වාධීනත්වයට බලපෑම් නොකළ යුතුය යන ස්ථාවරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැරීමට මෙවර ඉන්දියාව තීරණය කර ඇති බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහි පියවරට සහයෝගය දෙන ලෙස ඩී.එම්.කේ නායක එම්.කේ. ස්ටාලින් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම ප්‍රතික්ෂේපවී ඇතැයි ද මෙම වාර්තාව අනාවරණ කළා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් හටගත් මතභේදකාරී තත්ත්වය නොසලකා ඉන්දියාව මෙම තීරණයට එළඹ ඇති බවද ඩෙකෑන් හැරල්ඩ් වාර්තා කළා. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අදාළ එකඟතාවය බිද දැමීමට චීනය ක්‍රියාත්මක වූ බව ඉන්දියා...
ජිනීවා චෝදනාවලට ලංකාව පිළිතුරු යවයි / චෝදනා ප්‍රතික්ෂේප කරලා
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ජිනීවා චෝදනාවලට ලංකාව පිළිතුරු යවයි / චෝදනා ප්‍රතික්ෂේප කරලා

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමකම් කඩවී ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබෙනවා. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ මිෂෙල් බැෂෙලේ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව යොමුකර ඇති බවයි. ප්‍රධාන කරුණු දෙකක් මූලික කර ගනිමින් එම වාර්තාව ප්‍රතිකේෂ්ප කිරීමට තීරණය කළ බව ද එමගින් දන්වා තිබෙනවා. ඒ වර්තමාන රජය කෙරෙහි ද්වේෂකාරී ලෙස තම විෂය පථයට අදාළ නොවන ලෙස එම වාර්තාව සකසා තිබීම සහ චෝදනා පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කිරීමට අපහසුවීමත් යන කරුණු දක්වමින්. මේ පිළිබද සවිස්තර ප්‍රතිචාරය ඉදිරියේ දී අනාවරණ කරන බවද අමාත්‍යවරයා පැවසුවා....
ජිනීවා චෝදනාවලට ප්‍රති යෝජනා නොදෙන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනපතිගෙන් ඉල්ලයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ජිනීවා චෝදනාවලට ප්‍රති යෝජනා නොදෙන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනපතිගෙන් ඉල්ලයි

46 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී එල්ලවී ඇති චෝදනාවලට අදාළව ප්‍රති යෝජනාවක් කිරීමෙන් වැළකී ,ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම මගින් ඊට ප්‍රතිචාර දක්වන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ඊට අදාළව එම සංවිධානය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියයි. අතිගරු ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ 2021/01/12 දින දරණ වාර්තාව මගින් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට රජය විසින් ප්‍රතිචාර දැක්වීම පිළිබද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් 46 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට අදාළව ඉදිරිපත්කොට ඇති වාර්තාව පිළිබඳව ජනවාරි 27 දින ශ්‍රී ලංකාවේ රජය විසින් පිළිතුරු බැඳීමට නියමිත විය. මේ වන විට ජනමාධ්‍ය මගින් වාර්තා වන තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ රජය ඊට එරෙහිව දැඩි ප්‍රතිචාර දක්වා ඇත. එම ...
ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාවට බ්‍රිතාන්‍යයේ සහාය
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාවට බ්‍රිතාන්‍යයේ සහාය

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා සැසිවාරයට ඉදිරිපත් වන යෝජනාවට සහාය පළකරන බව බ්‍රිතාන්‍යය පවසනවා. ජිනීවා හී එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත ඩූලියන් බේ්‍රත්වෙයිට් මේ බව තහවුරු කළා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා එම පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.
ලංකාවට කඩා පාත්වෙන ජිනීවා මරාලය / මූලික වාර්තාව හෙළිකරයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවට කඩා පාත්වෙන ජිනීවා මරාලය / මූලික වාර්තාව හෙළිකරයි

එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන්ට ශ්‍රී ලංකාවේ තත්ත්වය ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කළ හැකි අතරම, බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා ලැබූ නිලධාරීන්ට එරෙහිව ඉලක්කගත සම්බාධක පැනවිය හැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් පවසනවා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම ලෙස නම් කරමින් ඊයේ නිකුත්වූ වාර්තාවෙන් මේ බව පෙන්වා දී තිබෙනවා. පෙබරවාරි 22 සිට මාර්තු 19 දක්වා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේ දී මෙම වාර්තාව සාකච්ජාවට ලක් කිරීමට නියමිතයි. මෙම මූලික වාර්තාව නිකුත් කරමින් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය පවසන්නේ ශ්‍රී ලංකාවේ යුධ අපරාධ චෝදනා ලැබූ සියලුම පාර්ශවයන්ට බාහිර අධිකරණ හෝ ජාත්‍යන්තර අධිකරණ බලය පිළිබඳ පිළිගත් මූලධර්ම අනුව පියවර ගත හැකි බවයි. වාර්තාවේ නිගමන මගින් මහ කොමසාරිස්වරයා පවසන්...
ලාංකිකයන්ට තහනමක් පනවන්න ජිනීවා වෙත යෝජනාවක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලාංකිකයන්ට තහනමක් පනවන්න ජිනීවා වෙත යෝජනාවක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පිළිගත හැකි ශක්තිමත් සාක්ෂි පවතින බැවින් ශ්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි දැඩි තීරණ වෙත යෑමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවේ දැක්වෙනවා. ලබන මස අගදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ කිරීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත් කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් මෙම වාර්තාව සම්පාදනය කර තිබුණා. ශ්‍රී ලංකාව පසුගිය වසරේ (2020) පෙබරවාරි මාසයේ දී මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීමෙන් අනතුරුව සුළුතර ජාතීන් කෙරෙහි එල්ල කරන ප්‍රචණ්ඩත්වය සහ වෙනත් බලපෑම් විශාල ලෙස වැඩි කර ඇතැයි එම වාර්තාවේ දැක්වෙනවා. එසේම සිවිල් සමාජ ක්‍රියාකාරින්ට එරෙහිව සිදු කෙරෙන බියගැන්වීම් මෙන්ම මෑත කාලීනව සුළුතර මුස්ලිම් ප්‍රජාවට...