Tag: ට්‍රිලියනය

යාපනයේ ,කන්දසාමිගේ ගිණුමට රුපියල් කෝටි ලක්ෂයක් ආවේ කොහෙන්ද ?
වැඩියෙන් නැරඹූ, විශේෂාංග

යාපනයේ ,කන්දසාමිගේ ගිණුමට රුපියල් කෝටි ලක්ෂයක් ආවේ කොහෙන්ද ?

රුපියල් කෝටි ගණනින් මුදල් සංසරණය වූ ගිණුම් පිළිබඳ පසුගිය කාල සීමාවේ රටේම කතාබහක් ඇති විය. වරෙක මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ ගිණුමකට රුපියල් කෝටි එකහමාරක් බැර වූ ආකාරය ගැන විමර්ශන කෙරුණේය. අනතුරුව මර්වින් ජානා නමැති කුඩු ජාවාරම්කරුට හිමි බව කියන බේකරියේ සේවය කළ එම්.ඩී. ගාමිණී නමැත්තාගේ ගිණුමකින් රුපියල් කෝටි දාහතරක ගනුදෙනු සිදු වී තිබූ බව ගල්කිස්ස පොලිසිය කළ විමර්ශනයකදී හෙළි විය. එසේම ඉහත කී මර්වින් ජානාගේ වැඩිමල් සොහොයුරිය වූ මනෝරි රන්දිමා නමැත්තියගේ බැංකු ගිණුමකින් රුපියල් දොළොස් කෝටි හැටනව ලක්ෂයක මුදලක් සංසරණය වූ බවද හෙළි විය. ඇයගේ නමින්ම ඇති තවත් ගිණුමකින් රුපියල් ලක්ෂ තුන්සිය හයකට වඩා වැඩි මුදලක් සංසරණය වී ඇති බවද දැන් හෙළි වී තිබේ. මීට අමතරව මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය කළ විමර්ශනයක දී හෙළි වී ඇත්තේ දෙමළ ජාතිකයකුගේ නමින් පවත්වාගෙන ගිය බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ හාරදහසක මුදලක...