Tag: ටික් ටොක්

ටික් ටොක් සමාගමට යුරෝපයෙන් දඩ නියමවීමේ අවදානමක්
ලෝකය වටා

ටික් ටොක් සමාගමට යුරෝපයෙන් දඩ නියමවීමේ අවදානමක්

ලෝකයේ ප්‍රකට කෙටි වීඩියෝ යෙදුමක් වන ටික් ටොක් සේවාව යුරෝපය තුල දඩ මුදලකට හෝ තහනමකට ලක්වීමේ අවදානමකට ලක්ව තිබෙනවා. ඒ ටික් ටොක් විසින් පරිශීලකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවටත් , බාල වයස්කරුවන් නුසුදුසු දේ සඳහා නිරාවරණය කළ බවටත් චෝදනා කරමින් , යුරෝපීය පාරිභෝගික අයිතිවාසිකම් කණ්ඩායමක් පැමිණිල්ලක් ගොනු කිරීම සමඟයි. යුරෝපා කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල අනුව යුරෝපයේ රටවල් 27 ක ටික් ටොක් සේවාව ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂාවකට ලක්කිරීමට නියමිතයි. ටික් ටොක් තුල දරුවන්ට නොගැලපෙන මට්ටමේ වීඩියෝ සංසරණය වන බැවින් මෙම චෝදනාව පහසුවෙන් ඔප්පු කළ හැකි බවයි චෝදනාව එල්ල කර ඇති කණ්ඩායම පෙන්වා දෙන්නේ. යුරෝපය තුල දරුවන් සම්බන්ධ නීති දැඩිව ක්‍රියාත්මක වන බැවින් , මෙය බරපතල මට්ටමෙන් සළකා පියවර ගැනීමට නියමිතයි. ...
පකිස්ථානයේ ටික් ටොක් තහනම තරුවට රට එපා කරයි
ලෝකය වටා

පකිස්ථානයේ ටික් ටොක් තහනම තරුවට රට එපා කරයි

චීනයේ නිර්මාණය කළ ලෝ ප්‍රකට ටික් ටොක් සමාජ මාධ්‍ය යෙදුම පාකිස්තානය විසින් තහනම් කර දින කිහිපයකට පසුව එරට ජනප්‍රියතම ටික්ටොක් තරුව වන ජැනත් මිර්සා රට හැර යාමට තීරණය කර තිබෙනවා. පාකිස්තානයේ තහනම සමග කෝටියක් පමණ වූ ජැනත් මිර්සාගේ අනුගාමිකයන් ඇයට අහිමිවී ඇති බවයි පකිස්ථාන මාධ්‍ය පවසන්නේ. ඒ අනුව ජපානයේ පදිංචියට යන බව ඇය නිවේදනය කර තිබුණා. චීනයේ සමීපතම රටක් වන පකිස්ථානය විසින් ටික් ටොක් තහනමක් පැනවීම ජාත්‍යන්තරයේ විමතියට ලක්වී තිබෙනවා. එරට තුලින් එල්ලවූ ආගමික බලපෑම් ඊට මුල්ව ඇති බවයි ප්‍රකාශ වන්නේ. මීට පෙර ඉන්දියාව විසින් ද ටික් ටොක් තහනම් කළ අතර එරටදීත් මෙවන් ගැටළු රැසක් හටගෙන තිබුණා. ...
ටික් ටොක් , දරුවන්ට මාරාන්තිකයි /තරුණියන්ට අනතුරුදායකයි
මතවාද, වැඩියෙන් නැරඹූ, විශේෂාංග

ටික් ටොක් , දරුවන්ට මාරාන්තිකයි /තරුණියන්ට අනතුරුදායකයි

ටික් ටොක් යෙදවුම හරහා දරුවන්ට මාරාන්තික බලපෑමක් එල්ල කරන බව ඉතාලි පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය පවසනවා. එම යෙදවුමට ඇබ්බැහි වන දරුවන් සිය දිවි හානි කර ගැනීම් සඳහා පහසුවෙන් පෙළඹවිය හැකි බවයි ඉතාලි පොලිසිය පවසන්නේ. එරටදී වාර්තාවූ කුඩා දරුවන්ගේ හදිසි මරණ සම්බන්ධ සිද්ධීන් කිහිපයකදීම ටික් ටොක් යෙදවුම හරහා දරුවන් විවිධ අභියෝගයන් හා අවසානයේ මරණය දක්වාම පෙළඹවීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව සීමාවන් පැනවීමකින් තොරව ටික් ටොක් යෙදවුමේ විවිධ අභියෝගයන් ආදිය ඉදිරිපත් කිරීම කිසිසේතම සුදුසු නොවන බවද මෙමගින් අවධාරණය කර තිබෙනවා. ඉතාලියෙන් අවසන් වරට වාර්තා වූ ටික් ටොක් යෙදවුම ආශ්‍රිත මරණයට ගොදුරුව තිබුණේ වයස අවුරුදු 10 දැරියක්. ඇය ටික් ටොක් හරහා ඉදිරිපත්වූ හුස්ම නොගෙන සිටීමේ අභියෝගයට තැත් කරන අතරතුර මරණයට පත්ව තිබුණා. ඒ මොළයට රුධිරය ගලායාම අඩපණවීමෙනුයි. මීට පෙර එම යෙදවුම ...