Tag: ටිබෙටය

ලොව පුරා ග්ලැසියර කඩා වැටීමට හේතුව හෙළිවෙයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ලොව පුරා ග්ලැසියර කඩා වැටීමට හේතුව හෙළිවෙයි

ලෝකයෙන් වාර්තාවන ග්ලැසියර බිදවැටීම් සඳහා දේශගුණික විපර්යාස බලපා ඇති බව අනාවරණවී තිබෙනවා. ඒ 2016 වසරේ බටහිර ටිබෙටයේ ග්ලැසියර දෙකක් කඩා වැටීම පිළිබද සිදුකළ විමර්ෂණවල ප්‍රතිඵල අනුවයි. එම සිදුවීමෙන් පසුව තවදුරටත් ටිබෙටයේ ග්ලැසියර බිදවැටීම් වාර්තා වන බවයි පර්යේෂණ කණ්ඩායම් පවසන්නේ. 2016 වසරේ සිදුවූ පළමු ග්ලැසියර අනතුරින් 9 දෙනකු මියගිය අතර ගවයින් සිය ගණනක්ද එහිදී මරණයට පත්වුණා. අරු කෝ විල සහ මේමාර් කෝ විල යන කඳුකර විල් ද මෙම ග්ලැසියර කඩා වැටීමේ අවදානමට ලක්ව ඇති බවයි විදයාඥයන් හෙළිකරගෙන ඇත්තේ. ඒ අනුව වසර 2ක් තුල එම විල්වල ජල මට්ටම අඩි 3කින් වර්ධනයවී ඇත්තේ ග්ලැසියර දියවීම හා කඩා වැටීම මතයි. ගෝලීය උණුසුම වර්ධනයවීම සමග මෙම ග්ලැසියර කඩාවැටීම් ධ්‍රැවීය කලාප , හිමාලය ආශ්‍රිතව ද වාර්තා වී තිබෙනවා. පසුගියදා ඉන්දියාවට අයත් හිමාල කලාපයේදී ග්ලැසියරයක් කඩා වැටුණු අතර එහිදී 50ක් මරණයට පත්ව 150 දෙනකු අත...
හොංකොං හා ටිබෙටය සමානයි / හොංකොං ආචාර්යවරයෙක් ලියයි
මතවාද

හොංකොං හා ටිබෙටය සමානයි / හොංකොං ආචාර්යවරයෙක් ලියයි

හොංකොං කලාපය චීනයේ පාලනයට ගෙන ඇති ආකාරය 1959 දී ටිබෙටය යටත් කර ගැනීම් තත්ත්වයට සමාන බව හොංකොං සරසවියේ ආචාර්ය සයිමන් ෂෙන් පවසනවා. හොංකොං හි වර්තමාන ප්‍රතිරාවය ටිබෙටයේ අතීතය නමින් ලිපියක් සපයමින් ඔහු පවසන්නේ විදේශීය බලපෑම් එල්ලවීමේ හැකියාව සමනය කිරීම සඳහා චීනය මෙම පියවරයන් ගත් බව අවස්ථා දෙක තුලදීම පෙන්නුම් කරන බවයි. 1951 දී චීනය ටිබෙට් දේශසීමා නගරයක් වන චැම්ඩෝ අල්ලා ගත් අතර පසුව ආණ්ඩු දෙක අතර කරුණු 17 ක ගිවිසුමක් අත්සන් කළ බවද ඔහු පවසනවා. ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ටිබෙටය පිළිබඳ චීන ස්වෛරීභාවය තහවුරු වූ අතර ටිබෙටයට කලාපීය ස්වයං පාලනයක් ලබාදී තිබුණා. මෙම කලාප දෙක තුළ සමාජවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ද සමාන තත්ත්වයක් බවයි ආචාර්යවරයා පවසන්නේ. කෙසේ වෙතත් තවදුරටත් ටිබෙටයේ මෙන්ම හොංකොං හී ද ජනතාව නිදහස අපේක්ෂාවෙන් අරගලයක නිරත වන බවද ආචාර්යා සදහන් කරනවා. කෙසේ වෙතත් චීනයේ සම්ප්‍රදායික ...