Tag: ඩුබායි

ලතීෆා කුමරිය ගෙදර ඉන්නවා / ආන්දෝලනාත්මක වීඩියෝවට ඩුබායි රජ පවුලෙන් ප්‍රතිචාර
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ලතීෆා කුමරිය ගෙදර ඉන්නවා / ආන්දෝලනාත්මක වීඩියෝවට ඩුබායි රජ පවුලෙන් ප්‍රතිචාර

ඩුබායි පාලකයාගේ දියණිය වන ලතීෆා කුමරිය සුරක්ෂිතව නිවසේ රැදී සිටින බවයි ඩුබායි හී රාජකීය පවුල පවසනවා. ලතීෆා කුමරිය විසින් තමන් බලහත්කාරයෙන් සිර කරගෙන සිටින බවට නිකුත් කළ රහසිගත වීඩියෝව පිළිබද බී බී සී ය කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් රාජකීය පවුල මේ බව ප්‍රකාශ කර තිබුණා. තමන් බරපතල අවදානමක සිටින බවත් ජීවිතය පිළිබද අවිනිශ්චිත තත්ත්වයක් පවතින බවත් ඇය වීඩියෝවෙන් ප්‍රකාශ කර තිබුණා. 2018 වසරේදී රටින් පලායාමට තැත් කිරීමෙන් පසුව ඇය මෙසේ නිවාඩ අඩස්සියේ රදවාගෙන සිටින බවටයි චෝදනා කර තිබුණේ. මේ අතර අදාළ වීඩියෝව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු පාර්ශව ගණනාවක් අවධානය යොමුකර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පැවසුවේ ලතීෆා කුමරිය ජීවතුන් අතර සිටින බවට ඩුබායි රාජකීය පවුල සාධක ඉදිරිපත් කළ යුතු බවයි. ඊට ප්‍රතිචාර දක්වන ඩුබායි රාජකීය පවුල පවසන්නේ ඇය නිවසේ ආදරය හා වෛද්‍යවරුන්ගේ පරීක්ෂා...
ඩුබායි හී දැවැන්ත හින්දු කෝවිලක් ගොඩනගයි
ලෝකය වටා

ඩුබායි හී දැවැන්ත හින්දු කෝවිලක් ගොඩනගයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ,ඩුබායි හී දැවැන්ත හින්දු කොවිලක් ගොඩනැගීමට පියවර ගනිමින් පවතින බව කාලීජ් ටයිම්ස් පුවත්පත පවසනවා. විශාල මට්ටමෙන් ඉදිවන මෙම කෝවිල ලබන වසරේ ඔක්තෝම්බර් මාසයට පෙර විවෘත කිරීමටයි නියමිත වන්නේ. දැනට ඩුබායි හී පවතින හින්දු කෝවිලක් ආශ්‍රිතවම නව කෝවිල නිර්මාණයවීම විශේෂත්වයක්. අරාබිකරයේ අනෙක් රටවලට සාපේක්ෂාව ඩුබායි හී පවතින ආගමික නිදහස මෙයින් පෙන්නුම් කරන බවයි කාලීජ් ටයිම්ස් පවසන්නේ. එරටට පැමිණෙන හින්දු බැතිමතුන්ගේ වන්දනාව වෙනුවෙන් මෙම කෝවිල වෙන්වනු ඇති. එසේම ඩුබායි හී හින්දු සංස්කෘතික වැඩසටහන් වෙනුවෙන් ද නව ඉදිකිරීම භාවිත කිරීමට නියමිතයි. ...