Tag: ඩොනල්ඩ් ට්‍රම්ප්

ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය ඉහළට / 2024 ජනපති සටනටත් සැරසෙයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය ඉහළට / 2024 ජනපති සටනටත් සැරසෙයි

2024 අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා තරග කිරීම පිළිබද යළි සළකා බලමින් පවතින බව හිටපු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. යළිත් රිපබ්ලිකන් පක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකයා බවට පත්වෙමින් ඒ සඳහා ඉදිරිපත්වීමටයි ඔහුගේ අවධානය යොමුකර ඇත්තේ. තමන් නව පක්ෂයක් නිර්මාණය කරමින් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පැතිරයන පුවත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජනතාවගේ සහායෙන් රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය ලබාගත හැකි බවත් ඉන් පසු යළිත් ධවල මන්දිරයට පැමිණීමට හැකියාව ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, සිය ආධාරකරුවන් පිරිසක් අමතමින්. අමෙරිකානු ජනපතිවරණයෙන් පරාජයවීමෙන් පසු හා දෝෂාභියෝගය ජය ගැනීමෙන් පසු හිටපු ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය වර්ධනය වෙමින් පවතින බවයි අමෙරිකානු සමීක්ෂණ වාර්තා පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තහනමක් පැවතීම හේතුවෙන් ඔහුගේ අදහස් මහජනතාව වෙත අඩුවශයෙන්...
පැරදුණු ට්‍රම්ප් යළිත් ජය ගනී / 2024 යළි ජනපති සටනට
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

පැරදුණු ට්‍රම්ප් යළිත් ජය ගනී / 2024 යළි ජනපති සටනට

දෙවන වරටත් තමන්ට එල්ලවූ දෝෂාභියෝගයෙන් ගැලවීමට හිටපු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව තිඛෙනවා. ඒ ඔහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සෙනෙට් මණ්ඩලයේ පැවැති ජන්ද විමසීමේදී තුනෙන් දෙකක බහුතරය නොමැති වීම මතයි. ඒ අනුව ධූර කාලය තුල දෙවරක් දෝෂාභියෝග වලට ලක්වූ හා එම අවස්ථා දෙකම ජයගත් පළමු අමෙරිකානු ජනපති බවටයි ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වන්නේ. කොංග්‍රසයේ කටයුතුවලට බාධා කරමින්, ජනතාව උසි ගැන්වීමට කුමන්ත්‍රණය කළැයි යන චෝදනා මුල්කොට ගනිමින් ට්‍රම්ප්ට එරෙහිව ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් එම දෝෂාභියෝගය ඉදිරිපත් කර තිබුණා. මීට අදාළ ජන්ද විමසීමේදී දෝෂාභියෝගයට පක්ෂව ජන්ද 57 ක් හිමිවුවද ඊට එරෙහිව ජන්ද 47ක් ලැබී තිබුණා. මේ අතර අමෙරිකානු මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම තීන්දුව සමග ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 අමෙරිකානු ජනපති සටනට යළි තරග වැදීමේ බාධකය ඉවත් කරගත් බවයි. ...
ගෙදර ගිය ට්‍රම්ප්ට කැරකෙන නොබෙල් සාම තෑග්ග
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ, විශේෂාංග

ගෙදර ගිය ට්‍රම්ප්ට කැරකෙන නොබෙල් සාම තෑග්ග

ජනපතිවරණ පරාජයෙන් පසු ධුරයෙන් ඉවත්ව ගිය අමෙරිකාවෙ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශවී තිබෙනවා.රොයිටර් පුවත් සේවය සඳහන් කළේ ඊශ්‍රායලය හා අරාබි රටවල් අතර සාමය ඇති කිරීම, උතුරු කොරියා හා දකුණු කොරියාව අතර සාමයට මඟ පෙන්වීම ආදී සාධක මීට හේතුවී ඇති බවයි. මේ අතර ළමා ක්‍රියාකාරිණියක වන ග්‍රේටා තුන්බර්ග් ද මෙවර ද නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ වුණා.ඒ ඇයගේ ෆ්‍රයිඩේ ෆෝ ද ෆියුචර් වැඩසටහන වෙනුවෙන්. මේ අතර රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්ස් නවාල්නි ද නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශවී තිබෙනවා. ඒ රුසියානු ජනතාවගේ නිදහස වෙනුවෙන් සාමකාමී හා අවදානම් සහිත ව්‍යාපාරයක නිරතවීම මතයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ සඳහා නිර්දේශ වී ඇත්තේ දිළිදු රටවලට කොරෝනා එන්නත් ලබාදීමට මැදිහත්වීම මතයි. එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම හා නේටෝ සංවිධානය ද මෙම නිර්දේශ නාම අතරට ඇතුලත්. ...
ගෙදර ගිය ට්‍රම්ප් යළිත් වැඩ අල්ලයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ගෙදර ගිය ට්‍රම්ප් යළිත් වැඩ අල්ලයි

පළමු ධූර කාලයෙන් පසු ජනපති ධුරය හැරයාමට සිදුවූ අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යලි දේශපාලන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සිය නව කාර්යාලය ආරම්භ කරමින්. එය නම් කර ඇත්තේ Office Of The Former President හෙවත් හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය ලෙසයි. ඉදිරි දේශපාලන කටයුතු හා නිවේදන නිකුත් කිරීම හා සංවිධාන මෙහෙයුම් එහි සිට සිදුකිරීමට නියමිතයි. මේ පිළිබද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අමෙරිකානු ජනතාවගේ සදාකාලික වීරයා ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි. ඔහු ඉදිරියටත් අමෙරිකාව වෙනුවෙන් කටයුතු කරනු ඇතැයිද එම නිවේදනයේ දක්වා තිබුණා....