Tag: තල්පේ

තල්පේ වෙරළේ ස්වභාවික හතරුස් කොටු නාන තටාකය – Photos
වැඩියෙන් නැරඹූ, සංචාරය

තල්පේ වෙරළේ ස්වභාවික හතරුස් කොටු නාන තටාකය – Photos

අද අපේ සංචාරය සටහන වෙන් වන්නේ  තවත් ලස්සන මුහුදු තීරයක්, ඒ වගේම නාන තටාකයක් පිළිබදවයි. තල්පේ වෙරළ යනු තවත් සංචාරක තෝතැන්නකි. තල්පේ වෙරළ තීරයේ එක්තරා සීමිත ඉඩක පවතින ගල්වැටියක නිර්මාණය වෙලා තියෙන තටාක කිහිපයක් දැඩි සංචාරක තෝතැන්නක් බවට පත්ව තිබේ. මේ තැන වර්තමානය කියන්න කලින් අතීතය බලමුද? මීට වසර ගණනාවකට පෙර භාවිතයෙන් අත්හැර දමන ලද මෙම වළවල් එකල භාවිත කර ඇත්තේ පොල්ලෙලි පල් කිරීම සඳහාය. අද යස අපූරුවට බැහැගෙන ඉන්නේ පොල්ලෙලි පල් කරපු වලවල් වල පෙර කාලයේ ලංකාවේ සුදු පොල් කොහු පල් කරපු එකම ස්ථානය මෙය වන අතර මෙම ප්‍රදේශයේ එම කර්තව්‍යය සිදු කරන ලද ජනතාව මුහුදේ තිබූ මෙම ගල්පරය හතරැස් කොටු ලෙසට හාරා තිබේ. අද වන විට මෙම වළවල් සුන්දර තටාක ලෙස දැකිය හැකි අතර ජනතාව මෙම වළවල් තුළ බැස විනෝද වීම සහ ජල ස්නානය සිදු කරයි. ඕක තමා මෙහි ඉතිහාසය. පෙණපිඩු නගමින් වෙරළේ හැපෙන්නට එන රළ කඳ මෙම ගල් පරය...