Tag: ත්‍රස්ත

සහරාන්ගේ ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියන් 10ක් අත්අඩංගුවේ / 5ක් මිය ගිහින්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සහරාන්ගේ ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියන් 10ක් අත්අඩංගුවේ / 5ක් මිය ගිහින්

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව මෙහෙයවූ සහරාන් හෂීම් විසින් පවත්වන ලද අන්තවාදී පුහුණුව සඳහා සහභාගී වූ කාන්තාවන් 10 දෙනකු මේ වන විට අත්අඩංගුවේ පසුවන බව පොලිසිය පවසනවා. කාන්තාවන් 15 දෙනකු මෙම පුහුණුව ලබා ඇතැයි හෙළිව ඇති අතර ඉන් 5 දෙනකු මරණයට පත්ව තිබුණා. මෙම අන්තවාදය පිළිබඳ පුහුණුවට සහභාගී වූ 24 හැවිරිදි මොහොමඩ් ඉබ්‍රාහිම් සයිඩා නැමැත්තිය ත‍්‍රස්ත විමර්ශන අංශය විසින් සිකුරාදා මාවනැල්ලේදී අත්අඩංගුවට ගනු ලැබුවා. සහරන් විසින් 2018 වසරේ දෙසැම්බර් මාසයේ, කත්තන්කුඩි ප්‍රදේශයේදී මෙම පුහුණුව පවත්වා ඇති බවයි හෙළිව ඇත්තේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින 5 කට පසුව සැකකාරියගෙන් ත්‍රස්ත විමර්ෂණ අංශය ප්‍රශ්නකර තිබුණද ඇය මේ පිළිබද තොරතුරු සඟවා තිබූ බවද හෙළිව තිබෙනවා. මෙම පුහුණුව ලැබූ සැකකාරියන් 10 දෙනාගෙන් 3 දෙනකු රිමාන්ඩ් භාරයේ පසුවන අතර ඉතිරි 7 දෙනා ත්‍රස්ත විමර්ෂණ අංශය භාරයේ පසුවනවා. අන්තවාදය...
පකිස්ථානයේ ත්‍රස්ත විරෝධී අංශයේ නිලධාරියකු ඝාතනය කරයි
ලෝකය වටා

පකිස්ථානයේ ත්‍රස්ත විරෝධී අංශයේ නිලධාරියකු ඝාතනය කරයි

පකිස්ථානයේ පෙෂාවර් හි එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් එරට ත්‍රස්ත විරෝධී අංශයේ ඉහළ මට්ටමේ නිලධාරියෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පැවසුවේ එරට මධ්‍යම බන්ධනාගාරය ආසන්නයේදී ප්‍රහාරය එල්ලව ඇති බවයි. සිද්ධියෙන් තවත් නිලධාරියකු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු විසින් භාරගෙන නැහැ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පකිස්ථාන පොලිසිය පවසන්නේ....
ප්‍රාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද කොමිසමේ විමර්ෂණ වාර්තාව හෙට ජනපතිට
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ප්‍රාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද කොමිසමේ විමර්ෂණ වාර්තාව හෙට ජනපතිට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හෙට ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 11 ට එම වාර්තාව ජනාධිපතිවරයාට ලබා දෙන බවයි එම කොමිසමේ නිලධාරියකු අනාවරණ කළේ. මෙම කොමිසම 2019 වසරේ සැප්තැම්බර් 21 වනදා පත් කළ අතර ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. කොමිසම පත් කළ පසු අවස්ථා 214 කදී රැස්ව ඇති අතර සාක්ෂිකරුවන් 457 දෙනකුගේ සාක්ෂි අවස්ථා 640 කදී ලබා ගනිමින් මෙම අවසන් වාර්තාව සකස් කර තිබෙනවා....