Tag: දකුණු චීන මුහුද

අමෙරිකාවෙන් චීනයට දැඩි ප්‍රතිචාරයක් / දකුණු චීන මුහුද උණුසුම් වන ලකුණු
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

අමෙරිකාවෙන් චීනයට දැඩි ප්‍රතිචාරයක් / දකුණු චීන මුහුද උණුසුම් වන ලකුණු

දකුණු චීන මුහුදේ සියයට 90ක් තමන් සතු බවට චීනය සිදුකළ ප්‍රකාශය අමෙරිකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටොනි බ්ලින්කෙන් පැවසුවේ එම කලාපයේ සම්ප්‍රදායික හිමිකරුවන් වන නැගෙනහිර ආසියාතික රටවල් වෙනුවෙන් දැඩිව පෙනී සිටින බවයි. මේ වන විට අමෙරිකානු යුධ නැව් සමූහයක් , දකුණු චීන මුහුදට ළගාවී සිටින අතර ඊට චීනයේ දැඩි විරෝධයක් පළව තිබෙනවා. තම මුහුදු කලාපය ආක්‍රමණයෙන් අමෙරිකාව වැළකිය යුතු බවයි චීනය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ. කෙසේ වෙතත් චීනයේ එම අයිතිවාසිකම් කීම නීති විරෝධී හා ජාත්‍යන්තර නීතීන් කඩ කිරීමක් බවද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසනවා. ලෝකයේ නාවික ගමනාගමනයෙන් 3 න් 2ක් සිදුවන මුහුදු කලාපය චීනයට යටත් කර ගැනීමට ඉඩ නොදෙන බවයි ඔහු අවධාරණය කළේ. මෙම තත්ත්වය සමග චීනය හා අමෙරිකාව අතර මතභේදය තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා. මෙතෙක් දකුනු චීන මුහුදේ අයිතිය පැවැති රටවල් ස...