Tag: දයාසිරි ජයසේකර

සහරාන් පිටුපස සිටි බලවේගය හදුනාගත යුතුයි -රාජ්‍ය ඇමති දයාසිරි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සහරාන් පිටුපස සිටි බලවේගය හදුනාගත යුතුයි -රාජ්‍ය ඇමති දයාසිරි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ බෝම්බ කරුවන් පිටුපස සිටි පාර්ශව පිළිබද අවධායනය යොමු කළ යුතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. කුරුණෑගල පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  වරදකරුවෙකු නොමැති තත්ත්වයකට පත්ව ඇති බවයි. වෙනත් පුද්ගලයින් වරදකරුවන් බවට පත් කරමින් සිටින බවත් පාස්කු ප්‍රහාරයෙකු බෝම්බකරු සහරාන් පිටුපස සිටි බලවේගය හදුනාගත යුතු බවත් දයාසිරි ජයසේකර මහතා සදහන් කළා. නැතහොත් අනාගතයේදීත් මෙවැනි ප්‍රහාර සිදුවිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය....
රජය නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම අනවශ්‍ය වැඩක් – ඇමැති දයාසිරි
ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

රජය නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම අනවශ්‍ය වැඩක් – ඇමැති දයාසිරි

තවත් දවස් හතක් නිවසේ සිට නිරෝධයනය වීමට සෞඛ්‍ය උපදෙස් ලැබී ඇතැයි බතික් හා අත් යන්ත්‍ර ඇමැති දයාසිරි ජයසේකර පවසනවා. ‘‘මේ නිරෝධායන වියදම ආණ්ඩුවට දරන්න බැහැ. විශාල වියදමක් දරමින් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. දැන් මං හිටපු කොග්ගල මධ්‍යස්ථානයේත් හිටියා කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ අයත්. ඒ අයටත් කෑමට බීමට වගේම අනෙකුත් දේ වෙනුවෙන් ආණ්ඩුව ගෙවන්න ඕනේ. අපේ එකේ නම් අපි හිටියේ මුදල් ගෙවලා. ඒත් රජය විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන කියන්නේ සම්පූර්ණයෙන්ම අනවශ්‍ය වැඩක්. මම නම් යෝජනා කරන්නේ නිවෙස්වලම මේ අයට නිරෝධායනය වෙන්න අවස්ථාව දෙන්න කියලා. සිරස්තල යොදමින් ප්‍රවෘත්තිවල මේවා ප්‍රචාරය කරන එක නතර කළ යුතුයි. මාධ්‍යවලින් විය යුත්තේ උණ, හිසරදය, කැස්ස, ඇඟපත වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව සහ කට තිත්ත ගතියක් ඇත්නම් එවැනි අයට නිවෙස්වල නිරෝධායනය වෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂ...