විදේශ ඇමති ජිනීවා අමතයි / ලංකාවේ ප්‍රතිචාරය මෙන්න – සිංහල – Video
මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යෝජනාවක් ප්‍රතික්ෂේප කරන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජික රටවලින් අද ඉල්ලීමක් කළා.
ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ , එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසිවාරය අමතමින්.
සභාපතිතුමියනි,
මහ කොමසාරිස්තුමියනි,
සම්භාවනීය තානාපතිවරුනි,
නෝනාවරුනි, මහත්වරුනි,
1. අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම වාර්තාව පිළිබඳ පෙර නොවූ විරූ අන්දමේ ප්රචාරක ව්‍යාපාරයක් ද සිදුකර තිබේ.
2. දශක තුනක් තිස්සේ පැවති ගැටුම්වලින් අනතුරුව, ශ්‍රී ලංකාවේවීරෝදාර සන්නද්ධ හමුදා විසින් 2009 දී එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් උදාසීන කරන ලදී. ලෝකයේ වඩාත්ම කුරිරු බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයෙන් සිය ඒකීය රා...