උතුරේ දූපත් 3 විදුලි ව්‍යාපෘති චීනයට දීමේ අවසන් තීරණයක් නෑ / ඇමති ඩලස්
උතුරු මුහුදේ දූපත් තුනක් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත සූර්ය බල විදුලි ව්‍යාපෘති චීන සමාගමකට ලබාදෙන්නේ ද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අරුණ පුවත්පත සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
ව්‍යාපෘතිය චීන සමාගමකට ලබාදීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති නමුත් ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණ මෙතෙක් හිමිව නැති බවද ඇමතිවරයා පැවසුවා.
කැබිනට් තීරණයක් ගත්තහම ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිරීක්ෂණයක් සිදුකරනවා. ඒ නිරීක්ෂණ මෙතෙක් ලැබිලා නැති නිසා කැබිනට් තීරණය සම්පූර්ණයෙන් අනුමත වීමක් සිදුවෙලා නැහැ. මේ සම්බන්ධයන් මුදල් අමාත්‍යාංශය ඉල්ලන නිරීක්ෂණ විදුලිබල මණ්ඩලය විසින් ලබාදිය යුතුයි. එතකොට තමයි අවසන් තීන්දුවකට යන්නේග ඒ නිසා තවමත් මේ පිළිබඳ අවසන් තීන්දුවක් අරගෙන නැහැ.
සාමාන්‍ය...