Tag: දේවානී ජයතිලක

වන නිලධාරිනී දේවානී ජයතිලකට පරිසරවේදියකුගෙන් පැසසුම්
මතවාද, වැඩියෙන් නැරඹූ

වන නිලධාරිනී දේවානී ජයතිලකට පරිසරවේදියකුගෙන් පැසසුම්

මධ්‍යම අධිවේගී මාර්ගයට සම්බන්ධ වන ගම්පහ දාරළුව ප්‍රදේශයෙන් හමුවූ දුර්ලභ ශාකය විනාශයෙන් බේරා ගැනීමට මැදිහත්වූ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක මහත්මිය සම්බන්ධයෙන් පරිසරවේදී නීතීඥ ,ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා සමාජ මාධ්‍ය තුල සටහනක් තබා තිබෙනවා.එමගින් ඔහු පවසන්නේ කවරකු කවර අදහස් පල කළ ද ඇය සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරන බවයි. වනජීවී සංරක්ශනයේ වන සංරක්ශන නිලධාරීන් සතු බලතල​ මේ දිනවල කතා බහට ලක්ව තිබෙන සිද්ධියක් වන්නේ වන සංරක්ශන දෙපාර්තුමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය විසින් පසුගිය ඉරිදා Crudia zeylanica ගස් බේරා ගැනීම පිනිස කල මැදිහත්වීම වේ.එම ක්‍රියාව කිරීමට ඇයට නීතිමය බලතල නැති බවට සහ එය තමන් සතු බලය ඉක්මවා කටයුතු කර තිබෙන බවට යම් පාර්ශව විසින් අදහස් දක්වා තිබෙන බවට කෙරෙන විමසුම් වෙනුවෙන් මෙම ප්‍රතිචාරය පල කරමි. වන සංරක්ශන ආඥා පනතේ 60 වන වගන්තිය අනුව එම දෙපාර...