බහුතරයක් කියන්නේ බොරු /පොලිස්පතිගෙන් ජනපතිට වාර්තාවක්
පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව පවසමින් පැමිණිලි ඉදිරිපත් කර ඇති පොලිස් නිලධාරීන් බහුතරයක් එවැනි පළිගැනීම්වලට ලක්වූවන් නොවන බව අනාවරණවී තිබෙනවා.
අරුණ පුවත්පත වාර්තා කළේ පොලිස්පති චන්දන වික්‍රමරත්න ජනාධිපතිවරයාට ලබාදී ඇති වාර්තාවෙන් මෙම කරුණු හෙළිවී ඇති බවයි.
මේ ඊට අදාළව අරුණ පුවත්පත පළකර තිබූ වාර්තාවයි.
පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව කියන ලැයිස්තුවේ සිටින පොලිස් නිලධාරීන් බහුතරයක් එවැනි පළිගැනීම්වලට ලක්වූවන් නොවන බව පොලිස්පති චන්දන වික්‍රමරත්න ජනාධිපතිවරයාට ලබාදී ඇති වාර්තාවේ සඳහන් වේ.
එම නිසා මෙසේ දේශපාලන පළිගැනිම්වලට ලක්වූ බව කියමින් උසස්වීම් ලබාදීමට නිර්දේශ කර සිටින පොලිස් නිලධාරීන්ගේ පැටිකිරිය යළි සොයා බලන බව මහජන ආරක්ෂාව පිළිබඳ රියර් අද්මිරාල් සරත් වීරසේකර ‘අරුණ’ට ප්‍රකාශ කළේය.
දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ සිටින පොලිස් නිලධාරීන් සත්‍ය වශ...