Tag: ධම්මික පැණිය

ධම්මික පැණියේ සායනික පරීක්ෂාවට රෝගීන් ඉදිරිපත්වීමේ මැළිකමක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ධම්මික පැණියේ සායනික පරීක්ෂාවට රෝගීන් ඉදිරිපත්වීමේ මැළිකමක්

කොවිඩ් වයිරසයට ප්‍රතිකාරයක් යැයි කියමින් නිෂ්පාදිත ‘ධම්මික පැණිය’ සම්බන්ධයෙන් කෙරෙන සායනික පරීක්ෂණ සඳහා පුද්ගලයන් යොමු වීමේ ප්‍රවණතාව ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආරංචි මාර්ග සඳහන් කරයි. පරීක්ෂණ සඳහා කැමැත්ත පළ කරන පුද්ගලයන් සංඛ්‍යාව සියයට දහයේ සිට සියයට තුනක් දක්වා අඩු වී ඇතැයි ද එම ආරංචි මාර්ග කීවේය. එම පරීක්ෂණ කටයුතුවලට යොමු කෙරෙන්නේ වෛද්‍ය පීඨයට ආසන්න රෝහල් දෙකකට වෙනත් රෝගාබාධ සඳහා නේවාසිකව ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් ය. අමතර ආබාධවලින් තොර, සති දෙකක කාලයක් පරීක්ෂණ කටයුතු සඳහා නේවාසිකව සිටිය හැකි රෝගීන් මේ සඳහා යොදා ගැනේ. එවැනි රෝගීන් සියදෙනකුගෙන් දස දෙනෙක් පමණ පරීක්ෂණය සඳහා කැමැත්ත පළ කළ නමුත් මේ වන විට එම සංඛ්‍යාව සියයට තුනක් හතරක් දක්වා අඩු වී ඇතැයි ද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. පරීක්ෂණය සඳහා පුද්ගලයෝ එකසිය විසි අට දෙනෙක් යොදා ගත යුතු වන අතර ත...
ධම්මික පැණියේ සායනික පරීක්ෂාව ප්‍රමාදයට හේතුව හෙළිකරයි / ප්‍රමාණවත් ආසාදිතයන් නෑලු
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

ධම්මික පැණියේ සායනික පරීක්ෂාව ප්‍රමාදයට හේතුව හෙළිකරයි / ප්‍රමාණවත් ආසාදිතයන් නෑලු

ධම්මික පැණිය සම්බන්ධ සායනික පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාදවීමට වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රතිචාර දක්වා තිඛෙනවා. ඔහු පවසන්නේ සායනික පරීක්ෂාවට ආසාදිතයන් 128 දෙනකු සොයා ගැනීමට නොහැකිවීම මීට හේතුව බවයි. බොහෝ ආසාදිතයන් එම පැණියේ සායනික පරීක්ෂාවට සහභාගීවීම ප්‍රතික්ෂේප කරන අතර මේ දක්වා එම පරීක්ෂණයට සහභාගීවී ඇත්තේ 50කට අඩු පිරිසක් බවද අමාත්‍යවරයා පැවසුවා. ...