Tag: නවසීලන්තය

අවසන් තරගය ලංකාව දිනයි / තරගාවලියේ ජය නවසීලන්තයට

අවසන් තරගය ලංකාව දිනයි / තරගාවලියේ ජය නවසීලන්තයට

සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් ලකුණු 37ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ ලසිත් මාලිංගගේ වාර්තා බිහිකළ පන්දු යැවීම හමුවේයි. පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 125ක් පමණයි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 30යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 16කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 88ක් පමණයි. මෙහිදී ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග විස්සයි20 ලෝක වාර්තා කිහිපයක්ම පිහිටුවමින් පන්දු හතරකදී පිට පිටම කඩුලු 4ක් සමග ලකුණු 6කට කඩුලු 5ක් දවාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළා. විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි.
පළමු T20 තරගයේ ජය නවසීලන්තයට

පළමු T20 තරගයේ ජය නවසීලන්තයට

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 174ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 79 යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 33යි. ඉසුරු උදාන පන්දු 3කදී ලකුණු 15ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 19 යි පන්දු 3කදී කඩුලු 5ක් දැවී ලකුණු 175 ක් ලබාගත්තා. ලකුණු 48ක් රැස් කළ රොස් ටේලර් තරගයේ වීරයා බවට පත්වුණා. ලසිත් මාලිංග හා වනිදු හසරංග කඩුලු 2 බැගින් දවාගත්තා.
නවසීලන්තය පරදා ලංකාව අංක 1 වෙයි

නවසීලන්තය පරදා ලංකාව අංක 1 වෙයි

ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලි ලකුණු සටහනේ ලකුණු 60 ලබාගනිමින් ප්‍රථම ස්ථානයට පත්වීමට ශ‍්‍රී ලංකා පිල අද සමත්වුණා. ඒ නවසීළන්තය සමග ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගනිමින්. අද දිනට තරගය ආරම්භ කරන විට ලකුණු 268ක ඉලක්කය හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 133ක් රැස් කර ගෙන සිටියා. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න පලමු කඩුල්ලට ලකුණු 161ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැගූ අතර එය මෙරට ටෙස්ට් තරගයක අවසන් ඉනිමේදී ශ‍්‍රී ලංකා පිලේ හොදම ආරම්භක කඩුල්ලේ සබදතාවයයි. 1992 වසරෙන් පසුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරග වලදී පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ ඉහලම ලකුණු සබඳතාවයද එයයි. අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ට පිටියේ සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් අජාස් පටෙල් ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩ
ඉන්දියාව ගෙදර යවා නවසීලන්තය අවසන් තරගයට

ඉන්දියාව ගෙදර යවා නවසීලන්තය අවසන් තරගයට

ඉන්දියාවෙ ලෝක කුසලාන සිහිනය බොඳ කර අවසන් මහා තරගයට පිවිසීමට නවසීලන්තය අද සමත්වුණා. ඒ ලකුණු 18කින් තරගය ජය ගනිමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීළන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 239 යි. රොස් ටේලර් ලකුණු 74 යි. කේන් විලියම්සන් ලකුණු 67 යි. බුවනේෂ්වර් කුමාර් කඩුලු 3යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 221ක් පමණයි. වැඩිම ලකුණු ලාභියාවූ රවින්ද්‍ර ජඩේජා ලකුණු 77 යි. මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 50යි. තරගයේ වීරයා මැට් හෙන්රි. 1 of 2 Batting R B 4s 6s S/R Martin Guptill 1 14 0 0 7.14 c Virat Kohli b Jasprit Bumrah Henry Nicholls 28 51 2 0 54.90
නවසීලන්තය පරාජය කර කැන්ගරුවන්ට ජයක්

නවසීලන්තය පරාජය කර කැන්ගරුවන්ට ජයක්

මෙවර ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට දෙවන තරග පරාජය අත් කර දෙමින් ඔස්ට්‍රේලියාව ලකුණු 86ක ජයග්‍රහණයක් වාර්තා කළා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 243යි. උස්මන් කවාජා ලකුණු 88 යි. ටේ‍රන්ට් බෝල්ට් කඩුලු 4යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීළන්තය සියල්ලන් දැවී ලකුණු 157 යි. මිචෙල් ස්ටාක් කඩුලු 5යි. 1 of 2 Batting R B 4s 6s S/R David Warner 16 23 3 0 69.57 c Tom Latham b Lockie Ferguson Aaron Finch (C) 8 15 1 0 53.33 lbw b Trent Boult Usman Khawaja 88 129 5 0 68.22
අපරාජිත නවසීලන්තය පරදා පකිස්ථානය ජය ගනී

අපරාජිත නවසීලන්තය පරදා පකිස්ථානය ජය ගනී

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි නවසීළන්තය පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට පකිස්ථානය අද සමත් වුණා. ඒ කඩුලු 7 කින්. තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් නවසීළන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 237ක් රැස් කළා. ජේම්ස් නීෂම් නොදැවී ලකුණු 97 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය පන්දුවාර 49 යි එක් පන්දුවකදී කඩුලු 3ක් දැවී ලකුණු 241 ක් රැස් කළා. බාබර් අසාම් නොදැවී ලකුණු 101 යි. New Zealand -  Pakistan 1 of 2 Batting R B 4s 6s S/R Martin Guptill 5 4 1 0 125.00 b Mohammad Amir Colin Munro 12 17 2 0 70.59 c Haris Sohail b Shaheen Afridi
අපරාජිත නවසීලන්තයට තවත් ජයක්

අපරාජිත නවසීලන්තයට තවත් ජයක්

මෙවර ලෝක කුසලාන තරගාවලියේ අපරාජිත වාර්තාව යළි රැකගනිමින් දකුණු අප්‍රිකාවට එරෙහි තරගයද ජය ලැබීමට නවසීලන්තය අද සමත් වුණා. වර්ෂාව හේතුවෙන් පන්දුවාර 49කට සීමාවු තරගයේ පලමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6කට ලකුණු 241යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසිලන්තය පන්දුවාර 48 යි පන්දු 3කදී තරගය ජයගත්තේ කඩුලු 6කට ලකුණු 245ක් රැස් කරමින්. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් නොදැවී ලකුණු 106 යි. Batting R B 4s 6s S/R Quinton de Kock (W) 5 8 1 0 62.50 b Trent Boult Hashim Amla 55 83 4 0 66.27 b Mitchell Santner Faf du Plessis (C
නවසීලන්තය 3වන තරගයත් ජය ගනී

නවසීලන්තය 3වන තරගයත් ජය ගනී

ලෝක කුසලාන තරගාවලියේ මෙවර අඛණ්ඩව ලද 3 වන ජයග්‍රහණය වාර්තා කිරීමට නවසීළන්තය සමත්වුණා. ඒ ඇෆ්ගනිස්ථානය කඩුලු 7කින් පරාජය කරමින්. පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය සියල්ලන් දැවී ලකුණු 172යි. හෂ්මතුල්ලා සහීඩි ලකුණු 59යි. පන්දුවාර 32යි පන්දුවකදී කඩුලු 3කට ලකුණු 173 ක් ලබමින් නවසීළන්තය තරගය ජයගත්තා. කේන් විලියම්සන් නොදැවී ලකුණු 79 යි. Afghanistan New Zealand 1 of 2 Batting R B 4s 6s S/R Hazratullah Zazai 34 28 5 1 121.43 c Colin Munro b James Neesham Noor Ali 31 38 5 0 81.58 c Tom Latham b Lockie Ferguson Rahmat Shah 0 4 0 0 0.00
බංග්ලාදේශය පරදවමින් නවසීලන්තය තවත් ඉදිරියට

බංග්ලාදේශය පරදවමින් නවසීලන්තය තවත් ඉදිරියට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගීවූ දෙවන තරගයත් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැනට පිවිසීමට නවසීලන්තය සමත්වුණා. ඒ බංග්ලාදේශය කඩුලු 2කින් පරාජයට පත්කරමින්.තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියල්ලන් දැවී ලකුණු 244ක් රැස් කළා. ෂකීබ් අල් හසන් ලකුණු 64 යි. මැට් හෙන්රි කඩුලු 4යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 47යි පන්දුවකදී ලකුණු 248ක් රැස් කළේ කඩුලු 8ක් දැවී තිබියදීයි. රොස් ටේලර් ලකුණු 82 යි. තරගයේ වීරයා රොස් ටේලර්. Bangladesh 1 of 2 Batting R B 4s 6s S/R Tamim Iqbal 24 38 3 0 63.16 c Trent Boult b Lockie Ferguson Soumya Sarkar 25 25 3 0 100.00
පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණදුන් පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් හිමිවුණා. ඒ නවසීළන්තය කඩුලු 10කින් තරගය ජයගැනීම සමගයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 136කට සීමාවුණා. නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 51 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීළන්තය තරගය ජයගත්තේ පන්දුවාර 16යි පන්දුවකදී කිසිවකු නොදැවී ලකුණු 137ක් රැස් කරමින්. Batting R B 4s 6s S/R Lahiru Thirimanne 4 2 1 0 200.00 lbw b Matthew James Henry Dimuth Karunaratne (C) 52 84 4 0 61.90 not out Kusal Perera (W) 29 24 4 0 120.83
ලංකාවේ ප්‍රහාරය නවසීලන්ත ප්‍රහාරයට පලිගැනීමක් බව හෙළිවේ.

ලංකාවේ ප්‍රහාරය නවසීලන්ත ප්‍රහාරයට පලිගැනීමක් බව හෙළිවේ.

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර මාලාව නවසීලන්තයේ මුස්ලිම් පල්ලිවලට එල්ලවූ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ගෝලීය ත්‍රස්ත සංවිධාන මෙහෙයවා ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. මේ සදහා නැෂනල් තවිහිද් ජමාත් නම් සංවිධානයද සම්බන්ධ බවයි මෙහිදී අනාවරණ කෙරුණේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම්වලින් මියගිය  පුද්ගලයින් සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කියා සිටියා. මේ අතර, විදේශිකයින් 38 දෙනෙකු ද මිය ගොස් 500 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු විශේෂ සභාවාරය අමතමින් අමාත්‍යවරයා කියා සිටියා. මේ වන විට රෝහල්වල 375 දෙනෙකු ප්
තෝරාගත් රටවල් කිහිපයකට ලංකාවේ වීසා නිදහස

තෝරාගත් රටවල් කිහිපයකට ලංකාවේ වීසා නිදහස

සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට තෝරා ගත් රටවල් කිහිපයක් සඳහා නිදහස් වීසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. 2019 අප්‍රේල් 1 වන දා සිට මාස 6 ක කාලයක් සඳහා මෙම පහසුකම ලබාදීමට නියමිතයි. තායිලන්තය , යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව,ඇමෙරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, මැලේසියාව හා නවසීලන්තය යන රටවල සංචාරකයින් සඳහා ද මෙම පහසුකම ලබා දීමට යෝජිතයි. සංචාරක සංවර්ධන වනජිවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.