Tag: නාමල් උයන

නාමල් උයනට උඩින් කේබල් කාර් ව්‍යාපෘතියක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ, විශේෂාංග

නාමල් උයනට උඩින් කේබල් කාර් ව්‍යාපෘතියක්

ස්වභාව සෞන්දර්යයෙන් අගතැන් ගත් පුරාවිද්‍යාත්මක සහ පාරිසරික උරුමයක් වන ජාතික නාමල් උයන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම උල්පතගම පිහිටා තිබේ. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් සහ වන්දනාකරුවන් අතර මේ ස්ථානය ප්‍රකටය. අදින් වර්ෂ 30කට පෙර වනගතව පැවති මේ භූමියේ ගසක අටවාගත් පැලක පදිංචි වී එය සංචාරක ගමනාන්තයක් සහ විහාරයක් ලෙස සංවර්ධනය කිරීමට මුල් වූයේ වනවාසී රාහුල හිමියෝ වෙති. මේ වසරේ මාර්තු 28දාට එහි 30 වැනි සංවත්සරය යෙදී තිබේ. පසුගිය 2018 වර්ෂයේදී වනවාසී රාහුල හිමි විසින් මෙම පූජනීය ස්ථානයේ භාරකාරත්වය මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා දුන්හ. මෙහි පුරාවිද්‍යාත්මක නටබුන් සහිත බිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයකි. වර්ෂ 2018 දී ජාතික නාමල් උයනේ පරිපාලනය හා නඩත්තු කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලට ගිවිසුමකින් පවරා දීමේදී නාමල් උයන රෝස තිරිවානා කන්ද සංස්කෘතික කලාප...