Tag: නැගෙනහිර ජැටිය

නැගෙනහිර ජැටිය නොදුන්නාට ජපානයත් කණගාටුවෙන් – “ද හින්දු” කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නැගෙනහිර ජැටිය නොදුන්නාට ජපානයත් කණගාටුවෙන් – “ද හින්දු” කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් 2019 එකඟතාවය කඩ කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය සම්බන්ධයෙන් ජපානය ද කනස්සල්ල පළ කර ඇතැයි ද හින්දු පුවත්පත පවසනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මෙරට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය පිළිබද සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මුණගැසී සාකච්ජා පැවැත්වූ බව ද මෙම වාර්තාවේ සදහන්. දකුණු ආසියානු කලාපය තුළ ඉන්දු ජපාන සහයෝගීතාව පෙන්වීම සඳහා නැගෙනහිර පර්යන්තය අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කළ බවත් නමුත් මෙහි වැඩි ප්‍රමුඛතාවක් දී ඇත්තේ චීන යටිතල පහසුකම්වලට පමණක් බවත් ද හින්දු වාර්තාව පවසනවා. මේ සම්බන්ධයෙන් ජපාන රජය විස්තරාත්මකව සලකා බලන බවයි නවදිල්ලි නුවර ජපාන තානාපති කාර්යාලයේ නිලධාරියෙකු හින්දු පුවත්පතට පවසා ඇත්තේ. 2019 එකඟතාවය කඩ කරමින්නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන සහ මෙහෙයුම් කටයුතු සම්පූර්ණ...
කොලඹ වරාය සේවකයන්ට සහාය පල කර ත්‍රීකුණාමලය වරායේත් වෘත්තීය ක්‍රියාමාර්ගයක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොලඹ වරාය සේවකයන්ට සහාය පල කර ත්‍රීකුණාමලය වරායේත් වෘත්තීය ක්‍රියාමාර්ගයක්

කොළඹ වරායේ සේවකයින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කිරීම සඳහා ත්‍රිකුණාමල වරාය සේවකයින් ද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය මතයි.
වරායේ වෘත්තීය සමිති රැසක් අද සිට වෘත්තීය අරගලයකට සැරසෙයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

වරායේ වෘත්තීය සමිති රැසක් අද සිට වෘත්තීය අරගලයකට සැරසෙයි

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කොටසක් ඉන්දියාවට ලබාදීමට එරෙහිව අද (29) සිට අඛණ්ඩ වෘත්තීය අරගල ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වරාය අධිකාරියේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව පිහිටුවාගෙන තිබෙන පෙරමුණ පවසනවා. කොළඹ වරාය නැගෙනහිර ජැටිය විදේශීයකරණයට එරෙහිව ජැටිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය පැවසුවේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන්  මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් මුණගැසුණු බවයි. මෙම කරුණු පැහැදිලි කිරීමෙන් පසු අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩිකිරීමට සැලසුම්කර තිබෙනවා. එම පෙරමුණ පවසන්නේ ලබන පළමුවනදා වන විට මෙම ජැටිය සම්බන්ධ ගැසට් පත්‍රයක් නිකුත් විය හැකි බවට තොරතුරු ලැබී ඇති බවයි....
නැගෙනහිර පර්යන්තය ගැන අමෙරිකාවත් කතා කරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නැගෙනහිර පර්යන්තය ගැන අමෙරිකාවත් කතා කරයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සඳහා ඉන්දියාව ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් අද අදහස් පල කළා. ඒ ජනමාධ්‍ය වේදීන් පිරිසක් සමඟ පැවැත්වූ සාකච්ජාවක් අතරතුරයි. එහිදී තානාපතිනිය කියා සිටියේ ඉන්දියාව කොළඹ වරායේ ආයෝජනයක් සඳහා එක්වීම ලංකාවේ නාවික අනාගතයට සුබදායක බවයි. එය මෙරට ප්‍රති අපනයන ආදායම් හා කාර්යක්ෂමතාවයන් වර්ධනය කරනු ඇතැයි යන්න අමෙරිකාවේ අපේක්ෂාව බවයි තානාපතිනිය පැවසුවේ. පුද්ගලික අංශය සමග එක්ව ආයෝජන සිදුකිරීම ශ්‍රී ලංකාවට පවතින හොඳම ආර්ථික විසදුමක් බවද ඇය පැවසුවා....
නැගෙනහිර ජැටිය අපේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් / ඉන්දියාව කියයි(Nikkei Asia)
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නැගෙනහිර ජැටිය අපේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් / ඉන්දියාව කියයි(Nikkei Asia)

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම පිහිටා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දීය රාජතාන්ත්‍රික ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් Nikkei Asia පුවත්පත ජනවාරි 25 දා පල කර ඇති අනාවරණයට අනුව නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වන ඉන්දියාවේ දැඩි උනන්දුව කිසිසේත් අත් නොහරින බවත් නැගෙනහිර ජැටිය අත්පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත දැඩි පීඩනයක් ඉන්දියාව විසින් එල්ල කරන බවයි.. ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය මනින මිනුම් දන්ඩ නැගෙනහිර ජැටිය බවත් එහි අයිතිය හිමිවීම මත අනාගතය තීරණය වනු ඇති බවත් ඉන්දීය රාජතාන්ත්‍රික ප්‍රකාශක වැඩිදුරටත් පවසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් පල කරන නවදිල්ලියේ ජින්දාල් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පන්කජ් කුමාර් චීනය විසින් දකුණු ආසියානු කලාපය තුල සිදුකරමින් යන නාවික ආධිපත්‍ය පැතිරවීම වැලැක්වීමට ඉන්දියාවට කොළඹ වරාය උපක්‍රමික ලෙස...
නැගෙනහිර ජැටිය ආයෝජනයට ඉන්දියාවට දෙනවා /රාජ්‍ය ඇමතිවරයෙක් කියයි-Audio
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නැගෙනහිර ජැටිය ආයෝජනයට ඉන්දියාවට දෙනවා /රාජ්‍ය ඇමතිවරයෙක් කියයි-Audio

කවර පාර්ශවයන් අසාධාරණ චෝදනා එල්ල කළද කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමක් හෝ බදුදීමක් සිදු නොකරන අතර නැගෙනහිර ජැටිය ආයෝජනය සඳහා ඉන්දියාව සමඟ එක්ව කටයුතු කරන බව ග්‍රාමීය මාර්ග සංවර්ධන හා අවශේෂ පහසුකම් පිළිබද රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා අද පැවසුවා. ඒ වත්තල දී පැවැති දේශපාලන වැඩසටහනකට එක්වෙමින්. රජයක් ලෙස අපි ප්‍රකාශ කරන්නේ අපි රාජ්‍ය දේපළ විකුණාගෙන කන්නේ නෑ. අපි කරන්නේ නැගෙනහිර ජැටියට ආයෝජන කරන්න ඉන්දියානු සමාගමකට දීමයි. ඉන්දියාව වේවා, ජපානය, චීනය,  ඇමරිකාව වේවා ඕනෑම රටක් ලංකාවේ ආයෝජනයට එනවා නම් අපි ඒ අයට අවස්ථාව දෙනවා. ...