Tag: නැගෙනහිර පර්යන්තය

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදෙන්න චීනය බලපෑම් කළාද ? ඇමති දිනේෂ්ගෙන් පිළිතුරු – Video
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදෙන්න චීනය බලපෑම් කළාද ? ඇමති දිනේෂ්ගෙන් පිළිතුරු – Video

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදෙන්නැයි චීනය මෙරටට බලපෑමක් සිදු නොකළ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉන්දීය මාධ්‍ය නාලිකාවක් වන සී එන් එන් නිව්ස් 18 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. එහිදී මාධ්‍යවේදිනිය විමසා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය දැඩි කනස්සල්ලට පත්වූ අතර එය අත්හිටුවීමට යම් බලපෑමක් මතුවූයේද යන්නයි. එය ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා පැවසුවේ එවන් තත්ත්වයක් මතු නොවූ බවයි. ඉන්දුලංකා සබදතා එක් ව්‍යාපෘතියක් මත පදනම් නොවන බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ක්‍රියාතාරීත්වය මත බහුලව යැපෙන බවත් මෙහිදී අවධාරණය කෙරුණා. මේ අතර වරාය ගැටලුවෙන් පසු ලංකාව ඉන්දියාවේ ඩොලර් මිලියන 400 ණය මුදල වහා ගෙවා දැමීම අතර සබදතාවයක් පවතින්නේදැයි ද මෙහිදී ප්‍රශ්න කෙරුණා. එහිදී අමාත්‍යවරයා පැවසුවේ එහි සෘෘජු සබදතාවයක් නො...
ඉන්දියාව කනස්සල්ලෙන් / මහ කොමසාරිස්, ජනපති , අගමැති මුණගැසුණු බව “ද හින්දු” කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඉන්දියාව කනස්සල්ලෙන් / මහ කොමසාරිස්, ජනපති , අගමැති මුණගැසුණු බව “ද හින්දු” කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය ආයෝජනය සඳහා ලබා නොදීමට ගත් තීරණය ඉන්දියාවේ දැඩි කනස්සල්ලට හේතුවී ඇතැයි ද හින්දු පුවත්පත පවසනවා. හින්දු පුවත්පත පවසන්නේ ඉන්දියාවේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා , මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා , ඊයේ දිනයේ දී , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මුණ ගැසී ඇති බවයි. 2019 වසරේදී ජපානය හා ඉන්දියාව සමග ඇති කරගත් එකගතාවයට අනුව කටයුතු කරන ලෙස මෙහිදී ශ්‍රී ලංකාව වෙත දන්වා ඇතැයි ද හින්දු පුවත්පත නිල නොවන වශයෙන් වාර්තා කර තිබෙනවා. මේ යටතේ ඩොලර් මිලියන 700ක පිරිවැයකින් යුතුව ආයෝජනයක් සිදුකිරීමට ඉන්දියාවේ අදානි සමාගම හා ජපානය සූදානමින් සිටි බවයි එම වාර්තා පවසන්නේ. මීට පෙර ද ජපානය විසින් මෙරට තුල ක්‍රියාත්මක කිරීමට නියමිත වූ ඩොලර් බිලියන1.4 ක සැහැල්ලු දුම්රිය ව්‍යෘපෘතිය අවලංගු කිරීම ද ජපානයේ කනස්සල්ලට ලක්ව ...
නැගෙනහිර පර්යන්තයේ ගිවිසුම වෙනස් කරන්න බෑ / ඉන්දියාව ලංකාවට කියයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නැගෙනහිර පර්යන්තයේ ගිවිසුම වෙනස් කරන්න බෑ / ඉන්දියාව ලංකාවට කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු ඒ බව සදහන් කළා. ශ්‍රී ලංකා අදාළ ගිවිසුමට අදාළ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නායකත්ව මට්ටමින් ද මීට පෙර ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි ඔහු පැවසුවා. විදෙස් ආයෝජකයන් සමඟ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මීට මාස තුනකට පෙර තීන්දුවක් ගත් බවයි හෙළිකර ඇත්තේ. සියලු පාර්ශව දැනට ඇති ගිවිසුමට අදාළ අවබෝධතා සහ වගකීම්වලට බැඳී සි...
වරායේ අර්බුධය අවසන් / නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම රජය යටතේ
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

වරායේ අර්බුධය අවසන් / නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම රජය යටතේ

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත ව සිටි කොළඹ වරායේ සේවකයන් හෙට සිට එම ක්‍රියාමාර්ගයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ එම වෘත්තීය සමිති නායකයන් අගමැතිවරයා සමඟ පැවැත්වූ සාකච්ජාවෙන් පසුවයි. මෙහිදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් රජයේ පාලනය මත ක්‍රියාත්මක කරන බව අගමැතිවරයා සහතික කළ බවයි වෘත්තීය සමිති නායකයන් පවසන්නේ.ඒ බව තහවුරු කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබෙනවා....
නැගෙනහිර පර්යන්තය වරාය යටතේමයි/ හෙට(01) රජයට විශේෂ වාර්තාවක් /
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නැගෙනහිර පර්යන්තය වරාය යටතේමයි/ හෙට(01) රජයට විශේෂ වාර්තාවක් /

2021.01.30 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සභාපති කාර්යාලයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත් විණි. එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් තත්ත්වය පිළිබඳ සභාපතිවරයා විසින් මෙලෙස අදහස් දක්වන ලදි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ මේ දිනවල විශාල ආන්දෝලනයක් ඇතිවෙමින් පවතී. නැගෙනහිර පර්යන්තය වෙනත් විදේශ සමාගමකට එනම් ඉන්දියාවේ අදානි සමාගමට පවරාදීමට යන බවට මේ දිනවල විශාල කතිකාවක් ගොඩනැගී ඇත. මේ තත්වය නිර්මාණය වීමත් සමග රජය විසින් කමිටු දෙකක් පත්කර තිබේ. එම කමිටු විසින් මෙම තත්වය පිළිබඳ සලකා බලා විශේෂ වාර්තාවක් හෙට දිනයේ ලබා දීමට කටයුතු කරනු ඇත. එම වාර්තාව වරාය හා නාවික ගරු අමාත්‍යතුමා වෙත භාරදීමෙන් අනතුරුව ගරු අමාත්‍යතුමා විසින් එය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ වනවිට ඉතා සුභවාදීව මෙම තත්වය සඳහා අපහට මුහුණ දීමට හැකිවෙනු ඇතැයි මම බලාපොර...
නැගෙනහිර පර්යන්තය කාටවත් දෙන්න බෑ /ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් විරුද්ධයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නැගෙනහිර පර්යන්තය කාටවත් දෙන්න බෑ /ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් විරුද්ධයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිවීමට ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 10ක් එකඟතාවයකට එළඹ තිබෙනවා. ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදී පැවැති විශේෂ සාකච්ජාවකින් පසුවයි. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරු ද මෙම සාකච්ජාවට එක්ව සිටියා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත අර්බුදය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීම අදත් ක්‍රියාත්මක වුණා. ලබන පෙබරවාරි පළමුවනදා මේ සම්බන්ධයෙන් රජයේ නිල නිවේදනයක් නිකුත් නිකුත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ....
නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම නිවැරදියි / මහාචාර්ය රොහාන්  සමරජීව කියයි -Audio
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම නිවැරදියි / මහාචාර්ය රොහාන් සමරජීව කියයි -Audio

කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ සහාය රහිතව ඉදිරියට ගෙන යා නොහැකි බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ හිරු නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්. කොළඹ වරාය ලෝකයේ මුල් ස්ථාන 20 අතර පසුවුවද ඒ ඉන්දියාවේ ප්‍රධාන දායකත්වය මත බවයි රොහාන් සමරජීව මහතා පැවසුවේ. එම සහය අහිමි වුවහොත් එය අර්බුධයකට ලක්විය හැකි බවද ඔහු අවධාරණය කළා. ...
වරායේ වෘත්තීය සමිති රැසක් අද සිට වෘත්තීය අරගලයකට සැරසෙයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

වරායේ වෘත්තීය සමිති රැසක් අද සිට වෘත්තීය අරගලයකට සැරසෙයි

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කොටසක් ඉන්දියාවට ලබාදීමට එරෙහිව අද (29) සිට අඛණ්ඩ වෘත්තීය අරගල ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වරාය අධිකාරියේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව පිහිටුවාගෙන තිබෙන පෙරමුණ පවසනවා. කොළඹ වරාය නැගෙනහිර ජැටිය විදේශීයකරණයට එරෙහිව ජැටිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය පැවසුවේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන්  මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් මුණගැසුණු බවයි. මෙම කරුණු පැහැදිලි කිරීමෙන් පසු අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩිකිරීමට සැලසුම්කර තිබෙනවා. එම පෙරමුණ පවසන්නේ ලබන පළමුවනදා වන විට මෙම ජැටිය සම්බන්ධ ගැසට් පත්‍රයක් නිකුත් විය හැකි බවට තොරතුරු ලැබී ඇති බවයි....
නැගෙනහිර පර්යන්තය ගැන ඉන්දීය මාධ්‍ය කියන කතා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නැගෙනහිර පර්යන්තය ගැන ඉන්දීය මාධ්‍ය කියන කතා

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සඳහා ඉන්දියාව සම්බන්ධ කර ගැනීමට දෙරට අතර එකඟතාවයක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව පසුගිය ජනවාරි 6 වනදා ලංකාවේ සංචාරය කළ ඉන්දීය විදේශ අමාත්‍ය පී ජයශංකර් මහතා හා මෙරට බලධාරීන් එම එකඟතාවයට එළඹ ඇති බවයි එම වාර්තා පවසන්නේ. 2019 වසරේදී ජපානය හා ඉන්දියාව සමග මීට අදාළ ගිවිසුමකට එළඹුණ ද නව රජය විසින් එය සළකා බැලීම සඳහා කාලය ලබාගත් බවද එම වාර්තා පවසනවා. කෙසේ වෙතත් මෙම එකගතාවයට විරෝධය පළකරමින් වරාය වෘත්තීය සමිති හා පාර්ශව ගණනාවක් කටයුතු කරමින් සිටිනවා. කෙසේ වෙතත් චීනයේ බලපෑම් අනුව ශ්‍රී ලංකාව හා රටවල් කිහිපයක් අතර මෙවන් ගැටළුකාරී තත්ත්වයන් මතුව ඇතැයි ද ඉන්දියාව පාරශවයෙන් චෝදනා එල්ල වුණා. නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සම්බන්ධ අදානි සමාගම ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් වන අතර එහි ලාංකීය ව්‍යාපාරික කොටස්කරු ලෙස ජෝන් කීල්ස් සමාගම කටයුතු කරන බවද එහි සදහ...
නැගෙනහිර පර්යන්තය ගැන අමෙරිකාවත් කතා කරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නැගෙනහිර පර්යන්තය ගැන අමෙරිකාවත් කතා කරයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සඳහා ඉන්දියාව ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් අද අදහස් පල කළා. ඒ ජනමාධ්‍ය වේදීන් පිරිසක් සමඟ පැවැත්වූ සාකච්ජාවක් අතරතුරයි. එහිදී තානාපතිනිය කියා සිටියේ ඉන්දියාව කොළඹ වරායේ ආයෝජනයක් සඳහා එක්වීම ලංකාවේ නාවික අනාගතයට සුබදායක බවයි. එය මෙරට ප්‍රති අපනයන ආදායම් හා කාර්යක්ෂමතාවයන් වර්ධනය කරනු ඇතැයි යන්න අමෙරිකාවේ අපේක්ෂාව බවයි තානාපතිනිය පැවසුවේ. පුද්ගලික අංශය සමග එක්ව ආයෝජන සිදුකිරීම ශ්‍රී ලංකාවට පවතින හොඳම ආර්ථික විසදුමක් බවද ඇය පැවසුවා....
නැගනහිර ජැටිය ගැන යෝජනා අධ්‍යයනයට අනු කමිටුව හෙට රැස්වෙයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නැගනහිර ජැටිය ගැන යෝජනා අධ්‍යයනයට අනු කමිටුව හෙට රැස්වෙයි

කොළඹ වරායේ ,නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ලබා දුන් යෝජනා පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හෙට රැස්වනවා. කමිටුවේ ප්‍රධානී වරාය අමාත්‍යංශයේ ලේකම් යූ,ඩී,සී ජයලාල් මහතා සඳහන් පැවසුවේ වෘත්තීය සමිති ඉදිරිපත් කරන යෝජනා මෙන්ම ජපානය සහ ඉන්දියාව සමග ඇති කරගත් අවබෝධතාවන්වල අන්තර්ගත යෝජනා කමිටුව මගින් පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව වාර්තාව සකස් කරන බවයි. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කර සම්මුතියකට එළැඹීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලය 07 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත් කළා. ජනාධිපතිවරයා ඊයේ පැවසුවේ නැගෙනහිර පර්යන්තය අලෙවි කිරීමක් හෝ බදු දීමක් සිදු නොකරන බවයි....