Tag: නිදහස්

නිදහස් සමරු උත්සවයට සහභාගී වන සියළු හමුදා සාමාජිකයන්ට PCR
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නිදහස් සමරු උත්සවයට සහභාගී වන සියළු හමුදා සාමාජිකයන්ට PCR

අභිමානවත් සහ චාම් අයුරින් 73 වන නිදහස් දින සමරු උත්සවය පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබේ. හෙට(4) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් පරිශ්‍රයේ දී නිදහස් දින සමරු උළෙල ආරම්භ වේ. සෞඛ්‍ය නීති නිසි අයුරින් පිළිපදිමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය මෙවර නිදහස් දින සමරු උත්සවය පැවැත් වෙන අතර උත්සවයට සහභාගී වන ආරාධිත අමුතතන් සහ ප්‍රභූවරු සංඛ්‍යාවද අවම කර තිබේ.‍ වෙනත් වසර වලට සාපේක්ෂව අවම භට පිරිස් ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් මෙවර නිදහස් දින ත්‍රිවිද හමුදා අචාර පෙළපාලිය පැවැත්වෙන බව විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය. උළෙලට සහභාගී වන සෑම භටයෙක්ම පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර නිදහස් දින උත්සවය පැවැත්වෙන ස්ථානයට ගෙන ඒමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමෙන් පසුව ත්‍රිවිධ හමුදා ආචා...