නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරන බවත් එය පෙබරවාරි 01 සිට නිදහස් දිනය පැවැත්වෙන දිනය වන පෙබරවාරි 04 දක්වා ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
73 වැනි නිදහස් දිනය සැමරීම සමබන්ධයෙන් වන වැඩපිළිවෙල පැහැදිළි කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.
ඒ අනුව කොළඹ නිදහස් චතුරශ්‍රය අවට හා නිදහස් මාවත අවට, නෙළුම් පොකුණ වටරවුම, පුස්තකාල වටරවුම මෙන්ම ටොරින්ටන් දක්වා මෙම රථවාහන සීමා කිරීම් සිදු කිරීමට නියමිතය.
එසේ වුවත් ගාලු පාර, හයිලෙවල් පාර, නුවර පාර, මීගමුව දක්වා මාර්ගය මෙන්ම නුවර - කටුනායක අධිවේගී මාර්ග රථ වාහන ධාවන සීමා කිරීම්වලින් තොර බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
මෙම රථවාහන සීමා කිරීම් පෙරහුරු කාලය තුළ උදෑසන 06.00 සිට පස්වරු 01.00 දක්ව...