Tag: නිමල් ලාන්සා

ජපානය / ඉන්දියාව තරහ කරගෙන අපට ඉදිරි ගමනක් නෑ /රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

ජපානය / ඉන්දියාව තරහ කරගෙන අපට ඉදිරි ගමනක් නෑ /රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

ජපානය, ඉන්දියාව වැනි රටවල් සමග පවතින මිත්‍රශීලීත්වයට හානි කොටගෙන අපිට ඉදිරි ගමනක් නොමැති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටිනුයේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට යාමට නම් රාජ්‍ය තාන්ත්‍රිකව පවතින සබදතා වඩාත් ශක්තිමත් කර ගත යුතු අතර ඔවුන් සමග ආයෝජන අවස්ථාවන් ඇති කර ගත යුතුයි. එසේ නොමැති වුවහොත් අපේ රට විශාල ආර්ථික අර්බුදයකට පත්වනු ඇත. ආයෝජන අහිමිවීම හේතුවෙන් අපේ රටට විදේශ විනිමය අහිමිවීම තුළ රුපියල බාල්දු වී, ඩොලරය ඉහළ යාමෙන් භාණ්ඩ හා සේවා මිල අධික ලෙස ඉහළ යනු ඇත. ඒ හේතුවෙන් මිලියන 22 ක් වූ ජනතාව දැඩි අපහසුතාවයට පත්වීම වැළැක්විය නොහැක. එමනිසා රටේ ආර්ථික ස්ථායිතාවයක් ඇති කර ගැනීම සදහා මිත්‍රශීලී රටවල් සමග ආයෝජන අවස්ථා ඇතිකර ගත යුතු බව එම නිවේදනයෙන් පෙන්වා...