අද වැඩිම ආසාදිතයන් ගම්පහින් / නුවර 2 ට / කොළඹ 3 ට
ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 787ක් – වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන්
ඊයේ (22) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 787 දෙනෙකු හදුනාගත් අතර ඉන් තිදෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා.
වැඩිම ආසාදිතයින් පිරිස හමුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 139 ක්. මහනුවරින් ආසාදිතයින් 108 දෙනෙකු හා කොළඹින් ආසාදිතයින් 101 දෙනෙකු හදුනාගත් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළා.
ඒ අනුව අද උදෑසන වන විට මෙරටින් වාර්තා වී තිබූ සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස් හය දහස් අටසිය හැට තුනක්. ඒ අතුරින් 7968 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 793 ක්.
මේ දක්වා පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48617ක් වනවා.
එසේ සුවය ලැබූ 58 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පොළොන්නරුවේ ගල්ලෑල්ල, වැලිකන්ද ...