Tag: නෙස්බි සාමි

ලංකාවට බලපෑම් එපා / මානව හිමිකම් මහ කොමසාරිස්ට නෙස්බි සාමිවරයා දෙහි කපයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවට බලපෑම් එපා / මානව හිමිකම් මහ කොමසාරිස්ට නෙස්බි සාමිවරයා දෙහි කපයි

බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ටයකු වන නෙස්බි සාමිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාව හෙලා දැක තිබෙනවා. මේ පිළිබද පැහැදිලි කරන නෙස්බි සාමිවරයා පවස්නනේ ,රාජ්‍ය නායකයන් ඝාතනය, ළමා සොල්දාදුවන් යොදා ගැනීම හා දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් ඝාතනය කළ ත්‍රස්තවාදීන් පිළිබද අවධානය යොමු නොකර ජනතාව මුදා ගැනීමට පියවර ගත් හමුදාවකට චෝදනා කිරීම අසාධාරණ බවයි. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සංහිදියාව නාමය පදනම් කර ගනිමින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇතත් මෙම වාර්තාවෙන් සංහිඳියාව ඉදිරියට ගෙනයාමට උපකාරයක් සිදුනොවන බවද ඔහු පෙන්වා දෙනවා. එල් ටී ටී ඊ සංවිධානයට සෘජුවම සම්බන්ධ ඇඩෙලා බාලසිංහම් බ්‍රිතාන්‍යයේ සිටින බැවින් ඇයට එරෙහිව පියවර ගැනීමට බ්‍රිතාන්‍යයට හැකිවුවද එවන් පියවරක් නොගනිමින් , වෙනත් රටවල තත්ත්වය සෙවීමට යාමද නෙස්බි සාමිවරයාගේ විවේචනයට ලක්වුණා. ...