Tag: පවිත්‍රා වන්නිආරච්චි

සෞඛ්‍ය ඇමතිනිය ගැන සාවද්‍ය පුවතක් පල කළ පුද්ගලයන්ට එරෙහි නීතිමය පියවර
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සෞඛ්‍ය ඇමතිනිය ගැන සාවද්‍ය පුවතක් පල කළ පුද්ගලයන්ට එරෙහි නීතිමය පියවර

කොරෝනා වෛරසය ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් රෝහලේ පහසුකම් මදි බව පවසා වෙන්ටිලේටර් යන්ත්‍රයක් සහ හෙදියන් ද රැගෙන සිය නිවස වෙත ගොස් ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පලවන ප්‍රචාර අසත්‍ය බව  සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සෞඛ්‍ය අමාත්‍යවරිය මේ වන විට සුවය ලබමින් සිටින අතර, අයි.ඩී.එචි රෝහලේ වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පුර්ණ නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. වෙබ් සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබද ද්වේශසහගතව සහ ජනතාව නොමග යවන අයුරින් පුවත් පළ කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාල අංශ දැනුවත් කරමින් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි අමාත්‍යාංශය පවසන්නේ....
සෞඛ්‍ය ඇමතිනියට බරපතල නෑ / පවුලේ සාමාජිකයන් කියයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සෞඛ්‍ය ඇමතිනියට බරපතල නෑ / පවුලේ සාමාජිකයන් කියයි

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර සිටිය ද ඇය බරපතල තත්ත්වයක පසු නොවන බව වන්නිආරච්චි මහත්මියගේ සැමියා වන කාංචන ජයරත්න මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ යම් ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ඇයට ඔක්සිජන් සැපයීම සිදුකළ ද අමාත්‍යවරිය ඉක්මන් සුවය ලබමින් පවතින බවයි. අධික උණ රෝගී තත්ත්වයක් පෙන්නුම් කිරීම පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අයී ඩී එච් රෝහලට මාරු කර යැවීමට මුල්වී තිබුණා. අමාත්‍යවරිය හැර පවුල් කිසිදු සාමාජිකයකු කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරුව තිබුණ ද ඔවුන් නිරෝධායනයට ලක්වෙමින් පවතින බවයි කාංචන ජයරත්න මහතා සදහන් කළේ. මේ අතර පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය වැළදුණු ආකාරය හදුනා ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ. කෙසේ වෙතත් කාංචන ජයරත්න මහතා පවසන්නේ විවිධ රෝහල්වල කාර්ය මණ්ඩල මුණ ගැසීම හා පාර්ලිමේන්තුවේ ආසාදිත මන්ත්‍...
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි IDH රෝහලට මාරු කරයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි IDH රෝහලට මාරු කරයි

කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති  සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (28 වැනිදා) රාත්‍රියේ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර කර තිඛෙනවා. රත්මලාන ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස අයි.ඩී. එච් රෝහලට මාරු කර ඇත්තේ. කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ​ ගැනීමෙන් පසු ඇය හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටියා. පසුව ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කරනු ලැබු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අනතුරුව මෙසේ අයි.ඩී.එච් රෝහලට මාරු කර තිඛෙනවා.   ...
සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා
ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද තහවුරු කලා. දයාසිරි ජයසේකර , වාසුදේව නානායක්කාර, පියල් නිශාන්ත හා රවුෆ් හකීම් යන දේශපාලනඥයින්ට ද මීට පෙර වෛරසය ආසාදනය වුණා.