Tag: ප්‍රතිඵළ

ශිෂ්‍යත්ව ප්‍රතිඵළ මත පාසල්වලට සිසුන් ගැනීම නියෝගවලට පටහැනිව / ගුරු සංගමයෙන් චෝදනා
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ශිෂ්‍යත්ව ප්‍රතිඵළ මත පාසල්වලට සිසුන් ගැනීම නියෝගවලට පටහැනිව / ගුරු සංගමයෙන් චෝදනා

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵළ අනුව නිකුත් කඩඉම් ලකණු මත පාසල්වලට සිසුන් ඇතුලත් කර ගැනීම මසකින් කල් දමා තිබුණද , ඇතැම් විදුහල්පතිවරුන් පාසල්වලට සිසුන් ඇතුලත් කර ගැනීමේ කටයුතු සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. අධ්‍යාපන ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් සංගමය පෙන්වා දෙන්නේ පෙබරවාරි 2වනදා එම සිසුන් පාසල් වෙත ඇතුලත් කරගන්නා බව දන්වමින් මේ වන විටත් ලිපි යොමුකර ඇති බවයි. ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය, බත්තරමුල්ල. ලේකම්තුමනි, 5 ශිෂ්‍යත්ව පාසල් කඩඉම් ලකුණු පහත හෙලීමට අදාළව සිසුන් ඇතුලත් කර ගැනීම මසකින් කල් දැමීමට ගත් තීරණය සම්බන්ධවයි. 2020, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු මෙවර අසාමාන්‍ය ලෙස ඉහළ යාමෙන් පීඩාවට පත් දෙමව්පියන් හා එක්ව පෙබරවාරි 01 දින පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය හා ලංකා ගුරු සේවා සංගමය, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද උද්ඝෝෂණ...