Tag: ප්‍රභූ ආරක්ෂක

ප්‍රභූ ආරක්ෂකයන්ට ප්‍රභූන්ගේ පෞද්ගලික වැඩ කරන්න බැහැ -ඇමැති සරත් වීරසේකර
මතවාද

ප්‍රභූ ආරක්ෂකයන්ට ප්‍රභූන්ගේ පෞද්ගලික වැඩ කරන්න බැහැ -ඇමැති සරත් වීරසේකර

‘‘​පොලිසිය කියන්නේ ගෞරවාන්විත සේවයක්. ප්‍රභූ ආරක්ෂාව කියලා රාජකාරියට ගිහිල්ලා ප්‍රභූන්ගේ පෞද්ගලික රාජකාරි කරන එක පොලිස් නිලධාරීන්ට උචිත නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කළේ නව පොලිස් ස්ථාන හා පොලිස් පුරප්පාඩු පිළිබඳ අමාත්‍යංශ ලේකම් පොලිස්පති ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැති රැස්වීමේදීය. පොලිස් සේවය සඳහා මේ වන විට කරන ලද පර්‌යේෂණය අනුව 116520 (එක්ලක්ෂ දහසය දහස් පන්සිය විස්සයි) ක අවශ්‍යතාවක් පවතින අතර 11369 ක පුරප්පාඩු මේ වන විට පවතින බව පොලිස් නිලධාරීහු කීහ. අමාත්‍යවරයා ප්‍රශ්න කළේ මෙම පර්‌යේෂණ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත කරන ලද්දේද යන්නයි. පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළේ ජනගහනය, භූමි ප්‍රදේශය, ග්‍රාමසේවා වසම් යන කරුණු පදනම් කරගෙන මෙම පර්‌යේෂණය ඉටු කළ බවයි. එසේම පොලිස් නිලධාරීන්ගේ හිඟය මූලික වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. නිලධාරී...