Tag: ප්‍රභේද

බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදයේ මීළග විකෘතිය ගැන බරපතල අනතුරු ඇඟවීමක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදයේ මීළග විකෘතිය ගැන බරපතල අනතුරු ඇඟවීමක්

එංගලන්තයෙන් හමුවූ නව කොරෝනා ප්‍රභේදය සමස්ථ ලෝකය පුරාම පැතිරයාමේ අවදානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ වෛරස මර්ධන ඒකකය පවසනවා. මේ වන විට රටවල් 50ක පැතිර ඇති එම වෛරසය තවත් විකෘතීන් සහිතය සෑම රටකටම ගමන් කළ හැකි බවයි මහාචාර්ය ෂැරොන් පීකොක් බී බී සී පුවත් සේවය වෙත අදහස් දක්වමින් සදහන් කළේ. දැනට බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදයට එරෙහිව සාර්ථකවීමට කොරෝනා එන්නත් සමත්ව තිබුණ ද එම ප්‍රභේදයේ මීළග වෙනස්විම ලෝකයටම බරපතල වන බවද බ්‍රිතාන්‍යයේ වෛරස මර්ධන ඒකකයේ අධ්‍යක්ෂකවරයා පෙන්වා දී තිබෙනවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වසර 10ක් වැනි කාලයක් පුරා මෙම ප්‍රභේදය ලෝකයට විවිධ ආකාරයෙටන් බලපෑ හැකි බව දැනට සිදුකළ අධ්‍යයන මගින් හෙළිව ඇති බවයි. මේ වන විට බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන් පහත යමින් තිබුණ ද අනාගත තත්ත්වයන් පිළිබද දැනට අදහස් පල කළ නොහැකි බවයි මහාචාර්යවරයා පවසන්නේ. එරටින් වාර්තා වූ කොරෝනා ප්‍රභේදය , බී1.1.7 ලෙස...
කොරෝනා වැළදී සුව වූ අයටත් දකුණු අප්‍රිකානු ප්‍රභේදය වැළදෙයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

කොරෝනා වැළදී සුව වූ අයටත් දකුණු අප්‍රිකානු ප්‍රභේදය වැළදෙයි

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ට ද දකුණු අප්‍රිකාවේ නව කොරෝනා ප්‍රභේදය යලි වැළදිය හැකි බව අනාවරණ වී තිබෙනවා. වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කළේ , සියයට 30ක ආසාදිතයන්ට මෙම නව ප්‍රභේදය වැළදෙන බව නව පරීක්ෂනයෙන් හෙළිවන බවයි. මේ සඳහා පවතින එකම විකල්පය ලෙස එන්නත්කරණය නම් කර තිබුණ ද දකුණු අප්‍රිකාවේ නව ප්‍රභේදය එන්නත් මගින් වැළැක්විය හැකි ද යන සැකයයි මේ වන විට නිර්මාණය වී ඇත්තේ. ඒ අනුව දකුණු අප්‍රිකානු කොරෝනා ප්‍රභේදය පිළිබද ලෝකයේ වැඩි සැළකිල්ලක් යොමුවිය යුතු බවයි පර්යේෂකයන් පවසන්නේ. දැනුට දකුණු අප්‍රිකානු කොරෝනා ප්‍රභේදය වැළදුණු පුද්ගලයන්ගෙන් සියයට 30ක්ම මීට පෙර වෛරසය වැළදී සුවය ලැබූ පුද්ගලයන් වීම විශේෂත්වයක්. ඒ අනුව ආසාදනයවී සුවය ලබන පුද්ගලයන්ට හිමිවන ස්වාභාවික ප්‍රතිශක්තියට ද මෙම ප්‍රභේදය බලපෑම් එල්ල කර තිබීම බරපතල තත්ත්වයක් වනවා. ...