Tag: ප්‍රිසවරන්ස්

ප්‍රිසවරන්ස් රෝවරය ගත් පළමු වීඩියෝව පෘථිවියට එවයි -Video
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ප්‍රිසවරන්ස් රෝවරය ගත් පළමු වීඩියෝව පෘථිවියට එවයි -Video

නාසා ආයතනය යැවූ රෝවරය අඟහරු ග්‍රහයා මතට ගොඩබස්වන අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශනයක් අද නිකුත් කෙරුණා. මෙය ප්‍රිසවරන්ස් රෝවරය අඟහරු මත ලබාගත් පළමු වීඩියෝවයි.  
අඟහරුට ගොඩබෑ රෝවරයේ හෙලිකොප්ටරයෙන් පෘථිවියට සුබ පණිවිඩයක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

අඟහරුට ගොඩබෑ රෝවරයේ හෙලිකොප්ටරයෙන් පෘථිවියට සුබ පණිවිඩයක්

අඟහරු වෙත ගොඩබසිනු ලැබූ ප්‍රිසවරන්ස් රෝවරයේ ඇතුලත් ක්වාඩ්කොප්ටර් වර්ගයේ ඉන්ජෙනුයිට් හෙලිකොප්ටර් යානය විසින් සාර්ථකව පෘථිවියට පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඒ යානය සම්පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුතුව පවතින බව තහවුරු කරමින්. ඒ අනුව පෘථවියෙන් පිටත ලෝකයකදී මුල්වරට පියාසර කළ හෙලිකොප්ටර් යානය බවට පත්වීමට එය සූදානමින් පසුවන බවයි නාසා හී ප්‍රිසවරන්ස් රෝවර මෙහෙයුමේ සහකාර පරිපාලක තෝමස් සර්බුචෙන් පැවසුවේ. රාත්තල් 4ක බරින් යුතු මෙම යානය රෝවරයේ බද කොටසේ පහතින් ස්ථාපිත කර තිබෙනවා. රෝවරයේ මෘදුකාංග ස්ථාපිත වූ පසු තවත් මාසයකින් පමණ මෙම යානය අඟහරු මත පියාසර කරවීමටයි අපේක්ෂා කෙරෙන්නේ. මේ අතර නාසා ආයතනය පවසන්නේ අපේක්ෂා කළ මට්ටමටත් වඩා හොඳින් රෝවරය හා යානය යහපත් මට්ටමකින් පසුවන බවයි. ඒ අනුව අපේක්ෂා කරන මෙහෙයුම් සාර්ථක කර ගැනීමට ඉහළ හැකියාවක් පවතින බවයි නාසා නිවේදනය කළේ. Ingenuity, the Mars Helicopter I carr...
නාසා ප්‍රිසවරන්ස් රෝවරය අඟහරු මතට ගොඩ බසී
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

නාසා ප්‍රිසවරන්ස් රෝවරය අඟහරු මතට ගොඩ බසී

විශේෂ ජයග්‍රහණ රැසකට ළගාවෙමින් නාසා ප්‍රිසවරන්ස් රෝවරය අද (19) අළුයම අඟහරු ග්‍රහයා මතට ගොඩබසිනු ලැබුවා. ඒ මාස 7ක දීර්ඝ අභ්‍යවකාශ චාරිකාවකින් පසුවයි. අඟහරුගේ ජෙසේරෝ ආවාටයට රෝවරය ගොඩබසිනු ලැබුවේ මිනිත්තු 7 ක භීෂණය ලෙස හදුන්වන තීරණාත්මක කාලය සාර්ථකය ජය ගනිමිනුයි. මෙම යානය විශේෂත වන්නේ අඟහරුගේ ජීවී සාධක සොයාගැනීමට මෙම යානයට හැකියාව පවතින බවට පවතින විශ්වාසය මතයි. ජෙසෝරෝ ආවාටය තුල භූගත ජලය , ජල අනු මෙන්ම පුරාණ ජීවී සාම්පල පවතින බවට සාධක ලැබී තිබෙනවා. ඒ අනුව එම සාම්පල සොයා ගැනීම හා ඒවා යලි පෘථවියට ගෙන ඒමද මෙම රෝවරයෙන් සිදුකරන පරීක්ෂණවලට ඇතුලත්. එසේම මෙම රෝවරයේ ඇතුලත් වන කුඩා හෙලිකොප්ටර් යානය අඟහරු මත පියාසර කරන අතර එය වෙනත් ලෝකයක හෙලිකොප්ටර්යානයක් පියාසර කරවන පළමු අවස්ථාවයි. මේ වන විටත් චීන හා එමීර් රාජ්‍ය අභ්‍යවකාශ යානා 2ක් අඟහරුගේ කක්ක්ෂයේ පවතින අතර ඉන් චීන යානය ලබන මැයි මාසයේ අඟහරු මත ග...