Tag: පාස්කු ඉරිදා

පාස්කු ඉරිදා හෙට / දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ඉරිදා හෙට / දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

කිතුණුවන් මහත් හරසරින් සමරන පාස්කු ඉරිදා දිනය හෙටට යෙදී තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරදා උත්තානයවීම සිහිගන්වන පාස්කු ඉරිදාව සමරමින් සියලු කතෝලික දේවස්ථානවලදී විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. සියලු කතෝලික දේවස්ථාන සදහා පූර්ණ ආරක්ෂාවක් යෙදවීමට රජය පියවර ගෙන තිබෙනවා. පොලීසිය හා ත්‍රිවිධ හමුදාවේ දොළොස්දහස් 40 දෙනෙකු ඒ සදහා යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ....
පාස්කු ප්‍රහාරයෙන් පසු සහරාන්ගේ වීඩියෝවක් මුදා හළ සැකකරු අත්අඩංගුවට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ප්‍රහාරයෙන් පසු සහරාන්ගේ වීඩියෝවක් මුදා හළ සැකකරු අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට අදාළව හා අන්තවාදයට සහාය දීමේ චෝදනා මත පුද්ගලයන් 4දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මේ අතරින් එක් අයකු ,පාස්කු ප්‍රහාරය එල්ල කර පැය ගණනකට පසුව සහරාන් හෂීම් විසින් පුද්ගලයින් පිරිසක් සමඟ යම් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝ ව අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයා බවයි. ඔහු ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ තවත් පුද්ගලයකු ද සමගයි. මේ අතර 2018 වසරේ අවසන් සමයේ මූතූර් ප්‍රදේශයේ දී අන්තවාදී පන්ති පවත්වාගෙන යෑමට පහසුකම් ලබාදීමේ චෝදනාව මත ඊයේ තවත් පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්තක්‍රියා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මූතූර් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි හා 38 හැවිරිදි පුද්ගලයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා. සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් විසින් 2018 දී සාමාන්‍ය පෙළ අවසන් කළ මුස්ලිම් ...
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 05 කට විමර්ශන අරඹන ලෙස උපදෙස්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 05 කට විමර්ශන අරඹන ලෙස උපදෙස්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 17 වන පරිච්ඡේදය යටතේ නම්කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් කළයුතු බව නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබේ. ඒම පිරිස වන්නේ’ අබු හින්ද්, ලුක්මාන් තාලිබ්, ලුක්මාන් තාලිබ් අහමඩ් හෙවත් අබු අබ්දුල්ලා, රිම්සාන් හා මහෙන්ද්‍රන් පුලස්තිනී හෙවත් සාරා ජස්මින් යන අයයි. පාස්කු කොමිෂන් වාර්තාවේ ඇති සාක්ෂි අධ්‍යයනය කිරීම සඳහා නීති නිලධාරීන් 12 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බව ද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වැඩිදුරටත් සඳහන් කරයි. - Aruna...
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දීම අපේ වගකීමක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දීම අපේ වගකීමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අවධාරණය කළා. කුරුණෑගල, ගිරිබාව ප්‍රදේශයේ අද (06) පැවැති "ගම සමඟ පිළිසඳර" වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. "ජනාධිපති කොමිසමක් පත්කරලා, මේ වාර්තාවක් දුන්න නේ. මම දැක්කා සමහර දේශපාලන අය මේකෙන් ප්‍රයෝජන ගන්න හදනවා, අපේ පිටින් දාලා. ගිය ජනාධිපතිතුමා තමයි පත් කළේ. කොමිසම් සභාව විවිධ අවස්ථාවලදී පැහැදිලිවම කාටද මේකේ වගකීම දිය යුත්තේ කියන එක කියලා තියෙනවා. මේකේ අවසානයේ කියනවා 2015 සිට රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන ලදි. ඊට පස්සේ කියනවා අකාර්යක්ෂම රජය, අප්‍රේල් 21 සිදුවූ සිදුවීම් සඳහා ප්‍රධාන සාධකයක් විය. මෙම ඛේදවාචකයට ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වගකිව යුතුය. මේ රජයේම හිටිය අය දැන් ඇවිත් කතා කරන්නේ රජයේ හිටියේ නෑ වගේ. මේ සිද්ධියට...
පාස්කු ඉරිදා ප්‍රහාර ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට පළිගැනීමක් / පාස්කු කොමිසමේ වාර්තාව හෙළිකරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

පාස්කු ඉරිදා ප්‍රහාර ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට පළිගැනීමක් / පාස්කු කොමිසමේ වාර්තාව හෙළිකරයි

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලියට 2019 දී එල්ල වූ ප්‍රහාරයට සහ සිරියාවේ අයිසිස් සංවිධානයට එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කර ඇති බව ඒ පිළිබද විමර්ෂණය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් හෙළි වී තිබෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කළ වාර්තාවෙන් හෙළිව ඇත්තේ ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් පල්ලියට එල්ල වූ ප්‍රහාරය සහ සිරියාවේ අයිසිස් සංවිධානයට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් තම කණ්ඩායම හරහා පළිගැනීමට සහරාන් යෝජනා කර ඇති බවයි. සහරාන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ 2019 මාර්තු 27 වන දින සමීර්, මුවත්, ජමීල් යන සෙසු සැකකරුවන් සමඟ කළ සාකච්ඡාවේදී බවයි හෙළිව ඇත්තේ. මෙම ත්‍රස්ත සංවිධානයේ සූරා නම් තීරණ ගැනීමේ ආයතනයක් තිබී ඇති අතර එය සාමාජිකයන් 13 දෙනෙකුගෙන් සමන්විත වූ බව ද හෙළිව තිබෙනවා. මෙම සාකච්ජාවේදී මිහාන් නම් තැනැත්තකු විසින් සහරාන්ගේ අඩුපාඩු 19 ක් පෙන්...
සාරා පුලස්තිනී ඉන්දියාවට පලා යාම පාස්කු කොමිසමට අමතක වුණා ද?
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සාරා පුලස්තිනී ඉන්දියාවට පලා යාම පාස්කු කොමිසමට අමතක වුණා ද?

පාස්කු ඉරු දින කටුවාපිටිය පල්ලියට මරාගෙන මැරෙන ප්‍ර්‍රහාරය එල්ල කළ ඝාතකයාගේ බිරිය පුලස්තිනී රාජෙන්ද්‍රන් හෙවත් සාරා ජස්මින්ය. දෙමළ හින්දු කතක් වූ ඇය පසුව ඉස්ලාම් ආගම වැලඳ ගත්තාය. පාස්කු ප්‍රහාරයට පසු දෙවැනි ප්‍රහාරයට ලෑස්ති වී සයින්දමරුදු හි නිවසක සැඟවී සිටි කල්ලියේ සාමාජිකයන් ඉලක්ක කර හමුදාව එල්ල කළ ප්‍රහාරය අතරතුර දිවි බේරා ගැනීමට සමත් වූ එකම කත සාරාය. ඇයට ගැලවී යාමට හැකි වූයේ ඇය විදෙස් ඔත්තු සේවාවක නියෝජිතවරියක නිසා බව දැනට පවතින විශ්වාසයයි. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසු පළා ගිය ඇය ඉන්දියාවේ වාසය කරන බවට ප්‍රමාණවත් සාධක ඉකුත් සමයේදී අනාවරණවී තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ෂනය කළ කොමිසම හමුවේද විටින් විට සාරා පුලස්තිනීගේ නම සඳහන් වුවද ඇය ඉන්දියාවට පිටත්ව යාම සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාර පිළිබඳව කොමිසම අවධානය යොමුකළ බවක් නොපෙනීම විමතියට කරුණකි. ඇය ඉන්දීය රෝ ඔත්තු සේවය සමග යම් සබදත...
පාස්කු කොමිසමෙන් අපරාධ චෝදනා නිර්දේශ ලැබූ ලොකු ලොක්කෝ
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු කොමිසමෙන් අපරාධ චෝදනා නිර්දේශ ලැබූ ලොකු ලොක්කෝ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණුවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරිම සම්බන්ධයෙන් සලකා බැලීමට, ඒ පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. 2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම වසරේ සැප්තැම්බර් මස 21 වනදා මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබුවා. කොමිසමේ අවසන් වාර්තාවෙන් පුද්ගලයින් පිරිසකට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම පිළිබඳ නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට නිර්දේශකර තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පුජිත් ජය...
පාස්කු ඉරිදා කොමිසමෙන් මන්ත්‍රී බදුයුදීන් ගැන විමර්ෂණයට නිර්දේශ
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ඉරිදා කොමිසමෙන් මන්ත්‍රී බදුයුදීන් ගැන විමර්ෂණයට නිර්දේශ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකළ යුතු බවට නිර්දේශ කර තිබෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා දුරකථනයෙන් අමතා සහනයක් ලබාගැනීමට උත්සහ කරඇති බවට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බව සදහන්. එසේම අදාළ ප්‍රහාරය සඳහා සම්බන්ධ පුද්ගලයකු පවත්වාගෙන ගිය තඹ කම්හලක් සඳහා ඉවත දමන පතුරම් ලබාදීමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදුයුදීන් මහතා පිළිබද අල්ලස් චෝදනා විමර්ෂණයක් සිදුකිරීමට ද නිර්දේශ ලබාදී ඇතැයි සදහන්....
පාස්කු ඉරිදා කොමිෂන් වතාව ඇමති මණ්ඩලයට / අද පාර්ලිමේන්තුවට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ඉරිදා කොමිෂන් වතාව ඇමති මණ්ඩලයට / අද පාර්ලිමේන්තුවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප‍්‍රහාර පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමසීම් කොමිෂන් සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර ඇත්තේ සභාවේ පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් එම වාර්තාව සභාගත කරනු ඇති බවයි. ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම වාර්තාව ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා අනාවරණ කර තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් 270 දෙනකු මිය ගිය අතර 500 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 වසරේ සැප්තැම්බර් මාසයේ දීයි කොමිසම පත් කරනු ලැබුවේ. වෙළුම් හයකින් යුතු වාර්තාව සම්පාදනය කිරීම සඳහා කොමිසම දින 214 ක් තුළ පුද්ගලයින් 457 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන තිබෙනවා. අවසාන වාර්තාව පෙබරවාරි පළමු වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භා...
පාස්කු ප්‍රහාරය ගැන ඇමති කමිටුවේ නියෝජිතයන් වඩාත් සුදුසු අයයි – ජනාධිපති මාධ්‍ය ඒකකය
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

පාස්කු ප්‍රහාරය ගැන ඇමති කමිටුවේ නියෝජිතයන් වඩාත් සුදුසු අයයි – ජනාධිපති මාධ්‍ය ඒකකය

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයන්ට නඩු පැවරීමත් විභාග කිරීමත් නියමිත පටිපාටියට අනුවම සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළා. ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව නිර්දේශ කර ඇති පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි මහා පරිමාණ ජාතික ව්‍යසනයක් නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා ආයතන ගණනාවක සක්‍රීය දායකත්වය අවශ්‍ය වනවා. එහිදී පාර්ලිමේන්තුව, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ආරක්ෂක හමුදා, රාජ්‍ය බුද්ධි අංශ ආදිය සම්බන්ධීකරණය කරමින් නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ පාර්ලිමේන්තු කමිටුවට පැවරී ඇති වගකීම වන්නේ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග වාර්තා කිරීමයි. එසේම මෙරට දිගුකාලීන සාමය ආරක්ෂාව සහ ස...
සහරාන්ගේ ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියන් 10ක් අත්අඩංගුවේ / 5ක් මිය ගිහින්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සහරාන්ගේ ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියන් 10ක් අත්අඩංගුවේ / 5ක් මිය ගිහින්

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව මෙහෙයවූ සහරාන් හෂීම් විසින් පවත්වන ලද අන්තවාදී පුහුණුව සඳහා සහභාගී වූ කාන්තාවන් 10 දෙනකු මේ වන විට අත්අඩංගුවේ පසුවන බව පොලිසිය පවසනවා. කාන්තාවන් 15 දෙනකු මෙම පුහුණුව ලබා ඇතැයි හෙළිව ඇති අතර ඉන් 5 දෙනකු මරණයට පත්ව තිබුණා. මෙම අන්තවාදය පිළිබඳ පුහුණුවට සහභාගී වූ 24 හැවිරිදි මොහොමඩ් ඉබ්‍රාහිම් සයිඩා නැමැත්තිය ත‍්‍රස්ත විමර්ශන අංශය විසින් සිකුරාදා මාවනැල්ලේදී අත්අඩංගුවට ගනු ලැබුවා. සහරන් විසින් 2018 වසරේ දෙසැම්බර් මාසයේ, කත්තන්කුඩි ප්‍රදේශයේදී මෙම පුහුණුව පවත්වා ඇති බවයි හෙළිව ඇත්තේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින 5 කට පසුව සැකකාරියගෙන් ත්‍රස්ත විමර්ෂණ අංශය ප්‍රශ්නකර තිබුණද ඇය මේ පිළිබද තොරතුරු සඟවා තිබූ බවද හෙළිව තිබෙනවා. මෙම පුහුණුව ලැබූ සැකකාරියන් 10 දෙනාගෙන් 3 දෙනකු රිමාන්ඩ් භාරයේ පසුවන අතර ඉතිරි 7 දෙනා ත්‍රස්ත විමර්ෂණ අංශය භාරයේ පසුවනවා. අන්තවාදය...
පාස්කු ඉරිදා කොමිසමේ වාර්තාවෙන් හිටපු අගමැතිට චෝදනා නෑ
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ඉරිදා කොමිසමේ වාර්තාවෙන් හිටපු අගමැතිට චෝදනා නෑ

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිසමේ වාර්තාව මගින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කිරීම නිර්දේශ කර නොමැති බව "ද මෝනින් "පුවත්පත වාර්තාකර තිබෙනවා. එහි දැක්වෙන්නේ හිටපු අගමැතිවරයාටද අපරාධ චෝදනා ගොනුකිරීමට නියම කර ඇතැයි පසුගිය දිනවල පළවූ වාර්තා නිවැරදි නොවන බවයි. 2020 ඔක්තෝම්බර් මාසයේදී කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය සහ 2018 ඔක්තෝබර් 26 දින හදිසියේ සිදු වූ ආණ්ඩු වෙනස්වීමෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට තමන්ට ආරාධනා නොකළ බවයි. කෙසේ වෙතත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනමහතා පත් කළ කොමිසම විසින්ම ඔහුට සහ එවකටආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ එවකට පොලිස් ප්‍රධානී පුජිත් ජයසුන්දර යන අයට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිප...
පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන අසම්පූර්ණයි – නීතිපති පොලිස්පතිට දන්වයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන අසම්පූර්ණයි – නීතිපති පොලිස්පතිට දන්වයි

අප්‍රේල් 21 (පාස්කු ඉරිදා ) ප්‍රහාරය⁣ට අදාළව සිදුකර ඇති විමර්ශන සහ ඉදිරිපත් කර ඇති කරුණු අසම්පූර්ණ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා. රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවේ, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර කඩිනමින් කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට වැඩදුරටත් උපදෙස් දුන් බවයි....
මෛත්‍රීගේ කොමිසමෙන් මෛත්‍රීටත් රනිල්ටත් අපරාධ චෝදනා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

මෛත්‍රීගේ කොමිසමෙන් මෛත්‍රීටත් රනිල්ටත් අපරාධ චෝදනා

2019 අපේ‍්‍රල් මාසයේ එල්ලවූ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශයන්ට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ යහපාලන ආණ්ඩුවේ වගකිවයුතු තනතුරු දැරූ දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා මත පියවර ගැනීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණ කරනවා. හිටපු ජනාධිපතිවරයාට / හිටපු අග්‍රාමාත්‍යවරයාට අමතරව එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවක පොලිස් ප්‍රධානී පුජිත් ජයසුන්දර සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ සිසිර මෙන්ඩිස් මහතාටද අපරාධ චෝදනා ගොනු කරන ලෙස කොමිසම නිර්දේශ කර ඇති බවයි එම වාර්තා පවසන්නේ. ඒ පූර්ව අනතුරු ඇඟවීම් නොතකා හරිමින් ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වූවන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමේ පදනම මතයි. කිතුනු දේවස්ථාන සහ සුපිරි හෝටල් ඉලක්ක කරගත් ප්‍රහාරයෙන් පුද්ගලයින් 270 කට වැඩි පිරිසක් ජීව...
පාස්කු ප්‍රහාර කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුකමිටුවක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ප්‍රහාර කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුකමිටුවක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එමගින් පිටු දහස් ගණනකින් යුත් දීර්ඝ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කොට කඩිනමින් එය ක්‍රියාත්මක කිරීමට අදාළ නිර්දේශ සකස් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කළා. පසුගියදා ජනාධිපතිවරයාට භාරදුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් පසුගිය යහපාලන රජයේ කැබිනට් සාමාජිකයන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ගණනාවකට අපරාධ චෝදනා එල්ල කර තිබුණා. කොමිෂන් සභා වාර්තාව ලබා දී තිබෙන නිර්දේශ නීතිපතිවරයා මගින් අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කිරීමට නියමිතයි. 2019 අප්‍රේල් 21දා සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා පුද්ගලයන් 269 දෙනෙක් ඝාතනය වී තවත් 500ක පමණ පිරිසක් තුවාල ලැබුවා. ඉන්පසු මේ සිද්ධිය ගැන විමර්ශනය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ...
ප්‍රාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද කොමිසමේ විමර්ෂණ වාර්තාව හෙට ජනපතිට
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ප්‍රාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද කොමිසමේ විමර්ෂණ වාර්තාව හෙට ජනපතිට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හෙට ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 11 ට එම වාර්තාව ජනාධිපතිවරයාට ලබා දෙන බවයි එම කොමිසමේ නිලධාරියකු අනාවරණ කළේ. මෙම කොමිසම 2019 වසරේ සැප්තැම්බර් 21 වනදා පත් කළ අතර ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. කොමිසම පත් කළ පසු අවස්ථා 214 කදී රැස්ව ඇති අතර සාක්ෂිකරුවන් 457 දෙනකුගේ සාක්ෂි අවස්ථා 640 කදී ලබා ගනිමින් මෙම අවසන් වාර්තාව සකස් කර තිබෙනවා....