Tag: පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය

සාමාන්‍ය පෙළවත් නැති අයට පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් ගැන තීරණ ගන්න බෑ/ කාදිනල් හිමි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

සාමාන්‍ය පෙළවත් නැති අයට පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් ගැන තීරණ ගන්න බෑ/ කාදිනල් හිමි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යනය කිරීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව පිළිගත නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කටුවපිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත කාදිනල් හිමියන් අද  පැමිණි අවස්ථාවේ උන්වහන්සේ පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් නැති අයට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉඩදිය නොහැකි බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කාදිනල් රංජිත් හිමි මෙලෙස අදහස් පළ කළා. ''පාස්කු කොමිසමේ වාර්තාව අපි ඉල්ලුවා. ඒක ලැබෙනකල් මම ඉන්නේ. නමුත් කමිටු දාලා තමන්ට අවශ්‍යයි කියන දේ තෝරා ගැනීමේ ප්‍රතිපත්තිය අපි පිළිගන්නේ නෑ. අපි ඉල්ලන්නේ මේ වාර්තාව සම්පූර්ණයෙන් එළදරව් කරන්න. වාර්තාවේ තියෙන සමහර දේවල් හංගන්න එපා. එතකොට අපි තීරණය ගන්නම් කරන්න ඕනේ දේ. යම් ආකාරයට රජය බයවෙලා මේක හංගනව...