Tag: පාස්කු කොමිසම

පාස්කු කොමිසමෙන් අපරාධ චෝදනා නිර්දේශ ලැබූ ලොකු ලොක්කෝ
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු කොමිසමෙන් අපරාධ චෝදනා නිර්දේශ ලැබූ ලොකු ලොක්කෝ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණුවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරිම සම්බන්ධයෙන් සලකා බැලීමට, ඒ පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. 2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම වසරේ සැප්තැම්බර් මස 21 වනදා මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබුවා. කොමිසමේ අවසන් වාර්තාවෙන් පුද්ගලයින් පිරිසකට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම පිළිබඳ නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට නිර්දේශකර තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පුජිත් ජය...
පාස්කු ඉරිදා කොමිසමෙන් මන්ත්‍රී බදුයුදීන් ගැන විමර්ෂණයට නිර්දේශ
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ඉරිදා කොමිසමෙන් මන්ත්‍රී බදුයුදීන් ගැන විමර්ෂණයට නිර්දේශ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකළ යුතු බවට නිර්දේශ කර තිබෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා දුරකථනයෙන් අමතා සහනයක් ලබාගැනීමට උත්සහ කරඇති බවට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බව සදහන්. එසේම අදාළ ප්‍රහාරය සඳහා සම්බන්ධ පුද්ගලයකු පවත්වාගෙන ගිය තඹ කම්හලක් සඳහා ඉවත දමන පතුරම් ලබාදීමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදුයුදීන් මහතා පිළිබද අල්ලස් චෝදනා විමර්ෂණයක් සිදුකිරීමට ද නිර්දේශ ලබාදී ඇතැයි සදහන්....
පාස්කු කොමිෂන් වාර්තාවේ සඟවන්න දෙයක් නෑ / ඇමති කෙහෙළිය
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු කොමිෂන් වාර්තාවේ සඟවන්න දෙයක් නෑ / ඇමති කෙහෙළිය

පාස්කු කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාවේ රහසක් හෝ සැඟවිමට කිසිවක් නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා සඳහන් කළේ,පාස්කු කොමිසන් වාර්තාව සම්ප්‍රදායට අනුව ප්‍රථමයෙන් ජනාධිපතිවරයාට භාර දුන් අතර ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් වන බවයි. මෙම වාර්තාව පළමුව ඉංශ්‍රිසි භාෂාවෙන් මුද්‍රණය කර ඇති අතර එය අනෙක් භාෂා දෙකෙන් ම මුද්‍රණය කළ යුතු වන බවත්, එසේම,මුළු පාර්ලිමේන්තුවේ 225 දෙනාට ම ලබා දීම සිදු වන අතර මෙම වාර්තාව පිටු 700කට අධික වන නිසාත් තරමක කාලයක් මේ සඳහා වැය වන බවත් ඔහු පැවසුවා. මේ වාර්තාවේ වැදගත් හා සංකීර්ණ ගැටලු විශ්ලේෂණය සඳහා පස් පුද්ගල කමිටුවක් පත් කිරිම විවාදයට ලක් වුද එ...