Tag: පාස්කු ප්‍රහාර

පාස්කු ප්‍රහාර කොමිසමේ  වාර්තාව එළියට / නිගමන 10ක් හරීන් හෙළිකරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව එළියට / නිගමන 10ක් හරීන් හෙළිකරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ෂණ කළ ජනාධිපති කොමිෂමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසුව එය ලබාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එහි පිටු කිහිපයක දර්ශන මුදා හැර තිබෙනවා. Presidential Commission report on Easter attack is finally given to the parliament library, These are the 10 conclusions pic.twitter.com/f9tSZxOWmh — Harin Fernando (@fernandoharin) February 23, 2021 මේ ඊට අමතරව හුවමාරු වන තවත් ලේඛන කිහිපයක්. ...
පාස්කු ප්‍රහා­රයේ 273කට නඩු / තිස් දෙදෙනෙකුට මිනීමැරුම් චෝදනා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ප්‍රහා­රයේ 273කට නඩු / තිස් දෙදෙනෙකුට මිනීමැරුම් චෝදනා

පුද්ගලයන් 359කට මරු කැඳවමින් 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරය එල්ල කිරීම හා වළක්වා නොගැනීම සම්බන්ධව සැකකරුවන් 273 දෙනකුට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයන්ට අදාළව සැකසුණු ලිපි ගොනු 8ම මේ වන විටත් නීතිපතිවරයාට යොමු කර ඇතැයි පෙන්වා දුන් ඇමැතිවරයා එයින් පුද්ගලයන් 32කට ඍජුවම මිනීමැරීමේ හා ඊට කුමන්ත්‍රණය කිරීම් යටතේ  පාස්කු ප්‍රහාරයේ චෝදනා ගොනු කෙරෙන බවත් රැඳවුම්භාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින 241 දෙනකුටද පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කටයුතු කිරීම වෙනුවෙන් නඩු පැවරෙන බවද පෙන්වා දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව ‘යහපාලන‘ රජයේ ප්‍රබල දේශපාලඥයන් කිහිප දෙනෙක්ම මෙන්ම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ම මෙහි ඍජු චූදිතයන...
පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දැඩි පියවර ගන්නවා / ජනපති
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දැඩි පියවර ගන්නවා / ජනපති

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීමට තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවත් මහබැංකු වංචාව සම්බන්ධව වගකිව යුතු පිරිස් සඳහා නීතීය ක්‍රියාවට නැංවීමට ද උපදෙස් ලබා දී ඇති බවත් ජනපතිවරයා පැවසුවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ වන විට තමන්ට ලැබී ඇති අතරම එහි සඳහන් කරුණු සහ පාර්ලිමේන්තු ආංශික කමිටුවෙන් ලබාදී ඇති නිර්දේශ ද මෙහිදී තමාගේ අවධානයට යොමුවී ඇති බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ....