Tag: පාස්කු ප්‍රහාරය

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වීම ප්‍රශ්නයක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වීම ප්‍රශ්නයක්

පාස්කු ප්‍රහාරය සිදුකළ මහ මොළකරුවන් කඩිනමින් නීතිය හමුවට ගෙන එන්නැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වගකිව යුතු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාදිනල් හිමියන් පැවසුවේ පාස්කු ප්‍රහාය සිදුකර වසර 2ක් පමණ ගතව තිබුණත් ඊට සම්බන්ධ මහ මොළකරුවන්, අනුබලදුන් කිසිවකුත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකිවීම ප්‍රශ්නාර්තයක් බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය මේ පිළිබද නිසි අයුරින් පරීක්ෂණ සිදුකළාදැයි සැකයක් පවතින බව ද කාදිනල් හිමි මෙහිදී පැවසීය. මෙම විමර්ශන සිදුකළ ඇතැම් නිලධාරීන්ට අයුතු දේශපාලන බලපෑම් සිදුකළ බව කියන පුද්ගලයින් පිළිබද ආරංචි වී ඇති බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී වැඩිදුරටත් සදහන් කළා....
පාස්කු කොමිසම් වාර්තාවේ වගකීම ආණ්ඩුව භාරගන්නේ නැහැ / ඇමති කෙහෙළිය
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු කොමිසම් වාර්තාවේ වගකීම ආණ්ඩුව භාරගන්නේ නැහැ / ඇමති කෙහෙළිය

2019 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ වගකීම ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව හෝ භාර නොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද අවධාරණය කළා. අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එහි හරි වැරුද්ද භාරගැනීමට රජය සූදානම් නොමැති බවයි. “සාධාරණය ඉටුවුණේ නැත්නම් ඒ සම්බන්ධයෙන් රජය CID, TID දෙකටම දන්වලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. කොමිෂන් සභාවේ තියෙන වාර්තාවන් එක කණ්ඩායමකට අවාසිදායක තත්ත්වයකට නිර්මාණය වෙලා තියෙනවා කියන එක, ඒක ස්වාධීන කොමිෂන් සභාවක්. ඒ සම්බන්ධයෙන් වගකීම පක්ෂයක් හෝ රජය, ජනාධිපති, අගමැති, කැබිනට මණ්ඩලය හෝ මන්ත්‍රී කණ්ඩායම කොහෙත්ම භාර ගන්නේ නෑ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා....
පාස්කු ප්‍රහාරයට විදෙස් මැදිහත්වීමක් ඇත්දැයි සොයා විමර්ෂණ
වැඩියෙන් නැරඹූ

පාස්කු ප්‍රහාරයට විදෙස් මැදිහත්වීමක් ඇත්දැයි සොයා විමර්ෂණ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට විදෙස් මැදිහත්වීමක් ඇත්දැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශනයක් පවත්වන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සදහා පත්කරන ලද ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කලින් දැනුවත්ව නොසිටි බව කොමිෂන් සභා වාර්තාවෙන්ද ඔප්පු වී ඇතැයි රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි වාර්තාවන්නේ. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් වූ පෙරේදා (23) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී හමු වී තිබුණේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයේදීයි. එහිදී හිටපු අගමැති රනිල් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා ,වැඩබලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස පත් කර නොතිබුණ...
‘පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රශ්නාර්ථ තියෙනවා’ -කාදිනල්  හිමි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

‘පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රශ්නාර්ථ තියෙනවා’ -කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්වීමේ යම් ගැටළු සහගත තත්ත්වයන් පවතින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද (17) පැවති අළු බදාදා දින දිව්‍ය පුජාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ පවසා සිටියේ, “මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් පැවැත්වීගෙන යන වැඩපිළිවෙල අපිට සෑහිමකට පත්වෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නෑ.මේකේ හුඟාක් ප්‍රශ්නාර්ථ තියෙනවා. මේ ඝාතනය සංවිධානය කළ එකක් බව අපි දන්නවා. මේ රටේ කණ්ඩායම් වෙන්න පුළුවන් පිටරටවල්වල කණ්ඩායම් වෙන්න පුළුවන් අපේ සහෝදර සහෝදරියන් 269දෙනෙකුගේ ජීවිතය මෙම දේවස්ථානයේ දීම නැති කරපු ඒ මහා ආත්මාර්ථකාමීත්වයට මේ රට නැති කිරීමට ඉඩනොදී මේ පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයා බලා ඒකට අවශ්‍ය නීතිරීති සපයන්නට අපි කටයුතු කරන්නට ඕනේ. අපි දෙවියන්...
පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටු නොවුණොත් ජාත්‍යන්තර අධිකරණයකට – Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටු නොවුණොත් ජාත්‍යන්තර අධිකරණයකට – Audio

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සුදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද ප්‍රකාශ කළා. උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව අවධාරණය කළා.
පාස්කු ප්‍රහාරය පසුපස ඉන්දියාව ? හිටපු මන්ත්‍රීවරයකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ප්‍රහාරය පසුපස ඉන්දියාව ? හිටපු මන්ත්‍රීවරයකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බීබීසී සිංහල සේවය සමග ආන්දෝලනාත්මක අදහසක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ තමන්ගේ විශ්වාසය අනුව මෙම ප්‍රහාරය පසුපස ඉන්දියාව රැදී සිටින බවයි. මේ ඒ සම්බන්ධ පුවත බී බී සී සිංහල සේවය වාර්තා කර තිබූ ආකාරයයි. (උපුටා ගැනීම) ජනාධිපති කොමිෂන් සභාවට පෙරාතුව විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් ද ප්‍රහාරය පිළිබඳ විමර්ශනයක් සිදු කරනු ලැබිණ.එම කාරක සභාවේ සාමාජිකයෙකු වූ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, "මගේ විශ්වාසයේ හැටියට මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව," යනුවෙනි. වෛද්‍ය නලින්ද ජයතිස්ස විස්තර කරන පරිදි, ඔහු එම නිගමනයට එළඹ තිබෙන්නේ පහත දැක්වෙන කරුණු ඇතුළු විමර්ශනාත්මක සාක්ෂි ගණනාවක් පදනම් කරගෙනය: හදිසි මරාගෙ...