Tag: පිපිරීම්

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තේරීම් කාරක සභා සාක්ෂි ගැනීම ඇරඹෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තේරීම් කාරක සභා සාක්ෂි ගැනීම ඇරඹෙයි

අප්‍රේල් 21 දින ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ කටයුතු ආරම්භ කරමින් පළමු සාක්ෂි කැඳවීම ආරම්භ විය .ඒ අනුව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා කැඳවනු ලැබීය. අප්‍රේල් 21 දින ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ කටයුතු ආරම්භ කරමින් කාරකසභාවේ වැඩබලන සභාපති මන්ත්‍රී ආචර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මෙලෙස අඳහස් දැක්වීය. අපට තිබෙන්නේ බාරදූර කාර්යයක්. ශ්‍රී ලංකික සමාජයට ඇති කළ ප්‍රතිඵලය බරපතලයි. පාර්ලිමේන්තු තීර්ණය කර තිබෙනවා කාරණා කීපයක් පිළිබඳව සොයා බලන්න. අප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපේ කාර්යභාරය ඉටු කිර
වැල්ලම්පිටිය තඹ කම්හලේ සැකකරුවෙක් යළි රිමාන්ඩ්

වැල්ලම්පිටිය තඹ කම්හලේ සැකකරුවෙක් යළි රිමාන්ඩ්

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදියකුට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවෙහි සේවය කළ කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැත්තා ලබන ජුනි 10 වැනිදා දක්වා අද යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මීට පෙර ඇප මත මුදා හරින ලද සෙසු සැකකරුවන් 09දෙනාට පොලිස් තස්තවාදී විමර්ශන කොට්ඨාසය හමුවේ ප්‍රකාශ ලබා දෙන ලෙසයි අධිකරණය අද නියෝග කළේ. සිද්ධියට අදාළ සැකකරුවන් අද අධිකරණයේ පෙනී සිටීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරුණා.
ත්‍රස්ත සැකකරුවන්ගේ රුපියල් මිලියන 134ක ගිණුම් අත්හිටුවයි

ත්‍රස්ත සැකකරුවන්ගේ රුපියල් මිලියන 134ක ගිණුම් අත්හිටුවයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායම හා සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින්ට අයත් රුපියල් මිලියන 134ක් වටිනාකමැති බැංකු ගිණුම් 41ක් අත්හිටුවා ඇතැයි පොලිසිය පවසනවා. එම ගිණුම් ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්ව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාරයේ පසුවන අයගේ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ. ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව ඊට අමතරව රුපියල් මිලියන 14ක මුදලක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන තිඛෙනවා. තවත් රුපියල් බිලියන 7ක වත්කම් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වන බවයි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ.
වැල්ලම්පිටිය තඹ කම්හලේ ඇප ලැබූ සැකකරුවන්ට අධිකරණයෙන් නොතීසි

වැල්ලම්පිටිය තඹ කම්හලේ ඇප ලැබූ සැකකරුවන්ට අධිකරණයෙන් නොතීසි

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ යැයි සැකපිට අත් අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින වැල්ලම්පිටිය තඹ කම්හලක සේවය කළ සේවකයින් 8 දෙනෙකුට  යළි මැයි මස 27 දා  අධිකරණයේ පෙනී සිටීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ නොතීසි නිකුත් කළා. ඉකුත් 6 දා සැකකරුවන් නම දෙනෙකු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබුණද එක් සැකකරුවෙකු ඇප කොන්දේසි මෙතෙක් සම්පුර්ණ කර නොමැති වීම හේතුවෙන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඒ අනුව අනෙකුත් සැකකරුවන් 8 දෙනා  සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා අධිකරණයට කැදවීම අවශ්‍ය බවයි වැල්ලම්පිටිය පොලිසිය මෝසමක් ගොනු කරමින් අධිකරණයට දන්වා සිටියේ. අදාල සැකකරුවන්ට එරෙහිව සාක්ෂි හෝ චෝදනා ඉදිරිපත් කිරීමට ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත හෝ වෙනත් පනතක් ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් විම හේතුවෙන් ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ අත
නුවරඑළියෙන් හමුවූ ලැප්ටොප් එකෙන් අයි එස් ජාලයම හෙළිවේ

නුවරඑළියෙන් හමුවූ ලැප්ටොප් එකෙන් අයි එස් ජාලයම හෙළිවේ

සිරියාව කේන්න්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක වන අයි.එස් ත්‍රස්ත ජාලයේ මෙරට නියෝජිතයින්ගේත් එම ත්‍රස්ත ජාලය සමග සම්බන්ධකම් පවත්වන්නන්ගේත් සියලු තොරතුරු නුවරඑළියේ බ්ලැක්ෆුල් හී පිහිටි සහරාන්ගේ පුහුණු මධ්‍යස්ථානයෙන් හමුවුණු ලැප්ටොප් පරිගණකයකින් හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව ඇත. එකී පරිගණකයේ සටහන් ව ඇති අයි.එස්. ත්‍රස්ත ජාලය සැබෑ අයි.එස්. ජාලය බව රාජ්‍ය බුද්ධි සේවය විසින්ද තහවුරුකර තිබේ. එම පරිගණකය සොයා ගැනීමට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ ඔත්තුවකට අනුව අයි.එස් ත්‍රස්ත ජාලයට සම්බන්ධ බව කියන තරුණයෙක් බිබිලෙන් අත්අඩංගුවට ගෙන ඇත.කුඩාදරුවන්ගේ භාණ්ඩ අලෙවි ස්ථානයක් පවත්වාගෙන යන එම පුද්ගලයා කාතන්කුඩියේ පදිංචිකරුවෙකි. ඔහුගේ ජංගම දුරකතනය පොලිස් භාරයට ගැනීමෙන් පසු රාජ්‍ය බුද්ධි සේවය විසින් කළ පරීක්ෂාවකදී ඔහු සිරියාවේ අයි.එස්. ත්‍රස්ත ජාලය
අන්තවාදී සති දෙකේ කල්ලියේ ඉරණම

අන්තවාදී සති දෙකේ කල්ලියේ ඉරණම

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මුල් සැලසුම වී ඇත්තේ පළාත් නවයම ලේ විලක් කරන්නටය. එය ව්‍යර්ථ වන්නේ අභ්‍යන්තර මත ගැටුමක් හේතුවෙන් සහරාන්ගේ අන්තවාදී කල්ලිය දෙකඩ වීමෙනි. එහිදී එක් පාර්ශ්වයක් අලුත් නායකයෙකු පත් කරගන්නේ සහරාන්ගේ නායකත්වය පිළිනොගනිමිනි. එම නායකත්වට වටා රොක්වූවන් අතර මරාගෙන මැරෙන්නට සූදානමින් සිටියවුන් හය හත්දෙනෙක්ම සිටියහ. සැලසුම් කරගත් ලෙස රට පුරාම බොම්බ පුපුරවාහරින්නට සහරාන්ට නොහැකි වන්නේ එබැවිනි. එම නායකයාද දැන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය. පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් කර ඇති විමර්ශනවලින් ප්‍රහාරය එල්ල කළ අන්තවාදීන්ගේත් ඔවුන්ට සම්බන්ධකම් ඇති අය ගැනත් බොහෝ තොරතුරු හෙළි කරගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව හමාරය. ඒ අය අතර සහරාන්ට සිය සංවිධානය වර්ධනය කරන්නට දේශිය මෙන්ම විදේශිය වශයෙන් අරමුදල් සපයන ලද පුද්ගලයන් මෙන්ම රටවල් ගැනද ත
ත්‍රස්තයින්ගේ කෝටි 700ක වත්කම් හා කෝටි 14 මුදල් හමුවෙයි

ත්‍රස්තයින්ගේ කෝටි 700ක වත්කම් හා කෝටි 14 මුදල් හමුවෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමේ හා ඔවුන්ට සහාය දැක්වුවන්ගේ බව කියන රුපියල් කෝටි 14 කට වැඩි මුදල් ප‍්‍රමාණයක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද(06) ප්‍රකාශ කළා. ඉන් කොටසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර අනෙක් මුදල් සැකකරුවන්ගේ ගිණුම් තුල පවතින බව හෙලිවී තිඛෙනවා. එසේම අදාළ ත්‍රස්තවාදීන් සතු රුපියල් බිලියන 7 ක දේපළ ඇතුලූ වත්තම් පිළිබඳව ද තොරතුරු හෙළිකරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. මෙම මුදල් හා බැංකු ගිණුම් රාජසන්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් දේපළ තහනම් කිරීමේ කටයුතු ද සිදුකරමින් යන බවත් රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සදහන් කළා.
සවුදි අරාබියට ඇඟිල්ලක් දිගුකර ලෙබනනයෙන් රහස් ලිපියක්

සවුදි අරාබියට ඇඟිල්ලක් දිගුකර ලෙබනනයෙන් රහස් ලිපියක්

ශ්‍රී ලංකාව තුල සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට පෙර සවුදි අරාබිය යමක් දැන සිටි බවට චෝදනා කරමින් ලෙබනනයේ අල්-අහ්ඩ් නිව්ස් වෙබ් අඩවිය විශේෂ අනාවරණයක් සිදුකර තිඛෙනවා. ඒ රහසිගත ලේඛනයක් (නිල ලේඛනයක් බව කියන) අනාවරණ කරමිනුයි. එම වාර්තාවට අනුව පාස්කු ඉරිදා මෙරටට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට දින 5කට පෙර සෞදි විදේශ කටයුතු අමාත්‍ය ඉබ්රාහිම් බින් අබ්දුල් අසීස් අල් අසාෆ් විසින් ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපතිවරයා වන අබ්දුල් නසර් අල් හරතිට අදාළ රහස්‍ය ලිපිය යවා ඇති අතර එම ලිපිය අදාළ පුවත් සේවය විසින් මෙසේ අනාවරණ කර තිබුණා. අල්-අහ්ඩ් නිව්ස් පවසන්නේ ප්‍රහාරයට දින 5කට පෙර සවුදි අරාබි විදේශ අමාත්‍යවරයා මෙරට තානාපතිවරයාට ප්‍රධාන ඉල්ලීම් 3ක් පිළිබද වහා අවධානය යොමුකර පියවර ගන්නා ලෙස දන්වා ඇති බවයි.     Urgent – Top Secret            
පාලම් රැසක ආරක්ෂව තරකිරීමට පියවර

පාලම් රැසක ආරක්ෂව තරකිරීමට පියවර

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් විසින් කොළඹ නගරයට පිවිසෙන පාලම් ගණනක් පුපුරවා හැරීමට සූදානම් වන බවට පොලීසියට තොරතුරු ලැබී ඇතැයි පවසමින් ඒ එෆ් පී පුවත් සේවය වාර්තාවක් පල කර තිඛෙනවා. ආරක්ෂක අංශවල වාර්තා උපුටා දක්වමිනුයි මෙම පුවත පල කරනු ලැබ ඇත්තේ. ඒ අනුව අදාළ පාලම්වල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇති බවද අදාළ වාර්තා හෙලිකරනවා. මීට අදාළව බුද්ධි අංශවල ලිපියක් බවට නම්කරමින් තහවුරු නොකළ ලිපියක්ද පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පැවතුණා.
පාස්කු දින ප්‍රහාරය එල්ල කල IS ත්‍රස්තයින්ට මුදල් ලැබුනේ Bitcoin හරහාද ?

පාස්කු දින ප්‍රහාරය එල්ල කල IS ත්‍රස්තයින්ට මුදල් ලැබුනේ Bitcoin හරහාද ?

ඊශ්‍රායලයේ පිහිටි Blockchain පිළිබඳ බුද්ධි ආයතනයක් වන Whitestream මඟින් අනාවරණය කර ගෙන තිබෙනුයේ ශ්‍රී ලංකා පාස්කු දින ප්‍රහාරයට පෙර දිනයේ දී විශාල Bitcoin ප්‍රමාණයක් ISIS ත්‍රස්ත සංවිධානය විසින් ආධාර රැස්කරගැනීමට යොදාගන්නා Bitcoin wallet වලට සංසරණය වූ බවයි. Whitestream ආයතනය මඟින් සොයාගෙන තිබෙනුයේ ISIS ත්‍රස්ත සංවිධානයට ලැබෙන ආධාර මුදල් Bitcoin වලට හුවමාරු කරගැනීමට යොදාගන්නා ආයතනයක් වන CoinPayments හි Bitcoin ශේෂය බෝම්බ ප්‍රහාරයට පෙර දිනයේ දී විශාල ප්‍රමාණයකින් වැඩි වූ බවයි. CoinPayments ආයතනයේ ප්‍රධාන Bitcoin wallet හි සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 500,000 පමණ වටිනාකමින් යුතු Bitcoin ශේෂයක් පවතින අතර පසුගිය අප්‍රේල් විසිවනදා වන විට එය ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක පමණ වටිනාකමින් යුතු විය. ඉන්පසුව බෝම්බ ප්‍රහා
ත්‍රස්තයන්ගේ මධ්‍යම පළාත් ප්‍රධානියෙක් කොටුවෙයි

ත්‍රස්තයන්ගේ මධ්‍යම පළාත් ප්‍රධානියෙක් කොටුවෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිද් ජමාද් හී මධ්‍යම පළාතේ මූල්‍ය කටයුතු මෙහෙයවූ සැකකරු ගම්පොල ප්‍රදේශයේ සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ප්‍රහාරයට සම්බන්ධ හක් නැමැති ත්‍රස්තවාදීන් දෙදෙනා රැදී සිටි පාවහන් වෙළඳසලට ආසන්නයේ කුලී නිවසක මෙම සැකකරු සැගව සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා. මෙම ත්‍රස්ත සාමාජිකයා හමුදා ඇදුමින් සැරසී ගිනි අවියක්ද සහිතව ලබාගත් ජායාරූප කිහිපයක්ද මේ වන විට සොයාගෙන තිඛෙනවා. සැකකරු සතුව තිබූ පරිගණකයක පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ දර්ශන හා විවිධ මාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කළ පුවත් දර්ශන මෙන්ම අයි එස් හඩපටද සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ. එසේම සහරාන් නැමැති ත්‍රස්තවාදියාට අයත් ලේඛණ හා දත්ත රැගෙන යන උපකරණයක් මෙන්ම අයි එස් ත්‍රස්තයින්ට සම්බන්ධ වැදගත් ලේඛණ රැසක්ද මෙහිදී පොලිසි
අන්තවාදයට එරෙහි මෙහෙයුමේ නවතම තත්ත්වය

අන්තවාදයට එරෙහි මෙහෙයුමේ නවතම තත්ත්වය

මේ වන විට ක්‍රියාත්මක අන්තවාදයට එරෙහි ආරක්ෂක මෙහෙයුමේ නවතම තත්ත්වය පිළිබද සම්පූර්ණ නිල තොරතුරු මෙහි ඇතුලත්වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් විසින් දක්වන ලද අදහස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා- අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව ස්ථාන 08ක් සිදු වුණා. ඒ ස්ථාන 08 ක මරාගෙන මැරෙන බෝමබකරුවන් 09ක් සම්බන්ධවෙලා තිබුණා. එම බෝම්කරුවන්ගේ විස්තරත් ඒ වගේම දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින සැකකරුවන් අතුරින් මේ මරාගෙන බෝම්බකරුවන්ගේ සමීපතමයින් කිහිපදෙනෙකුගේ තොරතුරු පිළිබඳවත් මාධ්‍ය වෙත තොරතුරු ලබාදීමටයි සූදානාම් වන්නේ. කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේ සිදුවූ පිපිරීමේ මරාගෙන මැරෙන බෝම්බකරුවූ අලව්ඩීන් අහමඩ් මුවාත්ග
මිනීමරු සහරාන්ගේ බාල සොහොයුරිය අත්අඩංගුවට

මිනීමරු සහරාන්ගේ බාල සොහොයුරිය අත්අඩංගුවට

පසුගිය පාස්කු ඉරිදා (අප්‍රේල් 21වැනි දින) ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන මොහොමඩ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඩ් කාසිම් මොහොමඩ් නියාස් මදනියා මඩකළපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. පොලීසිය පැවසුවේ කාත්තන්කුඩි ප‍්‍රදේශයේදී ඊයේ (01) පස්වරුවේ ඇයව අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 20ක මුදලක් සොයා ගත් බවයි පොලිසිය සදහන් කළේ. අදාළ මුදල් පාස්කු ඉරිදා ප්‍රහාරයට දින කිහිපයකට පෙර තමන් වෙත සහරාන් නැමැත්තා විසින් ලබාදුන් බවයි ඇය අනාවරණ කර ඇත්තේ.
පාස්කු ඉරිදා ප්‍රහාරවලින් චීන විද්‍යාඥයන් දෙදනකු මිය ගිහින්

පාස්කු ඉරිදා ප්‍රහාරවලින් චීන විද්‍යාඥයන් දෙදනකු මිය ගිහින්

අප්‍රේල් 21 වනදා එල්ලවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් තම විද්‍යාඥයන් දෙදනකු මිය ගිය බව චීන බලධාරීන් ප්‍රකාශ කරනවා. චීනයේ පීපල්ස් ඩේලි වෙබ් අඩවිය වාර්තා කළේ තවත් විද්‍යාඥයකු එම ප්‍රහාරවලින් තුවාල ලැබූ බවයි. මෙම විද්‍යාඥයන් 3 දෙනා ස්වාභාවික සම්පත් පිළිබද ගවේෂණය කරන විශේෂඥයන් බවද චීන බලධාරීන් පිළිගෙන තිඛෙනවා. මේ පිළිබද අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය විශ්ලේෂකයකු සදහන් කර ඇත්තේ චීනයේ ස්වාභාවික සම්පත් ගවේෂණය කරන විද්‍යාඥයන් ලංකාවේ රැදී සිටීම සැක උපදවන බවයි.
වැල්ලම්පිටියේ සැක නිවසක් විශේෂ පරීක්ෂාවකට

වැල්ලම්පිටියේ සැක නිවසක් විශේෂ පරීක්ෂාවකට

වැල්ලම්පිටිය, ලංසියාවත්ත ප්‍රදේශයේ නිවසක්  මුද්‍රා තැබීමට පොලිසිය කටයුතු කර තිඛෙනවා. ඒ අදාළ නිවස අද දිනයේදී විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමෙන් පසුවයි. දෙහිවල ප්‍රදේශයේ නවාතැන්පලක් තුල සිටියදී බෝම්බයක් පුපුරවාගත් පුද්ගලයා එම නිවසේ රැදී සිටි බවට ලද තොරතුරක් මතයි මෙම පරීක්ෂාව සිදුකර තිබුණේ. එහෙත් එහිදී කිසිදු සැකසහිත යමක් හමුව නැහැ.
විදේශිකයන්ගේ මළ සිරුර12ක් තවමත් හදුනාගෙන නැහැ

විදේශිකයන්ගේ මළ සිරුර12ක් තවමත් හදුනාගෙන නැහැ

මෙරට දී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් මියගිය විදේශිකයින් 42නකු මේ වන විට හදුනාගෙන ඇති බව බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එහි දැක්වෙන්නේ ඒ අතරින් මළ සිරුරු 25ක් යලි අදාළ රටවලට යොමුකර ඇති බවයි. තවත් මළ සිරුරු 12ක් හදුනාගත නොහැකිව ඇති අතර ඒවා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී මෝචරිය තුල රදවා ඇතැයි සදහන්. සිද්ධියෙන් තුවාල ලැබූ විදේශිකයින් අතරින් 5දෙනකු දකුණු කොලඹ ශික්ෂණ රෝහල හා පුද්ගලික රොහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි එහි දැක්වෙන්නේ.
බෝම්බකරුවන් භාවිතා කළ වාහන 18ක් ගැන තොරතුරු හෙළිවෙයි

බෝම්බකරුවන් භාවිතා කළ වාහන 18ක් ගැන තොරතුරු හෙළිවෙයි

මරාගෙන මැරෙන බෝම්බකරුවන් අට දෙනා පරිහරණය කළ බව කියන යතුරුපැදි නවයක් ඇතුළු වාහන 18 ක තොරතුරු බුද්ධි අංශ මගින් හෙළිකරගෙන ඇතැයි තොරතුරු වාර්තා වනවා. වෑන් රථ 6ක්, යතුරුපැදි 9 ක් , මෝටර් රථ දෙකක් සහ කැබ් රථයක්ද ඒ අතර වන බවයි වාර්තා වන්නේ. කිංස්බරි හෝටලය තුළ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් ත්‍රස්තවාදියා නමට වාහන 5 ක් ලියාපදිංචි කර ඇති බවයි අදාළ තොරතුරු හෙළිකර තිඛෙනවා. කුරුණෑගල තෙලියාගොන්න මුස්ලිම් ගම්මානයේ අද අලුයම කළ සෝදිසියකදී කඩ සහ සැකකටයුතු වාහන මෙන්ම ලියකියවිලි තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැක කටයුතු විදේශ ගමන් බලපත්‍ර 32 ක් හා ජංගම දුරකතන ඩී වී ඩි පට හා ලියාපදිංචි නොකළ වෑන් රථ 3 ක් ඒ අතර වනවා. තංගල්ල මුස්ලිම් ගම්මානය අද විශේෂ සෝදිසියකට ලක් කෙරුණා. පොලිස් නිල සුනඛයන්ද යොදා ගනිමින් අලුයම පහයි තිහේ සිට දහයයි තිහ දක්වා මෙම මෙහෙයුම් සිදු කෙරුණා. ත්‍රිවිධ හමුදා නිලධාරි
අන්තවාදය පෝෂණය කරන පුද්ගලික පාසල් ගැන අනතුරු ඇගවීම්

අන්තවාදය පෝෂණය කරන පුද්ගලික පාසල් ගැන අනතුරු ඇගවීම්

පසුගිය සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපයේ ඉස්ලාමීය රටක දූත පිරිසක් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ට අරාබි රටවල ආධාර මුදල් භාවිතා කර ඉදි කර ඇති පුද්ගලික ඉස්ලාම් පාසල් ගැන අනතුරු අඟවා තිබෙයි. ආරංචි මාර්ග වලට අනුව ශ්‍රී ලංකාව තුල මෙවැනි පුද්ගලික ඉස්ලාම් පාසල් 300 ක් පමණ තිබෙයි. දූත පිරිස පවසා ඇත්තේ ඔවුන්ගේ රට ද පාස්කු ඉරුදින ශ්‍රී ලංකාව මුහුණ දුන් ආකාරයේ ප්‍රහාර වලට මුහුණ දුන් අතර පුද්ගලික ඉස්ලාම් පාසල් වල උගන්වනු ලබන දේවල් පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව තම රට තුල එම ආයතන තහනම් කිරීමට පියවර ගත් බවයි. දූත පිරිස විශේෂයෙන්ම හුවා දැක්වූවේ එම පාසල් මගින් එහි සහභාගි වන දරුවන් අන්තවාදී අදහස් වලින් පෝෂණය කල බවයි. මෙවැනි තත්ත්වයන් පාලනය කිරීමට පකිස්තානය හා ඉන්දියාව පියවර ගෙන තිබුනද ශ්‍රී ලංකාව කිසිදු පියවරක් නොගැනීම පිළිබඳව මෙම දූත පිරිස කනස්සල්ලට ප
අමෙරිකානු පරීක්ෂණ අංශ දිගුකාලීනව රැදෙන්නේ නෑ /තානාපතිනිය කියයි

අමෙරිකානු පරීක්ෂණ අංශ දිගුකාලීනව රැදෙන්නේ නෑ /තානාපතිනිය කියයි

පාස්කු ඉරිදා සිදු වූ භයානක ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා එක්සත් ජනපදය සිය උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති ඇලෙයිනා ටෙප්ලිස්ට් (Alaina Teplitz ) මහත්මියපවසනවා. මෙවැනි කෲර ක්‍රියා කාරකම් අනාගතයේදී සිදුවීම වැළැක්වීම සඳහා ගත යුතු ආරක්ෂක සහ සන්නිවේදන ක්‍රියා පටිපාටියන් පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමු කරන බවත් ඒ සඳහා එක්සත් ජනපදය මුහුණ දුන් විපත් වලින් ලබාගත් අත්දැකීම් බෙහෙවින් උපකාර වනු ඇතැයි ඇය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම් මත පමණක් එක්සත් ජනපද විශේෂඥයින් දැනටමත් ශ්‍රී ලංකා නිලධාරීන් සමග සමීපව කටයුතු කරන බවත් එහිදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපද ආරක්ෂක කණ්ඩායම් දිගුකාලීනව මෙරටෙහි රැඳී සිටීම කිසිසේත්ම සිදුනොවන බවද ඇය අවධාරණය කරනව
පාස්කු ඉරිදා ප්‍රහාරයට නායකත්වය දුන් පූජකයා අල්ලයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට නායකත්වය දුන් පූජකයා අල්ලයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානත්වය දැරූ සහරාන් හසීම්ට නායකත්වය ලබාදුන් පූජකවරයා පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. මෙම ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමට අදාළ කණ්ඩායම පොලඹවා ඇත්තේ මෙම පූජකවරයා බවයි පොලිසිය තහවුරු කර ඇත්තේ. අප්‍රේල් 21 වනදා දෙහිවලදී සිදුවූ ප්‍රහාරයට සැකපිට 11 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට ප්‍රහාරකයාගේ බිරිඳද ඇතුලත්. මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානත්වය දැරූ සහරාන් හසීම් පදිංචිව සිටි මඩකළපුවේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂාවට ලක්කළ පොලිසිය එහි හිමිකරුද අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ෂැංග්‍රිලා බෝම්බකරුගේ සොහොයුරා දෙමටගොඩදී අල්ලයි

ෂැංග්‍රිලා බෝම්බකරුගේ සොහොයුරා දෙමටගොඩදී අල්ලයි

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේදී කොලඹ ෂැංග්‍රීලා හෝටලය තුල පිපිරීම සිදුකළ ත්‍රස්තවාදීයාගේ සොහොයුරා බව කියන මොහොමඩ් ඊබ්‍රහිම් ඉෆ්තිකාර් දෙමටගොඩදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා. සැකකරු සමග කඩු දෙකක්ද පොලිසිය භාරයට ගත් බවයි වාර්තාවන්නේ. වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.