Tag: පුංචි ලෝකාන්තය

පුංචි ලෝකාන්තයේ රාත්‍රී කඳවුරු තාවකාලිකව තහනම්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පුංචි ලෝකාන්තයේ රාත්‍රී කඳවුරු තාවකාලිකව තහනම්

මඩොල්සිම පුංචි ලෝකාන්තය ආශ්‍රිතව සංචාරකයින්ට රාත්‍රි කාලයේ කූඩාරම්වල රැදී සිටීම සඳහා තාවකාලික තහනමක් පනවා තිබෙනවා. මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා පැවසුවේ , පසුගියදා තරුණයකු එම කලාපයේදී අනතුරකට පත්ව මිය යාමෙන් පසු මෙම තීරණය ගත් බවයි. දේශීය හා විදේශීය සංචාරකයින් මඩොල්සිම පුංචි ලෝකාන්තය වෙත පැමිණ කූඩාරම්වල රාත්‍රිය ගත කරන අතර මීට පෙර ද විවිධ අවස්ථාවල ඒ අතරින් පිරිස් අනතුරුවලට පත්ව තිබුණා. සංචාරකයින් සඳහා සුදුසු ආරක්ෂිත පහසුකම් ලබා දෙන තුරු එහි කූඩාරම්වල රාත්‍රිය ගත කිරීම සංචාරකයින්ට තහනම් කර තිබෙනවා. ඉදිරියේදී පුංචි ලෝකාන්තය නැරඹීම සඳහා වීදුරු පැනල් වලින් සාදන ලද කුටි ස්ථාපනය කිරීමටත් එම ස්ථානයේ ආරක්ෂිත වැටක් ඉදිකිරීමටත් තීරණය කර ඇති බවයි ලලිත් ජයවර්ධන මහතා පැවසුවේ....
පුංචි ලෝකාන්තයේදී අතුරුදන්වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පුංචි ලෝකාන්තයේදී අතුරුදන්වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන්ව සිටි තරුණයාගේ මෘත ශරීරය සොයා ගෙන තිබෙනවා. යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අද පස්වරුවේ එම සිරුර හමුවූ බවයි. යුද හමුදා විශේෂ බලකාය ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ඔහුගේ සිරුර සොයා ගැනුණේ මඩොල්සිම පුංචි ලෝකාන්තයේ පහළ ප්‍රදේශයේ ගලක් මත රැදී තිබියදීයි. යුද හමුදා විශේෂ බලකා භට පිරිස් රැෆ්ලින් කඹ ආධාරයෙන් අද අලුයම ප්‍රපාතයෙන් පහළට බැස මෙම සෝදිසි කිරීම්වල නිතර වුණා. හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසුවේ ගලක් මත රැඳී තිබියදී සිරුර හමුවූ බවයි. දොලොස් දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සමග මෙම සංචාරයට එක්ව සිටියදී අධික මීදුම මධ්‍යයේ මෙම තරුණයා අතුරුදන්වූ බවයි පොලිසියට පැමිණිලි කර තිබුණේ. මිය ගිය දිනුර විජේසුන්දර සිරස ටීවී ආයතනයේ ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ ශිල්පියෙකු ද වුණා. ...
පුංචි ලෝකාන්තයේ දී පුද්ගලයකු අතුරුදන් / සෝදිසි මෙහෙයුම් ඇරඹෙයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පුංචි ලෝකාන්තයේ දී පුද්ගලයකු අතුරුදන් / සෝදිසි මෙහෙයුම් ඇරඹෙයි

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ සංචාරයක නිරත පුද්ගලයකු අතුරුදහන් වී තිබෙනවා මඩොල්සිම පොලිසිය සදහන් කළේ 12 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම සංචාරයට එක්ව ඇති අතර වර්ෂාව හා දැඩි මීදුම හේතුවෙන් ඔවුන් සිය වාහනයට යළි හැරීවිත් තිබූ බවයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ මග්ගොන කලුතර පදිංචි මාධ්‍ය ආයතනයක ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු බවයි හෙළිව ඇත්තේ. මඩොල්සිම , බිබිල සහ ලුනුගල පොලිසි ඒකාබද්ධව අතුරුදන්වූ තැනැත්තා සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා....